2014-10-09

ජීවිතයේ සමහර වැදගත්ම හමුවීම් එන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (24)

     "මම හිතනවා මා ඔබට කරදරයක් නොවෙයි කියලා, මම් හරිනේද?" සුපුරුදු ටිබෙටියානු මිතුරා අසලට එන තෙක්ම නොහැගිනි.  "අසුන් ගන්න අවසරද?" එය අවශ්‍ය අවසරයක් නොව්න බව ඔහු නොදන්නවාම නොවුනද මා කවදත් ප්‍රිය කල ආචාර ශීලීබව ඔහු සමග තවමත් එලසමය. "ගබඩා භාරකාරතුමා ඔබගේ පැමනීම දැනුම් දුන් මොහොතේම මට හිතුනා පැමින හමුවීම හොඳයි කියලා. ඉතින් .. කියන්න විස්තර..." ඔහුට අවශ්‍යවන්නේ  අප හමු නොවී ගතව ගිය වසර කිහිපයතුල මා  වෙත වඩාත් වැදගත්වූ තොරතුරු  දැන ගන්නට විය යුතුය. මාගේ පමාවෙන් ඔහු නැවතත් දොඩමලු වන්නට විය. "ඔබ අවසන් වරට ගියාට පසුව මම වසරක් විතර  ටිබෙට් වල ගතකරලා ආපසු ආවා. වඩාත් අපූරු හෑම හැන්දෑවක වාගේම උදාසනකම ඔබව මතක්වූ බව කියන්නට ඔනෑම නැහැනේ? මට මතක විදිහට දෙතුන් පාරකට වඩා තනියම බටහිර බෑවුමේ ගංගාව පැත්තේනම් ගියේ නැහැ. මම හිතන්නේ අපිට ඉක්මනින් ඒ පැත්තේ ඇවිදින්නට යන්නට පුලුවන් වේවි." 
               මාගේ වෛද්‍ය මිතුරිය පිලිබද තොරතුරු ඔහු වෙතට පවසන්නට අවශ්‍ය බව හැගුනි. මම අවසන් වරට සේවය කල අධ්‍යාන ආයතනය  ගැන මද තොරතුරු සමග ඊට පෙර මා සිටි එම කුඩා නගරය, අවන්හල , අපූරු කඳු යාය පිලිබදව විස්තර කර අවසානයේ ඇය පිලිබදව සඳහන් කරන්නට පටන් ගති. ඒය ජීවිතයේ සිදුවූ අපූරුතම හමුවීමක් බව පවසන්නට විතරක් නොව බලාපොරොත්තු වූවාට වඩා වැදගත් වෙමින් ජීවිතය වෙතට දැනෙන හමුවීමක් වෙමින් තිබෙන බවද පවසන්නට අවශ්‍ය විය. නිහඬව සවන් දීම සමග ඔහු ඒ පිලිබදව ගැබුරින් තේරුම් ගන්නට උත්සාහ කරන බවක් මට හැගීමද සහනයකි. "ජීවිතයේ සමහර වැදගත්ම හමුවීම් එන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු ආකාරයට වීම හරිම අපූරු අත්දැකීමක්. සමහර ඒවා කුනාටූන් වගේ ජීවිතය කලබන හැටි මම නොදන්නවාම නොවේ. කෝකටත් ඔබ මෙහි පැමිනීම හොද තීරනයක් වේවි. මදක් නතරව ඒ අතීතය ගැන විමසා යලිත් නතරවූ තැන සිට යායුතු දිසාව ගැන තීර්නයක් ගැනීම වඩාත් හොඳ වේවි". සැබ වින්ම ඔහු දර්ශනය පිලිබද ආචාර උපාධියක් ලබා සිටීම හුදු හැදෑරීම් පිලිබදවම කාරනාවක් නොවන බව පැහැදිලිය. උපතින්ම එයට සුදුසු ස්වභාවයන් ‍රැගෙන ආවෙක් බව මට හැගේ.
                                                                                                                                   Pubudu Siriwansa

"ඒ බව" හැර අදාල දෘඩාංගයන් දියව ගොස් ඇත.

