2016-02-04

Deceptive download buttons ගැන මතක්කිරීමක්..

                     Google ආයතනය මතක් කර සිටිනවා ව්‍යාජ ආකරයේ Download Buttons ඔස්සේ භාවිතාකරන්නන් ගේ තොරතුරු සොරා ගැනීමේ ප්‍රවනතාවයක් නැවත බහුල වන ආකාරයක් දක්නට ලැබෙන බව.  එසේම ඔවුන් මෑතදී පවසා සිටියේ deceptive ads වලකා ලන්නට තම ක්‍රියාකරන බවයි. එම ආරක්ශක ක්‍රියාවලියට අනූව  "deceptive site ahead" අනතුරු ඇගවීමක් ලැබෙන අතර බොහෝ විට "social engineered" ආකාරයේ අනතුරක් වෙතට භාවිතාකරන්නා කැදවා ගෙන යන්නට තැත් කරනු දක්නට ඇති බවට පැවසෙනවා. භාවිතාකරන්නා පොලබා ගෙන ඔහුගේ පෞද්ගලික තොරතුරු එනම් අවසර පද ලබා ගැනීම, tech support, වැනි තත්වයන්ට කැදවා ගැනීම මෙහිදී බහුලව සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තවත් විටකදී plugin අවශ්‍යතාවයක් පෙන්වමින් එය බාගත කර ගැනීමට පෙලබ වනවා සේම පරිගණකයේ මෘදුකාංග යාවත්කාලීන විය යුතු බවට දක්වමින් ව්‍යාජ බාගතකිරීමකට පෙලබීම තවමත් ඩ්ගක්නට ලැබෙන බවයි. Google යටතේ දිටත්වන  'Safe Browsing' ඔස්සේ වඩාත් සුරක්ශිත බවක් සදහා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවටයි ඔවුන් පොරොන්දුවන්නේ.
www.digilk.com

අන්තර්ජාලය මාධ්‍යයක් ලෙසට වන අභියෝගය..

            අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායික  මානය ප්‍රායෝගික ලෝකයේදී හොඳින් අභියෝගයට ලක්කිරීම වේ. හදාරන්නන් අමානන්දයට පත්වීම “විශ්ව ගම්මානය” වැනි නව අර්ථදැක්වීම් කරාම ‍රැගෙන යන්නට සමත්විය. හුදු තාක්ශනික සීමාවෙන් ඔබ්බට විත් කලව, සංස්කෘතිය, දේශපාලනය, වෙළඳ පොල වැනි භාවිතාවන් වඩාත් අන්තර්ජාල  භාවිතාගත වන්නට පටන් ගැනීම ක්‍රමයෙන් පෙර කී සංකල්පය මත වූ දිලෙසෙන ආකර්ශනීය බවින් විචාරකයන් ඉවතට කැදවන්නට පටන් ගත්හ. ඒ භවිතාවන් දෙසින්ය. අන්තර්ජාලයේ මුල් ස්වභාවයන්ද ක්‍රමයේන් වඩාත් ප්‍රාදේශීය වන්නට පටන් ගැනීම ඔස්සේ භාවිතාකරන්න වඩාත් සමීපකරවන බව හා කරගත යුතු බවට සැකසුම් සිදුවන්නට විය. ප්‍රධාන පෙලේ සියලුම පාහේ අන්තර්ජාල   සේවා සපයන ආයතනයන් වඩ වඩාත් භාවිතාකරන්නා කේද්‍රවීම අරබන්නට පටන් ගත්තේය.
                         මුල් ස්වභාවයෙන්ම එහි වන මාධ්‍ය මිත්‍ර බව සියලු භාවිතාකරන්නන් මාධ්‍ය කරුවන් බවටද පත්කරන්නට පටන් ගත්තේය. මාධ්‍ය යෝධයන් සිදුවීම් වාර්ථා කිරීම පසුකරමින් සිදුවීමට මැදිහත් වන්නාම තම අත්දැකීම වාර්ථා කරන්නට හිතකර පරිසරයක් වේගයෙන් නිර්මානය විය. තත්වය වඩාත් සංකීර්න වීම ඇරබෙන්නේ මීලගටය. එනම් තම මතවාද වාර්ථාකරනයට භාවිතාකරන්නන් පෙලබවීමත් සමගය. දේශපාලනික ආගමික මෙන්ම සංස්කෘතික නෙක ගැටලු අලුතින් නිර්මානය වන්නට පටන් ගත්හ. පැමිනි සමාජජාලා යුගය තවත් තත්වය තීව්‍ර කරමින් ඇත. රූපවාහිනිය, ගුවන්විඳුලිය ප්‍රමුක මුද්‍රිත මාධ්‍ය ව්සින් හුරුපුරුදු කරවන ලද ලෝකය පමනක් නොව පසුව පැමිනි බ්ලෝග් වැනි භාවිතා හුරු පුරුදු ලෝකය නැවත මෙම නව භාවිතාව වෙනුවෙන් හැඩ ගැසෙන්නට සිදුවීම අභියෝගාත්මක බවක් යෝජනා කරමින් සිටී.
www.digilk.com

