"මම හිතන්නේ ඔබ තුමා දවසේ සැදෑ හමුවට එන්නේ නැතුවා වාගෙයි?" ගබඩා භාරකාර තුමාගේ හඬයි. වැඩිකලබලයකට පත් නොකට කෙටි දැනුම් දීමකින් පමනක් සෑහී ඔහු අහම්ශාලාව දෙසට ඉක්මන් ගමනින් යනු පෙනේ. සෑම සැදෑවකම ආශ්‍රමයේ සියලු දෙනාම බොහෝ දුරට සැදෑහමුවට පැමිනෙනු සුලුය. මෙහි පවතින බොහෝ ක්‍රියාකාරකම් නීති රීතීන් නොවන්නේය. කිසිවෙකුට බල නොකිරීම කැපී පෙනෙයි. එනමුත් පැමිනෙන අමුත්තන් බොහෝමයක් විටම පාහේ ඒ රටාවන් වෙතට ඉබේම වාගේ අනුගතව හැසිරෙනු දැකිය හැකිය. අවසාන වශයෙන් ඒවාට බාදා නොකර සිටින්නට තරම් වත් ඔවුනට අවශ්‍යවේ. ආගන්තුක කුටිවල සිට ආශ්‍රම කුටියකට පිවිසෙන විටම අවිංඤානිකවම ඒ රිද්මයට එක්වන බවක් දැනෙන්නට පටන් ගනී.
පොත්ගුල්, බරපතල දහම් කරුනු කටපාඩම් වලට බල කීරීම් නැති මෙහි කියවීමට ඇහි වැදගත්ම පොත "මම" බවට යෝජනා කරයි. ඉතා ප්‍රාතමික මට්ටමේදී වඩාත් සරල "මම"ක් සදහා පිවිසෙන්නට යෝජනා වීම මෙහි ස්වභාවයයි. බරපතල වියතුන්, විශාල ව්‍යාපාරහිමි ධනවතුන් මහත් බරපතල ගමන් විලාසයන්, මුහුනු වරයන් සමග මෙහි එන මුත් අවසානයේ පිටව යන්නේ ඉමහත් සැහැල්ලුවක් ජීවිතයට එක් කරගෙන බව මද විමසිල්ලෙන් සිටියෙකුට පවා මනාව වටහා ගත හැකි කාරනාවකි."කියවිය යුතු වැදගත්ම පොතනම් "මම" නම් වන පොතමය වන්නේය". කාර්යාලයේ පිවිසුම් දොරටුවට ඉහලින් මනාව පෙනෙන ලෙසට සටහන් කොට ඇත්තේ මෙහි ප්‍රධාන තේමාව ඒ නිසා වියයුතුය වැනි හැගීමක් නිතැතින් සිතට කැදවයි. ක්‍රමයෙන් දහම සමග පුරුදු කරන්නා ආශ්‍රම කඳුවැටියේ ඉහල කුටියක් කරා යන්නට වරම් ලැබෙන අතර එය ඉතා තර්කානු කූල කටයුත්තක්ද වන්නේ වඩාත් නිවුනු කෙනෙකුට හැරෙන්නට එවන් හුදකලාවක් සමග සහනශීලීව කටයුතු කිරීම විටක මහත් අපහසුවක්ද ගෙනෙන්නට ඉඩ ඇති බැවිනි.
Pubudu Siriwansa