   අපි මේ වන විට තේරුම් ගනිමින් සිටිනවා තව දුරටත් රූපවාහිනිය, ගුවන්විදුලිය, පරිගණකය වගේ නිශ්චිත භෞතික උපාංගයකට බැදුනු ක්‍රියාකාරීත්වයන් ඒ ආකාරයටම තේරුම් ගන්නට උත්සාහ කිරීම අවලංගු වෙමින් පවතින බව. ඒවා ව්ම නිශ්චිත උපාංග වලින් මිදිලා පාවෙන ස්වභාවයක් අරගෙන තිබෙනවා. මම හිතනවා වඩාත් පහසු වේවි මෙම තත්වය "රූපවාහිනී බව, ගුවන්විදිලි බව නැතිනම් පරිගණක බව" වගේ නිශ්චිත ක්‍රියාකාරකමක නමින් තේරුම් ගන්නට උත්සාහ කලොත් කියලා. විශේෂයෙන් පරිගණක බව මේ පෙරලියේ නියමුවා බවටයි අපට පිලිගන්නට වෙන්නේ. "ස්මාර්ට් ශීත කරනයේ" අභන්තරයේ ක්‍රියාත්මක වන පරිගණක බව මුලුතැන් ගෙයෙහි අඩුපාඩු ස්වංක්‍රීයව ඔබේ වෙළඳ සැල වෙතට වර්ථාකරමින් නිවසේ ඉදිලි දොර‍ටුව වෙතට ගෙන්වා ගන්නා විට එම ශීත කරනයේම දොරෙහි වන තිරය අලුත්ම ආහාරන පිසින ආකාර දැක්වෙන මෙනු වලින් පමනක් නොවේයි උදාහරන වීඩියෝ වලින්ද සමන්විතව  ඔබට සහය වන්නට සූදානම් වෙනවා. ඒවිතරක් නොවෙයි මේ අතර විකාශනය වෙමින් ඇති රූපවාහිනි විශේෂ පුවතක් නැතිනම් ඔබ ප්‍රිය කරන ටෙලි නාට්‍යයයක කොටසක් දැන් නරබනවාද නැතිනම් පසුව නරබනවාද කියා ඔබට තීර්නය කරන්නට සහයවෙමින් අවශ්‍ය නම් දෘශ්‍ය අවධානය අනවශ්‍ය ගුවන් විදුලි වැඩසටහන නම් අසන්නට සලසන්නට සූදානම්ව පැමින තිබෙනවා. 
                 අපි මේ වන විට පැහැදිලිව හඳුනා ගනිමින් සිටිනවා තිරය තවදුරටත් එහි රස වින්දනය පාලනය කරන සාධකයන් වන්නට නොහැකිව තිබෙන වග. ස්මාර්ට් දුරකථනයේ තිරයේ සිට ටැබ් උපාංගයේ, ලැප් ටොප් උපාංගයේ නැතිනම් නිවසේ ප්‍රධාන තිරය වන රූපවාහිනියේ තිරය දක්වා වන ඔනෑම තේරීමකට අවශ්‍ය නම්‍යතාවය තාක්ශනය විසින් විවිධ වෙළඳ නාම යටතේ පැමිනෙමින් තිබෙනවා. විවිධ සේවාවල් විසින් සජීවී රූපවාහිනි වැඩසටහන් වේලාවල් අනූව ඔබ හැසිරිය යුතුද නැතිනම් දවසේ පහසු වෙලාවල් වලට නැරබීමට අවශය ආකාරයට පහසුකම් ගෙනෙන්නට සූදානම්ව සිටිනවා. අමතක කරන්නට එපා මුද්‍රිත මාධ්‍ය වලට ප්‍රිය කිරීම අපේ සාම්ප්‍රධායික පුරුද්දක් මිස අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බවට තාක්ශනය යෝජනා කිරීමම ටිකක් පරන කාරනාවක් වීම පැහැදිලි තත්වයක් බව.
                                                                                                                                Pubudu Siriwansa

2014-10-08

"කියවිය යුතු වැදගත්ම පොතනම් "මම" නම් වන පොතමය වන්නේය."(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (23)