2016-02-03

තිස් පස් වන කොටස…


                            ඈ අතිසාමාන්‍ය මනුෂ්‍ය එකියකද වූවාය. පසු දිනක අප උදයානයේ හමුවූ විටකදී ඇයට ඒ සටහන ගැන වැඩි දුර යමක් අසන්නට අවශ්‍ය විය. “ඔබ බොරුවට මාව අගය කරනවා නේද?” දෙබසේ ඇරබුම ඇගෙන් විය. “නැහැ මම කිසිවිටක ඔබව රවටන්නට උත්සාහකර නැහැ” දෙබස කෙටි වෙතැයි මා බලාපොරොත්තු විනි. “අර සටනේ අග ඔබ තියල තියපු අකුරු පෙල මා පසුව දු‍ටුවම මට එහෙම හිතුනා”. දිවිය පුරාවට හමුවූ නෙක ආකාරයේ තරුනියන් අතර ඇය සිතමත තබා තිබූ මතකය සුවිශේෂී බව මාතුල කිසිදු සැකයක් නොවිනි. “ඔබට මතකද අර උද්‍යානයේ සිතුවම් දැක්ම ගැන පසු දවසක අප අතර සිදුවූ දෙබස. ඇත්තෙන්ම ඔබව රවටන්නට කිසි සේත්ම අවශ්‍ය නොවන්නේ ඔබ අපූරු අයෙකු බව මා අත් දැක තිබෙන නිසාමයි. දන්නවද, ඔබේ හමුවෙන් පසුව මා වඩාත් සාර්ථක දේශකයෙක් වෙලා. මුල් දිනවල මගේ සාමන්‍ය දේශනවලට නොපැමිනි සිසුන් පවා දැන් පැමිනෙන්නේ හරිම උද්‍යෝගයකින් බව හොඳින් දැනෙමින් තිබෙනවා. දෙපැය පුරාව මගේ අවධානය මේතරම් සාර්ථකව නාභිගතකරගත හැකිව තිබූ කාලය මතක නැතුවා තරම්. ඇත්තම කියනවා නම් මම මම ගැනම පුදුම වෙමින්සිටිනවා” ඇය මා දෑස් දෙස එක එල්ලේ බල සිටින්නේ වචන ඔස්සේ පැමිනෙන අර්ථ සැබ වින්ම මා අදහස් කරනවාදැයි හඳුනාගන්නට මනාව පුහුනු කරන ලද එකියක ලෙසිනි. අප සමුගන්නට නියමිත වන සතිය ඇරබුනේ විදුලි වේගයෙන් මෙනි. කාලය මෙතරම් ඉක්මනට ගලා යන්නේ කෙසේදැයි සිතා ගන්නට නොහැකි තරම් යැයි විටක සිත මා වෙත යෝජනා කරනවා වැනි විය. අප අතර ඇරබුනු හැදෑරුම වේගයෙන් අවසන් කරන්නට අපට අවශ්‍ය වූ මුත් ඒ පිලිබදව අප දෙදෙනා තුලම වූ උනන්දුව හීනව ගොස් තිබිනි. හොරාවක දෙකක හැඩුමකින් මේ සිතේ වන බ‍රැති බව අවසන් කරන්නට ඇත්තනම් කොතරම් හොඳදැයි වරක් ඇය විමසා සිටින්නට පවා පෙලබිනි. දල වශයෙන් පි‍ටු හයසීයකට පමන සැලසුම් කර තිබූ අප අවසන් සටහන පි‍ටු හාරසියයක් හෝ හාරසිය පනහක් පමන අවසන්ව ඇතිව අතරමගදී නතරකර දමන්නට අපට තීරනය කරන්නට සිදුවිනි.(53)
www.tharuminisa.com

අවසර පද භාවිත රඟ...

            

               තොරතුරු ලෝකය සමග වන ඔබගේ සබඳතාවයේදී පෞද්ගලිකත්වය ‍රැක දෙන්නට පැමිනෙන ප්‍රධාන සහයකයා වන්නේ password නොහොත් අවසර පදයයි. Email ගිනුමක නැතිනම් සමාජ ජාලාවක සමහර විටක ඔබේ පෞද්ගලික පරිගනකයට පිවිසීම වැනි ඔනෑම අවස්ථාවක ඒ සදහා වන ඔබගේ පෞද්ගලික බව ‍රැක දෙන්නට මෙම භාවිතාව ඉතා තිරනාත්මක වනු ඇත. නවීනතම භාවිතාවන් සමග ජීවවිද්‍යාත්මක සාධක, ද්විත්ව පියවර තහවුරුව වැනි ක්‍රමවේද භවිතයට පැමිනෙමින් තිබුනද තවමත් සරලව භාවිතාවන අවසර පද පිලිබදව භාවිතාව බහුලව පවතියි. හදාරන්නන් මෙම අවසර පද භාවිතාවේදිව් වැදගත්ම සාධකය ලෙසට නිතරම මතක්කර දෙන්නේ වඩාත් සංකීර්න අකුරු, සංක්‍යා හා සංකේත භාවිතාවක් ඔස්සේ අවසර පදයක් නිර්මානය කර ගැනීම වැදගත් බව කීවද මතක තබා ගැනීමේ පහසුව වැනි සාධක ඔස්සේ තවමත් භාවිතාකරන්නන් ඉතා සරල මට්ටමේ අවසරපද භාවිතාව බහුලව දක්නට ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. පහත දැක්වෙන්නේ හදාරන්නන් විසින් නිකුත්කරන ලද නවතම හැදෑරීම් වාර්ථාවකට අනූව වඩාත් භාවිතාවන අවසර පද වන අතර ඔවුන් පවසන්නේ පසුගිය වසර පහ පුරාවටම කල හැදෑරිම් වලට අනූව භාවිතාකරන්නන් තම අවසර පද පිලිබදව වන අවධානය තවමත් සැලකිය යුතු මට්ටමක නොතිබෙන බවයි.
123456 (0)
2.password (0)
3.12345678 (+1)
4.qwerty (+1)
5.12345 (-2)
6.123456789 (0)
7.football (+3)
8.1234 (-1)
9.1234567 (+2)
10.baseball (-2)
11.welcome (new)
12.1234567890 (new)
13.abc123 (+1)
14.111111 (+1)
15.1qaz2wsx (new)
16.dragon (-7)
17.master (+2)
18.monkey (-6)
19.letmein (-6)
20.login (new)
21.princess (new)
22.qwertyuiop (new)
23.solo (new)
24.passw0rd (new)
25.starwars (new)

2016-02-02

දැන් Windows 10 දෙවන ප්‍රධාන මෙහෙයුම් පද්ධතියයි....

