2011-09-06

අනවසර ඇතුලුවන්නන් පිරිසක් විසින් පසුගිය දිනවලදී නෙදර්ලන්තයේ ආයතනයකින් පැහැර ගන්නා ලද ඩිජිටල් සහතික  ගැන මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස්වල  යාවත්කාලීනයන් ලෙස අහිත කර මෘදුකාංග ස්ථාපනය සදහා සයිබර් අපරාධකරුවන් මෙවා යොදා ගන්නට ඉඩ නැති බවයි.
             මෙම නෙදර්ලන්ත ආයතනය පසුගියදාක ප්‍රකාශකර සිටියේ තම ආයතනය සතුව තිබූ ඩිජිටල් සහිතකපත් 500 අදික ප්‍රමානයක්  පැහැර ගැනීමකට ලක්ව ඇති බවයි.ඔවුන් පවසා සිටියා මින් කිහිපයක්ම මයික්‍රොසොෆ්ට් ආයතනයේ යාවත්කාලීන සේවාවන්ට අදාල ඒවා බව.පසුව මයික්‍රොසොෆ්ට් ආයතනයේ බලධාරීන් ප්‍රකාශකර සිටියේ සයිබර් අපරාධ කරුවන්ට මෙවා භාවිතකරමින් මයික්‍රොසොෆ්ට් හි යාවත්කාලීන සර්වරයන් ගෙන් නිකුත්වන දත්ත ගොනු ලෙස පරිගණක මෙහෙයුම් පද්ධති නොමග යවන්නට නොහැකි වනු ඇති බවත් තම මෙහෙයුම් පද්ධති නිර්ව්‍යාජ යාවත්කාලින දත්ත ගොනු හදුනා ගැනීමේ සදහා භාවිත වන තාක්ශනය මීට වඩා ගැබුරට විහිදෙන බවයි.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...