  "මම හිතන්නේ ඔබ තුමා දවසේ සැදෑ හමුවට එන්නේ නැතුවා වාගෙයි?" ගබඩා භාරකාර තුමාගේ හඬයි. වැඩිකලබලයකට පත් නොකට කෙටි දැනුම් දීමකින් පමනක් සෑහී ඔහු අහම්ශාලාව දෙසට ඉක්මන් ගමනින් යනු පෙනේ. සෑම සැදෑවකම ආශ්‍රමයේ සියලු දෙනාම බොහෝ දුරට සැදෑහමුවට පැමිනෙනු සුලුය. මෙහි පවතින බොහෝ ක්‍රියාකාරකම් නීති රීතීන් නොවන්නේය. කිසිවෙකුට බල නොකිරීම කැපී පෙනෙයි. එනමුත් පැමිනෙන අමුත්තන් බොහෝමයක් විටම පාහේ ඒ රටාවන් වෙතට ඉබේම වාගේ අනුගතව හැසිරෙනු දැකිය හැකිය. අවසාන වශයෙන් ඒවාට බාදා නොකර සිටින්නට තරම් වත් ඔවුනට අවශ්‍යවේ. ආගන්තුක කුටිවල සිට ආශ්‍රම කුටියකට පිවිසෙන විටම අවිංඤානිකවම ඒ රිද්මයට එක්වන බවක් දැනෙන්නට පටන් ගනී.
                                පොත්ගුල්, බරපතල දහම් කරුනු කටපාඩම් වලට බල කීරීම් නැති මෙහි කියවීමට ඇහි වැදගත්ම පොත "මම" බවට යෝජනා කරයි. ඉතා ප්‍රාතමික මට්ටමේදී වඩාත් සරල "මම"ක් සදහා පිවිසෙන්නට යෝජනා වීම මෙහි ස්වභාවයයි. බරපතල වියතුන්, විශාල ව්‍යාපාරහිමි ධනවතුන් මහත් බරපතල ගමන් විලාසයන්, මුහුනු වරයන් සමග මෙහි එන මුත් අවසානයේ පිටව යන්නේ ඉමහත් සැහැල්ලුවක් ජීවිතයට එක් කරගෙන බව මද විමසිල්ලෙන් සිටියෙකුට පවා මනාව වටහා ගත හැකි කාරනාවකි."කියවිය යුතු වැදගත්ම පොතනම් "මම" නම් වන පොතමය වන්නේය". කාර්යාලයේ පිවිසුම් දොර‍ටුවට ඉහලින් මනාව පෙනෙන ලෙසට සටහන් කොට ඇත්තේ මෙහි ප්‍රධාන තේමාව ඒ නිසා වියයුතුය වැනි හැගීමක් නිතැතින් සිතට කැදවයි. ක්‍රමයෙන් දහම සමග පුරුදු කරන්නා ආශ්‍රම කඳුවැටියේ ඉහල කුටියක් කරා යන්නට වරම් ලැබෙන අතර එය ඉතා තර්කානු කූල කටයුත්තක්ද වන්නේ වඩාත් නිවුනු කෙනෙකුට හැරෙන්නට එවන් හුදකලාවක් සමග සහනශීලීව කටයුතු කිරීම විටක මහත් අපහසුවක්ද ගෙනෙන්නට ඉඩ ඇති බැවිනි.
                                                                                                                                    Pubudu Siriwansa

2014-10-07

"ඔබ මගේ විසිරීතිබූ මනස එක්තැන්කල කාචයක් කියලා කිව්වොත් හරියි මම හිතන්නේ".(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (22)

  පැමිනෙන අඩ අඳුර විසල් රුක්ෂයන්ගේ පත්‍රවල යට පස අදුරින් වසාලන මොහොත සැදෑවක අපූරත්වයේ උපරිමය ලෙසට මට දැනේ. පසුබිමින් පෙනෙන සැදෑ හිරු කෙමි වලින් දිලෙන වලාකුලු පොදි මෙන්ම ඈතින් යාන්තමට දිලෙන ගම්මාන කඳුවැටිය මේ විසිතුරු බව වඩාත් ඔපවත් කරන්නාක් බදුය. තැනින් තැන් වන නිවෙස් වල දැල්වෙන පහන් සිලු මේ අපූරත්වය වඩාත් වර්නවත් කරන්නේය. පමාවී කැදලිකරා පියා සලන පක්ෂීන් ‍රැන් මේ සිත්තමට අවසන් පින්සල් සටහන් තබනවා වැනිය.
                                 "අපේ මිත්‍රවයේ සංශිප්තයක් මට කියන්න පුලුවන්ද?" වරක් සෑදෑකදී අවන්හලේදී ඇය විමසා සිටියාය. ප්‍රකට බටහිර පියානෝ වාදකයෙකුගේ ඉතා සෙමින් ගලායන ස්වර සංකලනයන් ගෙන් අවන්හල කන්කලුවද තිබිනි. "ඔබ මගේ විසිරීතිබූ මනස එක්තැන්කල කාචයක් කියලා කිව්වොත් හරියි මම හිතන්නේ". එය සැබෑවකි. ඊට පෙර වසර ගනනාවක් තිස්සේ මාකල කිසිදු දේශනයකදී අත්පත්කර ගත නොහැකි මට්ටමේ විෂය කෙරෙහි නාභිගත වීමක් මටම දැනෙමින් තිබිනි. "දැනෙමින් තිබූ මනසේ අඩු කොටසක් ඔබ නැවත සොයා දුන්නා වගේ හැගීමක් මට දැනෙනවා වගෙයි" කියා කියන්නට මට අවශ්‍ය වුවද එය සීමාව ඉක්මවා යාමක් ලෙසට දැනෙනු ඇතැයි මනසට හැගිනි. වරක් ටිබෙටියානු මිතුරා මිත්‍රත්වය ගැන කල අපූර්ව සටහනක් මතකයට පිවිසේ. " දන්නවද, කවුරු හරි මිනිස්සු මවන එක්කෙනා තමන් මවන මිනිස්සුන්ගේ මනසවල් වල කුඩා කොටස් හරිම  නපුරු විදිහට වෙන් කරලා වෙනත් මිනිසෙකුගේ මනසට එකතු කරලා දානවලු. කලාතුරකින් හරි අපිට සමහර මිතුරන් හමුවුනාම ජීවිතය නැවත හමුවුනා වගේ සතුටක් දැනෙන්නේ ඒ නිසාලු" විසුලු සහගත ප්‍රබන්ධයක් ලෙසින් පැවසූවද එහි බරපතල ආකාරයේ අරුතක් ඇතැයි අද මට විස්වාසයක් නැගේ.
                                                                                                                                    Pubudu Siriwansa

