2011-09-09

වින් 8 වල ආරම්භක වේගය 70% දක්වා ඉහලට.....

වින්ඩෝස් 8 පිලිබදව පැවසෙන අලුත්ම පුවතකින් කියවෙන්නේ වින්ඩෝස් 8 වල ආරම්භක වේගය වින්ඩෝස් 7 වලට සාපේක්ෂව 30%  සිට 70%  දක්වා දියුනු කරන්නට සමත්ව ඇති බවයි. ගතවු කාලය තුලදී කිහිපවතාවක්ම තම මෙහෙයුම් පද්ධතිවල වේගය ඉහල දමන්නට මයික්‍රසොෆ්ට් ආයතනයට හැකිවූවේ භාහිර මෘදුකාංගයක් ඇසුරින්වූ අතර මෙවර එය මෙහෙයුම්පද්ධතියටම අදාලව  සාර්තකත්වය තමන් අත්කර ගන්නට සමත්වූ බවටයි ඔවුන් පවසා සිටින්නේ.
 වරක් මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රකාශකයෙකු වින් 7 ගැන පවසා සිටියේ " වින් 7 වලදී භාවිතාකරන්නාගේ කාර්යවාරය අවසන් කලද කර්නලයේ කාර්ය වාරය අප නිද්‍රාතත්වයට පත්කරනවා (හයිබ්‍රනේට්) ඒ තුලින් අපට හැකිවූවා වින් 7 වලදී එක්ස්.පී වලට සාපේක්ෂව සැහෙන සාර්තකත්වයක් ලබ ගන්නට." වින් 8 වලදී මෙම සාර්තකත්වය වඩා දියුනු කරගන්නට   කෝර් ප්‍රොසෙසර් තාක්ශනය සහය කරගත් බවයි ඔහු පවසා සිටියේ.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...