                  සමස්ථයක් ලෙසට සැලකීමේදී Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති ආධිපත්‍ය නැවත windows 10 සමග ‍රැකගන්නට සමත්ව සිටින බව හදාරන්නන්ගේ මතයයි. NetMarketShare වෙතින් එන නවතම හැදෑරුම් වාර්ථාවලට අනූව ජනවාරි මාසය වන විට windows 10 භාවිතාව XP භාවිතාව ඉක්මවන්නට සමත්ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඒ 11.85% ක භාවිතවක් අත්පත්කර ගෙනය.  මේ වාන් විට xp සිටින්නේ 11.42% ක භාවිතාවකය. එම ගනනයන්ට අනූව ඉහලම භාවිතාවක් ලබන windows 7 52.47% ක ඉහලම භාවිතවක් ලබන්නට සමත්ව තිබේ. windows 8 හා 8.1 මෙහෙයුම් පද්ධතිවල භාවිතාව 13.08% ලෙසට සදහන් වනවා. හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 10 වල ඉහල භාවිතාව සදහා නොමිලේ ලබා දෙන upgrade හැකියාව ප්‍රදාන හේතුවක් ලෙසට වුවත් සාර්ථක මෙහෙයුම් පද්ධති භාවිතාවක්ද එය ‍රැගෙන එන්නට සමත්ව ඇති බවයි. මෙම නොමිලේ ලැබෙන upgrade හැකියාව ජූලි 2016 අවසානය දක්වා වනු ඇති බවටයි දැනට microsoft ආයතනය නිවේදනය කර සිටින්නේ.
        windows 10 හදුන්වා දෙමින් Microsoft ආයතනය බලාපොරොත්තු පලකර සිටින්යේ තම මෙහෙයුම් පද්ධතිය නිකුත්කර පලමු වසර තුන තුලදී උපාංග බිලියනය ඉක්මවන භාවිතාවක් ලබන්නට ඉලක්ක කර ඇති බවය.මේ වන විට  NetMarketShare හා StatCounter ආයතන ද්විත්වයම පවසන්නේ නිකුතුqවෙන් පලමු මාස 6 ඉක්මවන විටම windows 10 දෙවන මට්ටමේ බහුල භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය වන්නට සාර්තකව හැකියාව ලබා ඇති බව වන අතර ඉහලින්ම සිටින windows 7 භාවිතාව 52,47% ක ඉහලම භාවිතාවක් අත්පත්කර ගෙන ඇති බවට ගනන වෙමින් තිබෙනවා. තොරා ගත් සංස්කරන කිහිපයක් සදහා windows 10 mobile නුදුරේදීම නිකුත්වන්නට නියමිත අතර windows 10 සදහා වන ප්‍රධාන යාවත්කාලීනයක්ද මෙම වසරේ දී නිකුතුවට සැල්ලසුම්ව තිබෙනවා.
www.digilk.com

2016-01-31

Digital මිනිසා වෙතට වන පරිනාමය!!!