"ප්‍රියයන්ගේ හමුවිම් ඉමහත් ප්‍රිය ජනක අත්දැකීමකි" ලෙසටය ඒ. (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (21)

  කෙමෙන් මීදුම් සළු කඳුවැටිය මතට පැමිනෙමින් තැනින් තැන නෙත් මානයෙන් දුරස් කරන්නට තැත් කරනවා වැනිය. මෙවන් අපූරු සෑදවන් කොතරම් පෙර කී මිතුරිය සමග ගෙවී ගොස් ඇත්දෑයි මතකයට මානනය කර ගත නොහැකි තරම්ය. ලොව නෙක විෂයන් කොතරම් ප්‍රමානයක් මත්තේ අප දෙබසින් ඇවිද ගොස් ඇත්දැයි ගනනය කර ගත නොහැකි තරම්ය. වෛද්‍ය විද්‍යාව ඇගේ ප්‍රියතම විෂය විය. කලාව, දර්ශනය වැනි නෙක විසිතුරු මාතෘකාද අපට ආගන්තුක නොවීය. අධික සීතල සැදෑවල් වලදී අප කුඩා ගිනිමැලයක් අවුලවා ගන්නට කටයුතු කරයි. එම නගරයේ පාලන යාන්ත්‍රනය විසින්ම එම පෙදෙසට පැමිනෙන අමුත්තන් සදහා එම පහසුකම් සූදානම් කර තබන්නට කටයුතු කර තිබිනි. 
                     ජීවවිද්‍යාව කවදත් මා ප්‍රිය කල විෂයක වූවාය. නෙක ජීව රටා ක්‍රියාත්මක වන යුරු නිරීක්ශනාත්මකව බලාසිටීම විසිතුරු අත්දැකීමක්ව පැවතින. නෙක ආකාරයේ ජීව කාන්ඩ වන යුරු. ඒවායේ පදනම්. සමහර සුවිශේෂී කොටස් වල වන අපූර්ව ලක්ෂන වැනි විසිතුරු තොරතුරු ඇය වෙතින් ගලාන එන්නේ වඩාත් සිත්ගන්නා ගැලපුම් උදාහරනද සමගිනි. ක්ශනයකින් නාට්‍ය වෙදිකාවට පිවිසේ. අපූර්ව නාටකරුවන්ගේ ආවේනික නාට්‍ය වින්‍යාසයන්, මෙන්ම ඒවා අප තුල ඇති කරන නෙක පැහැ ගත් හැගීම්....  නිම නොවන චාරිකාවක් බඳු මතකයකි එය. එය විසිතුරු මිනිසුන් දෙදෙනෙකුගේ එකි නෙන හමුවීමකි. විෂයන් මත අපහසුවෙන් හිඳිමින් නොව ඒවාට මදක් ඉහලින් වන නිදහස් තලයක සිට ඒවා දෙස බලා සිටින්නට, නැවත නැවත ඒවා විමසන්නට තැත්කිරීම  මහත් ආශ්වාද ජනක අත්දැකීමකි.  අපගේ හමුව විමසන්නට දින සටහනෙහි දිනක් සදහා වෙන් කර ඇති ඉඩ ප්‍රමානය ප්‍රමානාත්මක නොවිනි. හෙට දිනයට ඇති ඉඩකඩ ඒ සදහා භාවිතාකිරීම හෙට දිනයට කරන අසාධාරනයක් වනු ඇති බවට මට සිතිනි. ඉතා අපහසුවෙන් වදන් කිහිපයකට ඒවා ගොනු කෙරුවෙමි. "ප්‍රියයන්ගේ හමුවිම් ඉමහත් ප්‍රිය ජනක අත්දැකීමකි" ලෙසටය ඒ.
                                                                                                                                    Pubudu Siriwansa

නොදන්නා දැනුම කියන අනන්ත මුහුද අද්දරක වෙරලේ වැලිබත් උයමින් ඉන්න කුඩා දරුව්න්...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (20)

