අන්තර්ජාලය තුල ඔබ යමක් සොයන්නට උවමනා විට ගූගල් සෙයුම් යන්ත්‍රය වෙතට යොමුවීම බොහෝ දෙනෙකුගේ පුරුද්දක් වී ඇතුවා සේය. අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර ප්‍රකට රහසක්වී ඇති ගූගල් සෙයුම් යන්ත්‍රය සියල්ල ආවරනය කරනවා නම් පිලිගැනීම මෙයට හේතුව වන්නට පුලුවන. එහෙත් ඇත්තෙන්ම ගූගල් සෙයුම් යන්ත්‍රය අන්තර්ජාලය තුල ඇති සියලුම තොරතුරු ආවරනය කරනවාද යන්න ගැටලුවකි.
වසර 1990දී පමන ලෝක ව්‍යාප්ත ජාලය ලොවට හදුන්වා දෙන යුගයේදී සෙයුම් යන්ත්‍ර අදට වඩා බෙහෙවින් වෙනස් මුහුනු වරක තිබිනි. උදාහරනයක් ලෙස සලකන විට යාහූ සෙයුම් යන්ත්‍රය "යෙලෝ පේජස්" හි ස්වරූපය ගෙන තිබිනි.ඔබට යමක් සොයන්නට උවමනා වූ විට දත්ත වර්ගීකරනය තුලින් ගොස් හෝ අදාල වචනයක් හෝ වචන කාන්ඩයක් සොයා යාමෙන් අදාල තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබිනි. මෙහිදී ඔබ සොයන්නට යොද ගන්නා දත්තයට අදාල සියලුම තොරතුරු ප්‍රතිඵලය ලෙස ලබා දෙන ස්වාභවයක් තිබිනි. නමුත් ගුගල් සෙයුම් යන්ත්‍රය මේ සියල්ල වෙනස් කරනු ලැබීය.භාවිතා කරන්නන් අතර වැඩි අවධානයක් ගූගල් වෙත යොමු කර ගන්නට සමත්වන මෙම ක්‍රම වේදය වුවේ, ඔබ ඇපල් පරිගනක අලුත් වැඩියා කරන ආයතනයක් සොයන විට ගූගල් යාන්ත්‍රනය කරනුයේ වැඩිම පිරිසක් භාවිතා කරන ඇපල් වර්ගයේ පරිගණක අලුත් වැඩියා කරන්නාගේ වෙබ් අඩවිය ඔබේ සෙයුම් ප්‍රතිඵලවල ඉහලින්ම දැක්වීමයි.
මෙම ප්‍රවනතාවයට හමුවූ ගැටලුව වූවේ වෙබ් අඩවි හිමියන් ඉතාම අතාර්කික ලෙස තම වෙබ් අඩවිය සයිබර් අවකාශය තුල චලනය වීමට සැලැස්වීමයි. හේතු රහිතව හැකිතරම් වෙබ් අඩවි වෙත තම අඩවියේ සබදතා සකස් කිරීමත් සමාජ ජාලාතුල හා සමාන සයිබර් අවකාශයන්තුල තම වෙබ් ලිපින ඇතුලත් කිරීම තුලින් සෙයුම් යන්ත්‍රයන් තුල තම අනන්‍යතාවය ඉහලට ගෙන ඒමට උත්සාහ කරන ලදී.මෙම අභියෝගය ජයගැනීමට ගූගල් සෙයුම් යාන්ත්‍රනය එක්කල නව ක්‍රමවේදවල ප්‍රතිඵලයවූවේ සමහර විටකදී ඔබේ ගූගල් සෙයුම් ප්‍රතිපල ඔබේ සෙවීමට අදල ඒවා නොවීමයි.අනිත් අතින් සමහර සෙයුම් කාරනාවලටම ආවේනික සෙයුම් යන්ත්‍ර බිහිවූ අතර වෙබ් පිරික්සනයන් තුල ඔබේ සෙවීමට උපයෝගී කර ගන්නා දත්ත යාන්ත්‍රන තොරා ගැනීමේ අවස්තාව සලසා දෙන්නට පටන් ගැනිනි. අනිත් අතින් මෙම දත්ත යාන්ත්‍රන පදනම් කරගන්නා මූලාශ්‍ර අතර වෙනසද බලපාන ලදී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...