          ඔබ පිවිසෙන්නේ ප්‍රධාන මාවතින් ඔබගේ ගෙවත්තටය. ඔබගේ පලමු මට්ටමේ පෞද්ගලිකත්වය ඇරබෙන්නට පටන් ගනී. දැන් ඔබ පිවිසෙන්නේ නිවසේ මැද සාලයට වන විට ඔබගේ නිවසේ සාමාජිකයන්ට පමනක්ම සීමාවන පෞද්ගලික බව ඔබ වෙතට එනු ඇත. දැන් ඔබ පිවිසෙන්නේ ඔබගේ නිවසේ ඔබ වෙනුවෙන් වෙන්ව ඇති ඔබගේ කාබරයටය. සාමාන්‍යයෙන් මිනිස���කුට ලැබිය හැකි උපරිම පෞද්ගලික බවවින් මේ වන විට ආරක්ශිතය. ගිමන් නිවීමකින් අනතුරුව ඔබ දැන් පිවිසෙන්නේ ඔබගේ පරිගණක කාබරයටය. එය අන්තර්ජාලයට සම්බදවී සෙවුමකට හෝ බෙදා ගැනීමකට දැන් ඔබ සහභාගී වෙමින් සිටී. පරිගණකයක් සමග හුදකලාව ගනුදෙනු කරමින් සිටින ඔබ වෙනත් තලයකදී දැන් ලොවට විවෘතවී ඇත. ඔබ භාවිතාකරමින් සිටින apps, මෙන්ම බ්‍රවුසරය ඇතුලු එහි ක්‍රියාත්මක වන නෙක ආකාරයේ මෘදුකාංග ඔස්සේ විවිධ මට්ටමින් ඔබව හදාරමින් සිටින්නේ සමහර විටක ඔබ කිසිසේත්ම නොදැනුවත්වය.
තවත් දෙසකින් තත්වය විග්‍රහ කෙරෙනුයේ වෙනස් ආකාරයකටය. ඔවුන් යෝජනා කරන්නේ තව දුරටත් පෞද්ගලිකත්වය සාර්ථක සංකල්පයක් නොවන බවකි. ඔබ කරන කියන, අසන බලන දෑ සගවන්නට උත්සාහ කරන්නේ ඇයි දැයි ඔවුන් විමසා සිටී. තවත්වය දැන් වඩාත් සංකීර්නය. තොරතුරු බව බරපතල Desktop පරිසරයට පමනක් තව දුරටත් සිරවී නැත. ස්මාර්ට් දුරකථනය ඔස්සේ එය ප්‍රථමයෙන් හා ඉතා හොඳින් ජංගම වී ඇත. දැන් පහසුවෙන් ඔබ යනෙන, ගනු දෙනු කෙරෙන ආකාරය විවෘත වී ඇත. වරක් වාර්ථා වැඩ සටහනක් මෙහෙවමින් අයෙකු ජනාකීර්න වීදියක් මධ්‍යයේදී පවසා සිටියේ තම ජංගම උපාංගය Wi-Fi ජාල හත්කට පමන විවරව ඇති බවකි. උපාංගයේ Iඵ් ලිපිනය ඔස්සේ ප්‍රමුකව ඔබව හදාරාගන්නට අන්තර්ජාලයට ඇති හැකියාව අති විශාල බව ඔහු පැහැදිලි කර සිටියාය.
එක් දෙසකින් වඩාත් සුරක්ශිත සෙවුමකට ආරක්ශිත බ්‍රවුසර පැමිනෙයි. තවත් විටක අමතර මෘදුකාංග ඔස්සේ ඔබගේ වෙබ් සැරිය සුරක්ශිත කර දෙන්නට ඔවුන් පොරොන්දුවෙයි. තවත් විටක වඩාත් සාර්ථක තාක්ශනයන් ඔස්සේ ඔබගේ දත්ත හුවමාරුව කලහැකි ක්‍රමවේද දියුනු කරමින් සිටී. වඩාත් දියුනු මිනිසෙකු වඩාත් නිවැරදි පිලිතුර වනු ඇති බවට මම විස්වාස කරමි. විටක ඔබ නොදැනුවත්වද එය සිදුවෙමින් පවතී. එය ඩිජිටල් තොරතුරු  පරිසරයට  ඔබින මිනිසා සදහා වන පරිනාමයක් ලෙසට නම් කරන්නට හැක. එය බොහෝ දුර ඉලක්කයක් වන මුත් වඩාත් සාර්ථක විසදුම එයම පමනක් වනු ඇත. එවිට ඒ මිනිසා ගෙන් සැදෙන ආයතනික මෙන්ම පෞද්ගලික මට්ටමේ තොරතුරු හුවමාරු පරිසරයන් වඩාත් සැහැල්ලු සහනශීලී එකක් වනු ඇති බවට විස්වාසය තැබිය හැක. තවමත් ලොව බහුල නීති පද්ධති වල මේ ආකාරයේ සිදුවන අපරාධ සදහා ඒ සදහා වඩාත් ඉලක්කවන නිතිරීතීන් පැමින නැත. මැතකදී ප්‍රධාන පෙලේ රටක් කෙටි පනිවිඬයක් මගින් කෙරෙන තර්ජනයක් සදහා වසර කිහිපයක් දක්වා දඩුවම් ගෙනෙන  නීති පරිසරයක් නිර්මානය කරන්නට කටයුතු කල අතර ඒ දක්වා එවන් ගැටලුවකදී නීති සහනය පැමිනියේ ඒ ආශ්‍රිත තත්වය සදහා වන නීති කෙ‍ටුම් පත්වලින් වීම විටක නිවැරදිව අදාල වරද අර්ථ දක්වා ගන්නට මෙන්ම ඔප්පු කිරීමේ ක්‍රම වෙද වලට අපහසුකම්  තිබිනි.
පැන වෙන නීති රීති මෙන්ම සමාජීයව පිලි ගැනෙන සිරිත් විරිත් වැනි බොහෝ දිශාවන් ඔස්සේ පෙර කී තොරතුරු තාක්ශන පරිසරය හිතැති මිනිසා නිර්මානය වීමට අවශ්‍ය වට පිටාව නිර්මානය කෙරෙනු ඇත. ඔහු දැනට අප දකින ආකාරයේ මහත් සේ යාන්ත්‍රික වූ මිනිසෙකුට වඩා තාක්ශනය වඩාත් විනයවත්ව තම ජීවිතයට කැදවා ගත් මිනිසෙකු වනු ඇත.
www.digilk.com
Latest IT News and Reviews in Sinhala

LG වෙතින්ද mobile payment විසඳුමක්!!!


                            mobile payments යනු එලබෙන කාලයේ වඩ වඩාත් බහුල භාවිතාවක් දෙසට වර්ධනය වෙමින් ඇත්තකි. බොහෝ ආයතනයන් තම විසඳුම් මේ සදහා මේ වන විටත් නිකුත් කර ඇති අතර ‘Apple Pay’  ඒ අතරින් මෑතකාලයේදී වැඩි අවධානයක් ලබා ගත් එකක ලෙසට සැලකේ. කාර්යය බහුල හා දුරස්ථව තම ගනුදෙනු කටයුතු වලදී මේ ආකාරයේ කාර්ඩ් පත් ගෙනෙන්නේ මහත් සහයකි. Samsung ආයතනයද තම සිසඳුමක් මේ වාන් විට නිකුත් කොට ඇත. පලවන නවතම වාර්ථාවලට අනූව  LG ආයතනයද  ‘White Card’  නමින් තම විසදුමක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවට වාර්ථාවේ. හදාරන්නන් වඩාත් කැමැත්තෙන් මෙම විසඳුම physical all-in-one connected card එකක් ලෙසට නම් කරන්නට කැමති බවක් පෙන්වන අතර විවිධ credit card පත් කිහිපයක්ම මෙම White Card පත සමග භාවිතාකරන්නට හැකි අතර කාර්ඩ් පත ඉදිරියේ වන LCD පැනලය ඔස්සේ ඒවා ගනුදෙනු සදහා තොරා ගැනිමේ අවස්ථාව ‍රැගෙන එන බවට පැහැදිලි කෙරෙනවා.