    "අපි ප්‍රායෝගිව දන්නවා පිටසක්වල වගේ වදන් භාවිතාවන් අපට ගෙනෙන්නේ අද්භූත අර්ථයන්. මුහුන මැද්දේ ඇසක් තියෙන මිනිසුන් වගේ සංකල්ප තුල තමා මේවා තේරුම් ගන්නට උත්සාහ කරන්නේ. මම් මේවා දකින්න කැමතියි ටිකක් වෙනස් විදිහකට. අපේ දෛනික ජීවිතය විසින් අවදිනොකරගෙන සිටිනා වෙනස් ආකාරයේ හැකියා රටාවන් අපිතුලම තියෙනවා වන්නට පුලුවන්. හරියට දෛනික ජීවිතයට අදාල නොවන ඇල්ගෝරිතම් වගේ දෙවල් කියලා අපි මේ බව තේරුම් ගම්මු. හොඳයි මම මේ විදිහට යෝජනා කරන්නම් මීට වසර දහස් ගනනකට එහා පැත්තේ මිනිසුන්ට පරිගණකයක් නිපදවාගැනීමේ හැකියාව නොතිබුනාමද නැතිනම් අවදි නොවී තිබුනාද වගෙ ප්‍රශ්නයක් මෙම නගන්නම්..."  එම දේශකයාට අවශ්‍යව තිබුනේ මෙවන් අපූරු හැකියාවන් වඩාත් අද්භූත කරනවාට වඩා ප්‍රායෝගික බව ඔප්පුකර සිටින්නටය. ඔහු අවසාන වශයෙන් විසිතුරු බුද්ධිතර්ජනයකට පිවිසුනේය. "ඔබ හිතන්න එපා අප මහා බලවතුන් කියලා. මේ පෘතුවිය මත තියෙන මූලද්‍රව්‍ය කිහිපයක් වෙනස්  කර ගන්නට හැකිවුනාට, අප අවට වන සජීවිව්ව් අජීවී ලෝකය මදක් පාලනය කර ගන්නට පුලුවන් උනාට අපි තවම ජීවත් වන්නේ නොදන්නා කම රජයන දේවල් වලින් පිරුන වට පිටාවක බව. සොබා දහමේ තියෙන බොහොමයක් බලවේගයන් හමුවේ අපි තවම අන්ත අසරනයි. අපි භාවිතකරමින් ඉන්නට විද්‍යාවන් බොහොමයක් තුල තියෙන්නේ තවමත් අපේ උත්සාහයන් ඉදිරියේ වලංගුව පවතින ගොඩ  නගා ගැනීම් මිස අන් කවරක් වත් නොවෙයි. වරක් මහා විද්වතෙක් පැවසූ අපූරු කියමනකින් මගේ මේ වාචික සටහන අවසන් කරන්නට කැමතියි. ඒනම් අපි තවමත් නොදන්නා දැනුම කියන අනන්ත මුහුද අද්දරක වෙරලේ වැලිබත් උයමින් ඉන්න කුඩා දරුව්න් පිරිසක් පමනයි."
                                                                                                                                    Pubudu Siriwansa

2014-10-06

සමහර විටක ඔවුනට ඈත තරු කැට අතරවන යම් ජීවයක් සමග (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (19)

  එය ආලෝකයෙන් පිරුනු වර්ණවත් සැදෑවක්ව තිබින.  ආශ්‍රම කඳු මුදුනත සිපගනිමින් බටහිර අහස් අනන්තයෙන් ගලා එන හිරු කෙමි ගම්මාන කඳු වලල්ලේ බටහිර බෑවුම වර්නවත් කරමින්  සිටී. දවසේ මෙහෙවර අවසන් කරන ගම් වැසියන් තම ගොවිබිම් වලින් නිවෙස් කරා ගමන් අරබන සෑදෑව පැමින ඇත. සක්මන් මලුවට ඔබ්බෙන් වන කුඩා දෑව අසුන මේ අසිරිමත් සෑදෑව විඳගන්නට එන්නටැයි ආරාධනා කරනවා වැනිය. "ට්‍රාන්සිස්ටර් එකක අභ්‍යන්තරයේ ඉලෙක්ට්‍රොනික හැසිරීම සෑබෑවටම සිදුවනු අයුතු තවමත් රහසක්. අපි ඒ හැසිරීම් රටාව පිලිබදව නිර්මානය කරගත් ආකෘතියක් විස්වාස කරමින් සාර්ථකව භාවිතා කරමින් සිටිනවා. ආලෝක තන්තු වැනි බොහෝ විස්මිත පහසුවක් අපගේ මිනිස් සංස්කෘතියට ගෙන ආකෘතීන් තවම ඇත්තේ සාර්ථක උපකල්පනයන් මතය. සමහර විටක මේවා පිට සක්වලකින් වැනි බාහිර දැනුම් ප්‍රභවයකින් කාන්දුවී පැමිනි දැනූම් විය හැක.." වරක් අප අධ්‍යාන ආයතනයකට පැමිනි විද්වත් මතවාදියෙකු ගෙන ආ අදහසක් සිහිපත් වේ. සමහර විටක මෙම ගම් වැසියන් තරුකැට පිරුනු අහස් කුසට මෙතරම් ප්‍රිය කරන්නේ ඔවුනගේ  සරල මුත් ශක්තිමත් සංස්කෘතිය කරා යම් යම් දෑ මිනිස් මානයට ඔබ්බෙන් වන වෙනත් ජීවයකින් පැමිනෙනවා නිසා වියහැකිය. එම සබඳතා හැකියාව මෙන්ම එම දැනුම පරම්පරාවෙන් පරම්පරවට හොඳින් තවමත් ගලා ගෙන යනවා නිසා විය හැක. කලාතුරකින් මුත් නගරය වෙතට ගොස් පැමිනෙන්නන් ගෙන් වුවද තම සංස්කෘතිය අපිරිසිදු නොකරෙන්නේ හරිම අපූරු විස්මිත ආකාරයට බව ගබඩා භාරකාර තුමා වරක් පැහැදිලි කර සිටියා මතකය. සමහර විටක ඔවුනට ඈත තරු කැට අතරවන යම් ජීවයක් සමග තවමත් අප නොදන්නා ආකාරයේ සබද තාවයක් වනවා විය හැක. විටක ඔවුන්ද නොදන්නා ආකාරයට මිනිස් මනසේ ‍රැදුනු යම් ක්‍රම වේදයක් ඔස්සේ එම තොරතුරු හුවමාරුවට පුරුදුව සිටිනවාද විය හැක.
                                                                                                                           Pubudu Siriwansa

