2014-10-09

ජීවිතයේ සමහර වැදගත්ම හමුවීම් එන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (24)

     "මම හිතනවා මා ඔබට කරදරයක් නොවෙයි කියලා, මම් හරිනේද?" සුපුරුදු ටිබෙටියානු මිතුරා අසලට එන තෙක්ම නොහැගිනි.  "අසුන් ගන්න අවසරද?" එය අවශ්‍ය අවසරයක් නොව්න බව ඔහු නොදන්නවාම නොවුනද මා කවදත් ප්‍රිය කල ආචාර ශීලීබව ඔහු සමග තවමත් එලසමය. "ගබඩා භාරකාරතුමා ඔබගේ පැමනීම දැනුම් දුන් මොහොතේම මට හිතුනා පැමින හමුවීම හොඳයි කියලා. ඉතින් .. කියන්න විස්තර..." ඔහුට අවශ්‍යවන්නේ  අප හමු නොවී ගතව ගිය වසර කිහිපයතුල මා  වෙත වඩාත් වැදගත්වූ තොරතුරු  දැන ගන්නට විය යුතුය. මාගේ පමාවෙන් ඔහු නැවතත් දොඩමලු වන්නට විය. "ඔබ අවසන් වරට ගියාට පසුව මම වසරක් විතර  ටිබෙට් වල ගතකරලා ආපසු ආවා. වඩාත් අපූරු හෑම හැන්දෑවක වාගේම උදාසනකම ඔබව මතක්වූ බව කියන්නට ඔනෑම නැහැනේ? මට මතක විදිහට දෙතුන් පාරකට වඩා තනියම බටහිර බෑවුමේ ගංගාව පැත්තේනම් ගියේ නැහැ. මම හිතන්නේ අපිට ඉක්මනින් ඒ පැත්තේ ඇවිදින්නට යන්නට පුලුවන් වේවි." 
               මාගේ වෛද්‍ය මිතුරිය පිලිබද තොරතුරු ඔහු වෙතට පවසන්නට අවශ්‍ය බව හැගුනි. මම අවසන් වරට සේවය කල අධ්‍යාන ආයතනය  ගැන මද තොරතුරු සමග ඊට පෙර මා සිටි එම කුඩා නගරය, අවන්හල , අපූරු කඳු යාය පිලිබදව විස්තර කර අවසානයේ ඇය පිලිබදව සඳහන් කරන්නට පටන් ගති. ඒය ජීවිතයේ සිදුවූ අපූරුතම හමුවීමක් බව පවසන්නට විතරක් නොව බලාපොරොත්තු වූවාට වඩා වැදගත් වෙමින් ජීවිතය වෙතට දැනෙන හමුවීමක් වෙමින් තිබෙන බවද පවසන්නට අවශ්‍ය විය. නිහඬව සවන් දීම සමග ඔහු ඒ පිලිබදව ගැබුරින් තේරුම් ගන්නට උත්සාහ කරන බවක් මට හැගීමද සහනයකි. "ජීවිතයේ සමහර වැදගත්ම හමුවීම් එන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු ආකාරයට වීම හරිම අපූරු අත්දැකීමක්. සමහර ඒවා කුනාටූන් වගේ ජීවිතය කලබන හැටි මම නොදන්නවාම නොවේ. කෝකටත් ඔබ මෙහි පැමිනීම හොද තීරනයක් වේවි. මදක් නතරව ඒ අතීතය ගැන විමසා යලිත් නතරවූ තැන සිට යායුතු දිසාව ගැන තීර්නයක් ගැනීම වඩාත් හොඳ වේවි". සැබ වින්ම ඔහු දර්ශනය පිලිබද ආචාර උපාධියක් ලබා සිටීම හුදු හැදෑරීම් පිලිබදවම කාරනාවක් නොවන බව පැහැදිලිය. උපතින්ම එයට සුදුසු ස්වභාවයන් ‍රැගෙන ආවෙක් බව මට හැගේ.
                                                                                                                                   Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...