2011-06-03

ඔවුන් දැන් පහරදෙන්නේ පෙරසේ නොව ඔබව තනි තනිව හදාරමින්ය...........

ඔවුන් දැන් පහරදෙන්නේ පෙරසේ නොව ඔබව තනි තනිව හදාරමින්ය. මින් පෙර මෙම ක්‍රම වේදය විශාල ආයතනවල පරිගනක පද්ධතිවලට පහර දෙන්නට යොදා ගත් බව සමහර විට ඔබට මතක තිබෙන්නට පුලුවන.
     ඔවුන් මයික්‍රසොෆ්ට් ප්‍රොටොකෝලයක් මගින් ඔබ භාවිතා කරනු ලබන ආරක්ශක මෘදුකාංගය හදුනා ගනී. අනතුරුව ඔවුන් අදාල මෘදුකාංගයට එරෙහි පහරදීමේ ක්‍රමලේඛනයක් ගොඩ නගයි. මෙම ක්‍රමලේඛනයේ විස්වාසනීය බව තහවුරුකර ගැනිම සදහා එකී ආරක්ශක මෘදුකාංගයට එරෙහිව අත්හදා බැලීමකින්ද අනතුරුව  ක්‍රියාන්විතයට පිවිසේ. ඔවුන් ඔබසදහා මහත් ආකර්ශනීය ඊමේල පනිවිඩයක් ගොඩ නගනු ඇත. බොහෝ විට එම ඊ මේලය විවෘත කරන්නට පෙලබවන හෝ එහි ඇති සබදතාවයක් පනගන්වන්නට ඔබ පොලබවන තරමේ එකක් වනු ඇත. ඔබ වැනි බොහෝ අය එම වර්ගයේ ඊමේලයන් විවෘත කර ඇත. ඔවුන්ගේ ක්‍රියාන්විතය සාර්තකය. මින් පසුව පරිගනකය මෙහෙය වීමේ සැබැ බලය ඔවුන් අතට ගොස් ඇත. ඔබ එය ‍රැක බලාගන්නා පුද්ගලයා  බවට පමනක් පත්වී ඇත.
    

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...