ඔබ දහම් විවේකයක් ගෙන ඒ දිසාවටම නැවත යායුතුයි....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (18)

   සමහර විටක ඔබ සිතාගෙන සිටිනා ආකාරය වැරදි විය හැක. ලොකු ස්වාමීන් වහන්සේ  මහන දිවියට පැමින ඇත්තේ ජීවිතයෙන් පලායමින් නොවේය යන්න සත්‍යකි. යුරෝපියානු ප්‍රකට සරසවියක දර්ශනය පිලිබදව මහාචාර්යවරයෙකු ලෙසට කර ඇති ඔහු  අතීතයේ සිට අද දක්වා වූ නෙක ආකාරයේ ලොව පිලිබදව අරුත් ගැන්වූ දර්ශනයන් අතර සරමින් සිටින අතර දහම පිලිබදව වැඩි දුර සොයන්නට පෙලබ ඇත. "වඩාත් සතුටින් පිරි ජීවිතයක් සොයා මම මෙහි පැමිනියෙමි" ඒ උන් වහන්සේගේම වචනය. "ඒ තීර්නය නිවැරදි බව අද මට ප්‍රත්‍යක්ශය" ඒ ද උන්වහන්සේගෙම වචනය. 
                 මට කියන්න ඔබ සිත තුල වන ඇය ගැන මතකයන්. සැත්කම් පිලිබදව ප්‍රවීන වෛද්‍ය වරයෙක් සියුම් සැත්කමකට පිවිසෙන්නා සේය. "මට කියන්න ඔබ බැදුනේ ඇයගේ රූ සිරියටද, නැතිනම් කටහඬටද සමහර වෙලාව ඇගේ ගමන් විලා සයක් වැනි දෙයකට". උන්වහන්සේ "ජීවිත" විරෝධී බවක් කවර දාකවත් තම දෙබස් අතරට ගෙනෙන්නේ නැත. මනෝ විද්‍යාව පිලිබදව වූ දැනුමින් ද මෙහෙය වෙමින් අනකාගේ සිත ගසා වසා දමනවා වෙනුවට සියුම් ලෙසට බැදීම මතූකර ගන්නටත් එය විමසා බලන්නට සැත්කම් මෙසය මතට  ගෙන දමන්න්ටත් දක්ශ වන්නේය. පැහැදිලි කර දෙන මුත් තීර්න ගැනීමේ අයිතිය අනෙකාට දෙන්නට හැම විටම උන් වහන්සේ කටයුතු කරයි. 
                       සමහර සති අන්තවලදී එම කුඩා නගරය අවසානයේ වන විශාල ගොවිපොලට සිමා වෙමින් නැගී සිටින උසැති කඳු පන්තිය තරනය කරන්නට අප ගිය ගමන් වැනි විවිධ දෑ මා උන්වහන්සේ වෙතට පැහැදිලි කරන්න්ට උත්සාහ කලෙමි. අප අතර නෙක විෂයන් පිලිබදව වූ දොඩමලුවීම් පැහැදිලි කලෙමි. ඇයගේ අපූර්ව වාග් විලාශය, එම දැනුම ගැන වන යහපත් දැක්ම මට ගැගුන ආකාරය, විටක හෝරා ගනන් අනෙකාට සවන් දෙන්නට වන  ශාන්තිමත් මනස මම පැහැදිලි කෙරුවෙමි. "මහත්මයා ඔබ කැමති කාලයක් වන දහම් විවෙකයක් ගෙන ආපසු ඒ දිසාවට නැවත යායුතුයි. සමහර විටක පමනක් ඔබතුමා නැවත මෙහි එන්නට තීර්නය කරාවි. ඔබ හොඳින්ම දන්නවා ඔනෑම මොහොතක මෙහි දොර ඔබ වෙතට විවෘතව ඇති බව" පලමු හමුවට විරාමයක් කැදවිය යුතු බව හගවමින් උන් සහන්සේ පැහැදිලි කර සිටියාය.
                                                                                                                                   Pubudu Siriwansa