2015-09-08

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරුමිනිසුන්ගේ කථාව…(2.1)

           “මම හිතුවා ඔබතුමා මේ පැත්තටවත් එන්නට ඇතැයි කියලා. සමාවෙන්න ටිකක් ප්‍රමාදවුනා. මම ආවේ ඔබ තුමාගේ ආගන්තුක කුටියත් ලක ලෑස්තිකරලමයි” ගබඩා භාරකරුගේ හඬින් අතීත මතකයන් ඔස්සේ ඇවිද ගිය සක්මන සිතින් ක්ෂනයෙන් මැකී ගියේය. “අපි යමු කාර්යාලය දිසවට” ඔහුගේ ආරාධනයෙන් නැගිට ගත් මම ඔහු සමග එක් විය. “ලොකු ස්වාමීන් වහන්සේ හැන්දෑවේ හමුවීම හැදෑවට වඩාත් සුදුසු වේවි කියලා හිතුවා,එහෙම හොඳද?” ගබඩාකරුගේ කාරුනික වදන් හැසුරුම සිත්ගන්නා සුලුය. කෙනෙකුට මග... හැරියද නිහැකි වන සුලුය. වැදගත්ම කාරනය නම් එම වදන් හැසිරවීම කෘතීම එකක් නොව ඔහුගේ මුල් ස්වභාවයෙන් ගලා එන්නක් ලෙසට දැනීමය.
මෙහි ස්වභාවය එලෙසය. පැමිනෙන ආගන්තුකයෙකුට එක්වරම ආශ්‍රමයේ කුටියකට යාමට අවස්තාව නැත. එය බල කිරීමක් නොව ආරාධනයකි. ගබඩාකරු එඋඅ පැහැදිලි කර දෙන්නේ ආශ්‍රමයේ රිද්මයට සුසර වන්නට අවශ්‍ය කාලය ලෙසටය. ලොකු ස්වමීන් වහන්සේවද වරක් දෙවරක් හමුවීමෙන් අනතුරුව ආශ්‍රමයේ ගැලපෙන කුටියකට ආරාධනාවක් ලැබීම සාමන්‍ය සිරිතය. වරක් මේ ස්වභාවය පැහැදිලි කරන ලෙසට අධ්‍යාන ආයතනයකදී හමුවූ මිතුරෙකු කල ඉල්ලීම මම මෙසේ පැහැදිලි කලෙමි. “ඒක හරියට වෙනම මෙහෙයුම් පද්ධයක් වෙතට පිවිසෙනවා වගේ වැඩක්. ඇයි ඉතින් මෙහෙයුම් පද්ධතිය වෙනස් කරන්නෙ නැතිව ඇප් එකක් වගෙ වුනොත්? තොරතුරු තාක්ශනය පිලිබදව වියත් ඔහු මගෙන් ප්‍රශ්න කොට සිටියාය. බැහැ…. දත්ත ගන්නා ස්වරූපයේ සිට ඒවා සමග කටයුතු කරන ආකාරය දක්වා සියල්ලම වෙනස්.කොටින්ම වෙනස්, සම්පූර්නයෙන්ම වෙනස්”. කෙනෙකුට මෙම වදන් වැල හාස්‍යයයක් ලෙසටද හැගෙන්නට පුලුවන. උපතින් ක්‍රිස්තියානු මහත්මයෙකු වූ ඔහු හට ඔහු වඩාත් ප්‍රිය කරන විෂය ස්වභාවයක් ඔස්සේ එය පැහැදිලි කිරීම වඩාත් පහසු වෙන්නු ඇති බවක් මම සිතුවෙමි.
මෙතෙක් කල් මා මිහිමත කල ජීවිත සක්මනේදී අපූරුතම දෑ කිහිපයක් හමුවී ඇත්තේය. තොරතුරු තාක්ශනය ඉන් එකකි. මා ජීවිත වරම් ලැබූ කාල වකවානුවෙහි එහි වැසියන්ගේ ජීවිත වඩාත් ප්‍රමෝදයට පත්කල විෂය එය යැයි මම සිතමි. අනෙක නම් සක්මන් මලුවයි. “මම” තුනී කර ගන්නට පමනක් නොව බුද්ධි අවකාශයෙහි නිදහසේ සරන්නටත්, නිර්මාන අවකාශයෙහි අපූරුදෑ සොයා බලා ගන්නටත් එය මහත් සහයක් ගෙනන සුලුය. බොහෝ විට ආගන්තුක අධ්‍යානයකට පැමිනි විගස නෙවාසිකාගාරය ලත් සැනින් සොයා බලන්නේ ඒ අවට ඇති ඔබ මොබ සක්මනට සුදුසු කුඩා බිම් තීරයකි. දේශනයකට පෙර අවසාන සූදානම ‍රැගෙන එන්නේ ඒ මත කෙරෙන සක්මනක් සමගිනි. ආගන්තුක කුටියට ඉදිරියෙන් වන සුදුවැලි වැතිරූ සක්මන් මලුව සුපුරුදු සූදානමින් සිටින්නාක් වැනිය.
එහි කිසිදු වෙනසක් සිදුවී නැතිය. එහෙත් මහත් නැවුම් බවක් එහි ඇත්තේ කෙලෙසද යන්න ගැටලුවකි. සමහර විටක මෙහි වන අපූර්වත්වය මා සම්පූර්නයෙන් අත්පත් කර නැතුවා වීම එයට හේතුවක් වන්නට ඇත. අවට වන රූස්ස ගස් නම් නතර විටිනවා වැනිය. සක්මන් මලුව දෙපසින් වන කුඩා මලින් පිරි ගොමු නම් අතුපතර ලමින් වැඩී ඇත. කුඩා ගමන් මලුව පසක තබා ගබඩා භාරකාරතුමා විසින් පිලියල කොට තිබූ සයනයෙහි වැතිර ගන්නට සිත්විය. මහත් සුරක්ශිත බවක් සිත්පුරා දැනෙන්නට ගනී. යලිත් “ජීවිතය” නම් බර පොදිය පසක තබා ලන්නට අවස්ථාවක් පැමින ඇත. බොහෝ විට හමුවන තේරුම් නොමැති තරගයෙන් පසකට වන්නට අවස්ථාව පැමින ඇත. දිව්‍යවම සැහැල්ලු බවක් සිත්පුරා පැතිරේ.දවසේ වෙහෙස මෙන්ම ලත් සැහැල්ලුව සැහැල්ලු නිදිබර බවකට කැඳවනවා වියයුතුය.
By Pubudu Siriwansa

