2011-08-11

තොරතුරු තාක්ශන කෞතුකාගාරය වෙත මා පාසැල්වියේදී දෙවරක් පැමිනියා...........

තොරතුරු තාක්ශන කෞතුකාගාරය වෙත මා පාසැල්වියේදී දෙවරක් පැමිනියා මතකය. සරසවියේ පලමු වසරේදී විශය පථය බේදයකින් තොරව තොරතුරු තාක්ශන ඉතිහාස විෂය අනිවාර්ය වූයේ 2028 වසර අවසානයේ සිට බවයි සටහන් ව ඇත්තේ.2015 වන විට ලෝකය පුරා එතෙක් පැවති ත්‍රස්තවාදී ගැටලු, ආර්ථික ගැටලුවල  උච්ච අවස්තාවට පත්වීමත් පරිසර පද්ධති වලට මිනිසා අසීමිත අතපෙවීමේ අවසාන ප්‍රථිපලයවූ බරපතල ස්වාභාවික ව්‍යසනවල  ආදී සියල්ලේම හේතුවෙන් ලෝකය පුරා පැතිර ගිය  විශාල කඩා වැටීම අවසානයේ නව පෘතුවි සංස්කෘතියක් ඇරබුන බවත් එහි පදනමවූයේ මහා කඩා වැටීමට පෙර ලෝකයේ පැවති සාර්තකම අන්තර්ජාතික ආකෘතිය වූ ලෝක ව්‍යාප්ත ජාලය බවත් තොරතුරු කෞතුකාගාරයේ දෙවන ප්‍රධාන  දොර‍ටුවට ඉහලින් රන්වන් අකුරින් සටහන් කර ඇත්තේ මහත් ගෞරවනීය ආකාරයෙනි.හදුන්වාදෙන දේශනයකදී ආරධිත දේශකතුමා මද සිනාවක් සමග පවසා සිටියේ "ඒකාලේ හිටපු දේශපාලකයින් ඇතුලු බොහෝ අයට හැකිවුනා ඒ වන විට ලෝකය පුරා පැවති පූජනීය බොහෝදේ කිසිම කරුනාවකින් තොරව ඊලග මොහොතේ පැවැත්ම වෙනුවෙන් යලි ගොඩ නගන්නට බැරි විදිහට විනාශ කරන්නට. නමුත් අපේ වාසනාවකට "ලෝක ව්‍යාප්ත ජාලය" ඔවුන්ගේ දරුනු මට්ටමේ අත පෙවීමකින් ගැලවී තිබුනා"

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...