2014-10-05

හමුවූ වෛද්‍ය මිතුරිය පිලිබද මතකය...... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (17)

  ඔබ ආශ්‍රමය වෙත එන්නේනම් මෙහිදී දෙනෙත් සගල ඔස්සේ දිව්‍ය රස විඳින්නට හැකි අවස්ථා දෙකක් බොහෝ විට සැම දිනකදීම හමුවනු ඇත. ඒ උදා හිරු පැමිනෙන මොහොතේදීත් දවස නිමා කර හිරුබටහිර බෑවුමේ සැහව ගන්නා මොහොතේදීත්ය. දෙසවනටද මේ සොඳුරු බව පැමිනෙන්නේ ප්‍රබෝධමත්වන සියතුන්ගේ මිහිරි හඬ සමගිනි. "තපස ඔබ සිතනා තරම් ඒකාකාරී එකක් නොවේ. අධි උත්තේජ ජනක මත්තේ පමනක් ඔබගේ රස වින්දනය නො‍රැදෙන්නේ නම්, සරල සියුම් සොබා දහමේ අසිරිමත් බවින් ඔබට ගැලවෙන්නටද පහසු නොවනු ඇත. මිහිදුම් සලු එතුන කඳු වැටි, විටෙන් විට සප්‍රානික වන දිය ඇලි රටා වල සිට සුවදැති නෙත්කලු වන පුෂ්ප වැනි නෙක විසිතුරු වලින් මෙහි අඩුවක් නොමැත." වරක් අධ්‍යාන ආයතනයක සඟරාවකට මා සම්පාදනය කරන ලද ලිපියක සටහන් කොට සිටියා මතකය.
                                                     මෙම ජීවිතයේ මට හමුවූ අපූරුතම මිනිසෙකු හමුවීමට ලහි ලහියේ සූදානම් විනි. ගබඩාබාර කරුගේද අවසරය ගෙන ලොකුස්වාමීන් වහන්සේ වැඩ සිටින කුටිය වෙතට ගියෙමි. වැඳ නමස්කාර කොට  පසකින් අසුන් ගන්නා තෙක් අවධානයෙන් සිටි උන්වහන්සේ " ඔබතුමාගේ නැවත පැමිනීම අපට සතුටක්, මම කැමතියි පසුගිය කාලය ගෙවී ගිය හැටි කෙටියෙන් දැන ගන්නට." මද සිනාවක් සමගකල ආරාධනාව හැකි පමනින් සම්පූර්නව එහෙත් කෙටියෙන් ඉ‍ටු කරන්නට මම පටන් ගති. හමුවූ වෛද්‍ය මිතුරිය පිලිබද මතකය වසර ගනනාවක් සමග උවත් අමතකව ගොස් නැතිවීම පිලිබදව මාතුලම විමතියක් දැනෙන්නට විය. වෙඳනාකාරී සමුගැනීමක් ලෙසට එම සිදුවීම සගවා ගන්නට උන්වහන්සේ වෙතින් නොහැකිවිය. 
                                                                                                                                     Pubudu Siriwansa

2014-10-03

"සක්මන් මලුව අපූරු උපකරනයකි"(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... 16)

   මෙතෙක් කල් මා මිහිමත කල ජීවිත සක්මනේදී අපූරුතම දෑ කිහිපයක් හමුවී ඇත්තේය. තොරතුරු තාක්ශනය ඉන් එකකි. මා ජීවිත වරම් ලැබූ කාල වකවානුවෙහි එහි වැසියන්ගේ ජීවිත වඩාත් ප්‍රමෝදයට පත්කල විෂය එය යැයි මම සිතමි. අනෙක නම් සක්මන් මලුවයි. "මම" තුනී කර ගන්නට පමනක් නොව බුද්ධි අවකාශයෙහි  නිදහසේ සරන්නටත්, නිර්මාන අවකාශයෙහි අපූරුදෑ සොයා බලා ගන්නටත් එය මහත් සහයක් ගෙනන සුලුය. බොහෝ විට ආගන්තුක අධ්‍යානයකට පැමිනි විගස නෙවාසිකාගාරය ලත් සැනින් සොයා බලන්නේ ඒ අවට ඇති ඔබ මොබ සක්මනට සුදුසු කුඩා බිම් තීරයකි. දේශනයකට පෙර අවසාන සූදානම ‍රැගෙන එන්නේ ඒ මත කෙරෙන සක්මනක් සමගිනි. ආගන්තුක කුටියට ඉදිරියෙන් වන සුදුවැලි වැතිරූ සක්මන් මලුව සුපුරුදු සූදානමින් සිටින්නාක් වැනිය. 
                                 එහි කිසිදු වෙනසක් සිදුවී නැතිය. එහෙත් මහත් නැවුම් බවක් එහි ඇත්තේ කෙලෙසද යන්න ගැටලුවකි. සමහර විටක මෙහි වන අපූර්වත්වය මා සම්පූර්නයෙන් අත්පත් කර නැතුවා වීම එයට හේතුවක් වන්නට ඇත. අවට වන රූස්ස ගස් නම් නතර විටිනවා වැනිය. සක්මන් මලුව දෙපසින් වන කුඩා මලින් පිරි ගොමු නම් අතුපතර ලමින් වැඩී ඇත. කුඩා ගමන් මලුව පසක තබා ගබඩා භාරකාරතුමා විසින් පිලියල කොට තිබූ සයනයෙහි වැතිර ගන්නට සිත්විය. මහත් සුරක්ශිත බවක් සිත්පුරා දැනෙන්නට ගනී. යලිත් "ජීවිතය" නම් බර පොදිය පසක තබා ලන්නට අවස්ථාවක් පැමින ඇත. බොහෝ විට හමුවන තේරුම් නොමැති තරගයෙන් පසකට වන්නට අවස්ථාව පැමින ඇත. දිව්‍යවම සැහැල්ලු බවක් සිත්පුරා පැතිරේ.දවසේ වෙහෙස මෙන්ම ලත් සැහැල්ලුව සැහැල්ලු නිදිබර බවකට කැඳවනවා වියයුතුය.
                                                                                                                                Pubudu Siriwansa