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරුමිනිසුන්ගේ කථාව…(2)

         
එම අවන්හලද අපූරුම තැනකි. සතියේ එක් දිනම් එනම් සිකුරාදාවන්හි සැදෑව එහිදී අසිරිමත් බවක් ගනී. එදිනට එම අවන්හල ආලෝකමත් වනුයේ විදුලි පහන් එලියෙන් නොවන්නේය. විවිධ ආකාර ගත් විසිතුරු ඉටිපන්දම් එලි වලින් එය ඒකාලෝකමත් කෙරේ. බි‍තෝවන් , mozart වැනි පමනක් නොව රවීශන්කර් වැනි විසිතුරු හඬ රටා මැවුම් කරුවන්ගේ නිර්මාන වලින් පැමිනෙන්නන්ගේ දෙසවන් ප්‍රබෝධමත් කරන්නට ඔවුන් කටයුතු කරයි. තවත් දිනකදී නාට්‍ය නිෂ්පාදකයෙකු තවත් විටක චිත්‍රශිල්පියෙකු එසේත් නැතිනම් මූර්ති කරුවෙකු කැදවා පැමින ඇති අමුත්තන් සමග සංවාදයකට එහි ඉඩ සලසයි. පැමිනෙන්නන් එම දිනය හඳුන්වන්නේ මුදල් ඇත්තන්ට වඩා දැනුම ප්‍රියකරන්නන් සදහා එම ආයතනය වෙන් කරන සෑදෑවක් ලෙසටය.
පෙරකී ඇය සමග මා නොවරදවාම එම සැදෑවට සහභාගිවීම පුරුද්දක් කොට ගෙන තිබුනාය. සෑබෑ මිතුරන් පිලිබදව එක්තරා සාහිත්‍ය සටහනකින් මතකයට රිංගා ගෙන තිබූ කියැවුමක් සත්‍ය බව එහිදී මා හොඳින් පසක් කර ගතිමි. ” සැබෑ මිතුරන් හට හෝරා ගනන් දොඩමලු වන්නට හැකිවා සේම හෝරා ගනන් එකිනෙකා නොදොඩමින් උවත් එකට කාලය ගත කරන්නට හැකිය” යන්නය. විටක අඩ අඳුරු ගන්නා මේසයන් වටා අප වාඩි වී සිටියෙමු. හෝරා ගනන් අප දොඩමලුව සිටියෙමු. නෙක විද්‍යාවන් පමනක් නොව සංගීතය , වේදිකා නාට්‍ය, වනි නෙක මාතෘකා අතර දෙබසින් ඔබ මොබ ඇවිද්දෙමු. එනමුත් කිසිදු කායික ලංවීමකට උත්සාහ නොකලෙමු. ඉඳ හිටක මතුවන එවන් හැගීමක් පවා ඉක්මවන සංහිඳියාවකට අප මිත්‍රත්වය පිවිස තිබිනි. ජීවිතයේ සමහර දෑ තර්කය ඔස්සේ විමසන්නට තැත්කිරීම මහත් විසුලු ස්වරූපයක් කැදවීමක් වෙ. මිනිස් සබඳතා විෂයෙහි මෙම තත්වය වඩාත් සතයයක්ව හමුවේ. මිනිසෙක් තවත් මිනිසෙකුගේ බුද්ධියට ආදරවීම, චතුර බවට ආදරකිරීම , රසවින්දනයට ආදරයවීම වැනි නෙක පැහැ ඒ ආකාරයට තේරුම් ගැනීමට හරිම අපූරුය. සියලු මිනිස් සබඳතා කිසියම් ආකාරයක ලාබදායී ගනුදෙනුවක් ලෙසට ලඝු කරලන්නට අවශ්‍ය වීම පැහැදිලිව තේරුම් නොගත් වෙළඳ පොල කරනය විචාරයකින් තොරව ජීවිතයට වද්දා ගැනීමට උත්සාහකිරීමකි. “සංහිඳියාව අහිමි කර ගැනීම. ජීවිතයෙන් භාගයක් මරනයට පත්කර ගැනීමකි” ටිබෙටියානු මිතුරා ගේ වචන සටහන් නැවත නැවත ජිවිතයට පැමිනීම විසිතුරු අත්දැකීමකි.
එම අධ්‍යන ආයතනය සමග එලබතිබූ වසරක එකගතාවය දීර්ඝ කර නොගැනීමට මට සිදුවිය. ලොව වෙනත් කෙරවලක හැදෑරීම් අවකාශයකට යන්නට සිදුවීම කෙදිනකවත් මා නොවිදි අපහසුවක් වන්නාක් සේ මට දැනිනි. අපහසුවෙන් හෝ සමුගෙන යන්නට සිදුව තිබිනි. “අපූර්ව මිතුදම් වලින් සමුගන්නට වීම වඩාත් වේදනා කාරීය. එය හුදු එකිනෙකා මත යැපීමක් හෝ ලාභයක් මත නොව එකිනෙකාට ගරුකිරීම, ප්‍රියකිරීම වැනි සාධක මත ගොඩ නැගෙන නිසාදෝ වඩාත් සිත්පත්ල ආමත්‍රනය වන අවස්ථාවකි”. එම හැගීම එවකට දින සටහනේහි මාතැබූ එක් ආකාරයක් ලෙසට මතකට නැගේ. ඇයගේ සමරු සටහහක් සදහා ආරාධනාවක් ලැබිනි. එම සටහන කඳුලු වසා ගන්නට ගත් අසීරු සටහනක් විය. “අප සමුගෙන යා යුතුය. වඩාත් නැවුම් නැවත හමුවකට නම් සමුගෙන යා යුතුවම ඇත. එම සිදුවීම ඔබට දැනෙන්නේ වේදනාවක් ලෙසටද වඩාත් විවෘත බලාපොරොත්තුවක් ලෙසටද යන්න ඉහත වන තේරීම මත වනු ඇත”. සුපුරුදු අවන්හලෙහි සිකුරාදාවක සැදෑවක් එම අවසන් හමුවට වෙන් වෙමින් පැමින තිබිනි. ඉන්දියානු විස්මිත ස්වර පබදින්නෙකුවූ රවීශන්කර් සංගීත වේදියානන්ගේ දියනියගේ රසවත් තත් හැඬුම් වලින් එම සැංදෑව රසවත්ව තිබිනි. මධ්‍යම රාත්‍රියට ආසන්න වන තුරු අප එහි ‍රැදී සිටියෙමු. රාත්‍රියේ මාගේ නේවාසිකාගාරයේ දොරකඩ අසලමට ඇයගේ රියෙන් මා අරලවා ලන්නට පැමිනිනි. වසරකට ආසන්න කාලයක් පුරාවට පැවති අපේ මිතුදම සදහා විරාමයක් කරා පැමින තිබුනෙමු. මිතිරන් ලෙසට හමුවූ අප මිතුරන් ලෙසටම සමුගෙන යා හැකිව තිබිනි. “ජීවිතය අපූරු අත්දෑකීමකි.” එදින රාත්‍රියේ එම මිතුදම ගැන සංෂිප්ත සටහන වචන දෙක තුනකට ගොනු කර තැබුවෙමි.
(By Pubudu Siriwansa)

