2011-12-03

වින්8 පුවත්.....

ජංගම මෙහෙයුම් පද්ධති තරගයේ මුල්ම සාර්ථක තරගකරුවා වූයේ ඇපල් ආයතනය බවට නොරහසකි.ඒ ටැබ්ලටය සමගයි.අනතුරුව ස්මාර්ට් ෆෝර්නයත් සමග ගූගල්ද තරගයට පිවිසුනහ. මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනයද විඩෝස් 8 සමග තරගයට අවතීර්න වෙමින් පවතී
                                                                 
නිල නොවන තොරතුරුවලට අමතරව තවමත් අප අත ඇති එකම තොරතුර වන්නේ වින්ඩෝස්
8 පෙර බීටා සංස්කරනය පමනී. එය රලු නිමවුමක් පමනී. තවත් අතකින් එය සමන් විතවන්නේ x86 සංස්කරනයකින් පමනී. සරල විග්‍රහකිරීමකදී පැවසිය හැක්කේ එය ඩෙස්ක්ටොප් පරිගනකයත්, ලැප් ට්පො පරිගණකයත් , ටැබ්ලට් පරිගණකයත් එකට ගැට ගසන්නට ගත් උත්සාහයක් ලෙස පමනී.
                                                                                  
                                      වින් 8 මෙහෙයුම් පද්ධතිය තම මෙහෙය වන්නා සමග ද්විතීක සබදතා සූදානමකින් යුක්තය. සාම්ප්‍රධායික ඩෙස්ටොප් ආකාරයෙන් මවුසය හා කීබෝර්ඩය සමගත් ස්පර්ශක ප්‍රතිචාර බලාපොරොත්තුවන ටැබ්ලට් ප්‍රමුක මෙට්ට්‍රො මුහුනතක් සමගයි ඒ. මෙට්ට්‍රො මුහුනත මත විසිරුන සජීවී ටයිල් නියෝජනයන් සාම්ප්‍රධායික අයිකනයන් මෙන් නොව වඩා හැකියවකින් යුත් පූර්න සජීවී නියෝජනයන් ලෙස විචාරකයින් පෙන්වා දෙමින් සිටී.
                                          විචාරකයින්ට අනූව දැනට බිහිවී ඇති මෙහෙයුම් පද්ධති සමග සලකන විට වින්
8 යනු වඩාත් විශාල වපසරියක් ආවරනය කරන මෙහෙයුම් පද්ධතියක් වනු ඇත.වින්ඩෝස් ෆෝන් 7 මෙට්‍රෝ මුහුනත වින් 8 මෙට්ට්‍රෝ මුහුනතහි සරල පෙර අත්හදා බැලීමක් ලෙසට සමහරුන් සලකයි. තවකෙකු සටහන් කර තිබුනේ පෙර මෙහෙයුම් පද්ධති තුලට වන "ඝනකම" බොහෝ සෙයින් අඩුකර දමන්නට වින්8 සමග උත්සාහ කර ඇති බවකි. 
                              පැතිරයමින් පවතින නවතම නොනිල ප්‍රවෘතියකින් කියවෙන්නේ වින්ඩෝස් 8 ටැබ්ලට්(ARM) සංස්කරනයේ සාම්ප්‍රධායික ඩෙස්ටොප් මුහුනත අඩංගු නොවන බවකි. ඒසේ වුව හොත් වින්8 ටැබ්ලට්(ARM) භාවිතාකරන්නන්හට මෙට්ට්‍රො මුහුනතට පමනක් සීමා වන්නට සිදුවනු ඇත. එසේම ටැබ්ලට් වෙලදපොලේ X86 මට්ටමේ ටැබ්ලටයන් සමග ආනතුරුදායක තරගයකට එලබෙන්නටත් ARM ටැබ්ලටයන්ට සිදුවනු ඇත.
                                

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...