2014-10-02

"ඒක වෙනත් මෙහෙයුම් පද්ධතියක් වගේ දෙයක්....."(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... 15)

    "මම හිතුවා ඔබතුමා මේ පැත්තටවත් එන්නට ඇතැයි කියලා. සමාවෙන්න ටිකක් ප්‍රමාදවුනා. මම ආවේ ඔබ තුමාගේ ආගන්තුක කුටියත් ලක ලෑස්තිකරලමයි" ගබඩා භාරකරුගේ හඬින් අතීත මතකයන් ඔස්සේ ඇවිද ගිය සක්මන සිතින් ක්ෂනයෙන් මැකී ගියේය. "අපි යමු කාර්යාලය දිසවට" ඔහුගේ ආරාධනයෙන් නැගිට ගත් මම ඔහු සමග එක් විය. "ලොකු ස්වාමීන් වහන්සේ හැන්දෑවේ හමුවීම හැදෑවට වඩාත් සුදුසු වේවි කියලා හිතුවා,එහෙම හොඳද?" ගබඩාකරුගේ කාරුනික වදන් හැසුරුම සිත්ගන්නා සුලුය. කෙනෙකුට මග හැරියද නිහැකි වන සුලුය. වැදගත්ම කාරනය නම් එම වදන් හැසිරවීම කෘතීම එකක් නොව ඔහුගේ මුල් ස්වභාවයෙන් ගලා එන්නක් ලෙසට දැනීමය. 
                             මෙහි ස්වභාවය එලෙසය. පැමිනෙන ආගන්තුකයෙකුට එක්වරම ආශ්‍රමයේ කුටියකට යාමට අවස්තාව නැත. එය බල කිරීමක් නොව ආරාධනයකි. ගබඩාකරු එඋඅ පැහැදිලි කර දෙන්නේ ආශ්‍රමයේ රිද්මයට සුසර වන්නට අවශ්‍ය කාලය ලෙසටය.  ලොකු ස්වමීන් වහන්සේවද වරක් දෙවරක් හමුවීමෙන් අනතුරුව ආශ්‍රමයේ ගැලපෙන කුටියකට ආරාධනාවක් ලැබීම සාමන්‍ය සිරිතය. වරක් මේ ස්වභාවය පැහැදිලි කරන ලෙසට අධ්‍යාන ආයතනයකදී හමුවූ මිතුරෙකු කල ඉල්ලීම මම මෙසේ පැහැදිලි කලෙමි. "ඒක හරියට වෙනම මෙහෙයුම් පද්ධයක් වෙතට පිවිසෙනවා වගේ වැඩක්. ඇයි ඉතින් මෙහෙයුම් පද්ධතිය වෙනස් කරන්නෙ නැතිව ඇප් එකක් වගෙ වුනොත්? තොරතුරු තාක්ශනය පිලිබදව වියත් ඔහු මගෙන් ප්‍රශ්න කොට සිටියාය. බැහැ.... දත්ත ගන්නා ස්වරූපයේ සිට ඒවා සමග කටයුතු කරන ආකාරය දක්වා සියල්ලම වෙනස්.කොටින්ම වෙනස්, සම්පූර්නයෙන්ම වෙනස්". කෙනෙකුට මෙම වදන් වැල හාස්‍යයයක් ලෙසටද හැගෙන්නට පුලුවන. උපතින් ක්‍රිස්තියානු මහත්මයෙකු වූ ඔහු හට ඔහු වඩාත් ප්‍රිය කරන විෂය ස්වභාවයක් ඔස්සේ එය පැහැදිලි කිරීම වඩාත් පහසු වෙන්නු ඇති බවක් මම සිතුවෙමි.
                                                                                                                               Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...