2015-09-05

සමහර විටක මේ ඔහුගේ සමස්ථ ජීවිත සංචාර සටහනේ සංශික්ප්තය විය හැක…..


     එය දිගු දැවසැති උනුසුම් ගිම්හානයක් දෙකක් අතර ගෙවී ගිය මිනිස් නිමේෂයන් කිහිපයක් පිලිබද අකුරු කිරීමකි. හුදකලාවෙන් පිරීගිය ගිම්හාන දිනයකදී උයන් කෙරවලකදී ඔවූහු හමුවූහ. ඊලට එලබි ගිම්හනයේදී ඒ උයන් කෙරවලකදීම තාවකාලිකව හෝ ඔහුනට සමුගැනීමකට ලියැවුනු ඉරනමකට යටත්ව ඒ හමුවීම සටහන් වන බව අමතක වූවා සේය. වඩාත් අපූරත්වය වන්නේ මේ සිදුවීම් අතර කාලය ගෙවී ගියේ සාමන්‍ය හුදු මිනිස් ආශාවන් මතින් පමනක් නොවීමය. විටක වඩාත් අපූරු සෞදර්යාත්ම...ක නිමේශයන් පැමිනෙන අතර තවත් විටක තොරතුරු තාක්ෂණ , ජීවවිද්‍යාව වැනි ගෙවී යන යුගයේ වඩාත් අසිරිමත්ව මිනිසුන් වෙතට දැනෙමින් ඇති විෂයන් පිලිබදව හැදෑරුම් සටහන් බවට පත්වෙමින් වීමය.ලොව නෙක ආකාරයේ සාමාජ, සංස්කෘතික දෑ අතරින් ඇවිද යමින් සිටි ඔහු සිත වඩාත් ඇලුනු ආශ්‍රම භූමියකට යාබදව ඇති, ඔහුම එය නම් කරන පරිදි “තරුමිනිසුන්ගේ” විස්මිත සංස්කෘතියක් පිලිබදව තොරතුරු ගොනුවක් ගෙන එලබෙන දෑ වසර නිම වන්නට මත්තෙන් නැවත හමුවන්නට වන පොරොන්දුවක් සමග ඒ සමු ගැනීම සිදුවිය. “ඔබ සැබවින්ම ගිම්හානයකි. පරිසරයෙන් වියුත්තව සීතලෙන් ගුලිව ගිය දිගු ජීවිතකාලයක් අවසන් කරමින් එය පුබුදුවා ලන්නට හැකි සුසරබවක් ‍රැගෙන ආ ඔබ සැබවින්ම ගිම්හානයකි මට” ලෙසට සමහර විටක තම දින සටහනක සටහන් තබන්නට තීර්නය කලේ ඒ තරම්ම ඇය ඔහුට දැනුන නිසා වියයුතුය.
මේ සොඳුරු මතක සටහන් ඉලෙක්ට්‍රොනිකව සටහන් කරන්නට ඔහුට අවශ්‍ය වූවේ බොහෝ ඒ නිමේශයන් හුදු මිනිස් බවට මත්තෙන් වන අපූරු බවක් ගෙන ඇති බවට ඇති වූ විස්වාසය නිසා විය යුතුය. ඔහු දු‍ටු ඒ අපූරු මිතුරිය , හිතවතිය පිලිබද ආකෘතිය මඳ හෝ සොඳුරු බවක් ඒවා කියවන අයෙකුට පවා ‍රැගෙන එනු ඇති බවට ඇති වූ විස්වාසය නිසා විය යුතුය. ඔහුගේ ජීවිත තේමාව වඩා අපූරුවට වරනගන්නට ඒ හමුවීමටහැකිවිය. “තම පෘතුවි ජීවිත සංචාරය පිලිබදව සටහනක් තබා යෑම මෙහි පැමිනි සෑම සංචාරකයෙකුගේම වගකීමකි” . සමහර විටක මේ ඔහුගේ සමස්ථ ජීවිත සංචාර සටහනේ සංශික්ප්තය විය හැක

2015-04-01

Tharu Minisun


 සමහර විටක මේ ඔහුගේ සමස්ථ ජීවිත සංචාර සටහනේ සංශික්ප්තය විය හැක…..
      එය දිගු දැවසැති උනුසුම් ගිම්හානයක් දෙකක් අතර ගෙවී ගිය මිනිස් නිමේෂයන් කිහිපයක් පිලිබද අකුරු කිරීමකි. හුදකලාවෙන් පිරීගිය ගිම්හාන දිනයකදී උයන් කෙරවලකදී ඔවූහු හමුවූහ. ඊලට එලබි ගිම්හනයේදී ඒ උයන් කෙරවලකදීම තාවකාලිකව හෝ ඔහුනට සමුගැනීමකට ලියැවුනු ඉරනමකට යටත්ව ඒ හමුවීම සටහන් වන බව අමතක වූවා සේය. වඩාත් අපූරත්වය වන්නේ මේ සිදුවීම් අතර කාලය ගෙවී ගියේ සාමන්‍ය හුදු මිනිස් ආශාවන් මතින් පමනක් නොවීමය. විටක වඩාත් අපූරු සෞදර්යාත්මක නිමේශයන් පැමිනෙන අතර තවත් විටක තොරතුරු තාක්ෂණ , ජීවවිද්‍යාව වැනි ගෙවී යන යුගයේ වඩාත් අසිරිමත්ව මිනිසුන් වෙතට දැනෙමින් ඇති විෂයන් පිලිබදව හැදෑරුම් සටහන් බවට පත්වෙමින් වීමය.ලොව නෙක ආකාරයේ සාමාජ, සංස්කෘතික දෑ අතරින් ඇවිද යමින් සිටි ඔහු සිත වඩාත් ඇලුනු ආශ්‍රම භූමියකට යාබදව ඇති, ඔහුම එය නම් කරන පරිදි “තරුමිනිසුන්ගේ” විස්මිත සංස්කෘතියක් පිලිබදව තොරතුරු ගොනුවක් ගෙන එලබෙන දෑ වසර නිම වන්නට මත්තෙන් නැවත හමුවන්නට වන පොරොන්දුවක් සමග ඒ සමු ගැනීම සිදුවිය. “ඔබ සැබවින්ම ගිම්හානයකි. පරිසරයෙන් වියුත්තව සීතලෙන් ගුලිව ගිය දිගු ජීවිතකාලයක් අවසන් කරමින් එය පුබුදුවා ලන්නට හැකි සුසරබවක් ‍රැගෙන ආ ඔබ සැබවින්ම ගිම්හානයකි මට” ලෙසට සමහර විටක තම දින සටහනක සටහන් තබන්නට තීර්නය කලේ ඒ තරම්ම ඇය ඔහුට දැනුන නිසා වියයුතුය.
                                                 මේ සොඳුරු මතක සටහන් ඉලෙක්ට්‍රොනිකව සටහන් කරන්නට ඔහුට අවශ්‍ය වූවේ බොහෝ ඒ නිමේශයන් හුදු මිනිස් බවට මත්තෙන් වන අපූරු බවක් ගෙන ඇති බවට ඇති වූ විස්වාසය නිසා විය යුතුය. ඔහු දු‍ටු ඒ අපූරු මිතුරිය , හිතවතිය පිලිබද ආකෘතිය මඳ හෝ සොඳුරු බවක් ඒවා කියවන අයෙකුට පවා ‍රැගෙන එනු ඇති බවට ඇති වූ විස්වාසය නිසා විය යුතුය. ඔහුගේ ජීවිත තේමාව වඩා අපූරුවට වරනගන්නට ඒ හමුවීමටහැකිවිය. “තම පෘතුවි ජීවිත සංචාරය පිලිබදව සටහනක් තබා යෑම මෙහි පැමිනි සෑම සංචාරකයෙකුගේම වගකීමකි” . සමහර විටක මේ ඔහුගේ සමස්ථ ජීවිත සංචාර සටහනේ සංශික්ප්තය විය හැක.
                                                                                           Tharu minisun

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...