2013-01-11

ප්‍රකට සමාගම් දෙකක් නෙට්බුක් නිෂ්පාදනය අත්හැර දැමේ....



ප්‍රධාන පෙලේ පරිගණක නිෂ්පාදන ආයතන දෙකක් වන Acer හා Asus ආයතනයන් පවසන්නේ මෙම වසරේ සිට නෙට්බුක් පරිගණකයන් නිෂ්පාදනය කිරීම සිදු නොවුනු ඇති බවය.අඩු මිලැති මෙම ලැප් ටොප් යන්ත්‍රයන් 2007දී පලමුවෙන්ම වෙළඳ පොලට නිකුත්වුනු අතර බරින් අඩු බව මෙන්ම මිලේන් අඩු බව වැනි කාරනා කිහිපයක් නිසා ආරම්භයේ මෙම උපකරනය වෙත මහත් ඉල්ලුමක් ලැබිනි. 2010 වන විට ඇපල් ආයතනයේ අයි පෑඩ් උපකරනය වෙළඳ පොලට පැමිනීමෙන් ඇරබුනු නෙට්බුක් අලවියේ පහත වැටීම ස්මාර්ට් දුරකතන මෙන්ම ටැබ්ලට් උපකරන බහුල වීමත් සමග බොහෝ සෙයින් අවම වූ බවටයි සටහන් වන්නේ.ටැබ්ලට් මෙන්ම සර්ෆේස් වැනි උපකරන වඩාත් සැහැල්ලු මෙන්ම ගනන හැකියාවෙන් ඉහල  මට්ටමට පැමිනෙත්ම නෙට් බුක් සදහා වන වෙලද පොල ඉල්ලුම බොහෝ සෙයින් පහතට පැමිනෙමින් ඇති බවටයි පැවසෙන්නේ.

2013-01-10

LinkedIn භාවිතාකරුවන් මිලියන 200 සීමාව ඉක්මවයි..



LinkedIn අඩවිය පවසන්නේමේ වන විට තමන් සාමජිකයින් මිලියන 200 සීමාව ඉක්මවා යමින් සිටින බවයි. වෘතීයබව මූලිකව ගොඩ නැගෙන සමජ ජාලාවක් ලෙසට පැවසෙන මෙම අඩවිය සතු සාමාජිකයින් සංක්‍යාව 2011 වසරේ මාර්තු මාසයේ වන විට මිලියන 100 ව පැවති අතර එම අඩවිය හා ගනුදෙනු කල හැකි භාෂා ප්‍රමානයට නව භාෂා 13 ක් එක් කරමින් මුලු ප්‍රමානය 19ක් දක්වා ඉහල නැංවීමට කටයුතු කරන ලදී.
   මේ වන විට මාසිකව මිලියන 160කට අධික සපැමිනෙන්නන් පිරිසක් සිටින වෙබ් අඩව්යක් බවට පත්ව ඇති  අතර එය වැඩිම සැපැමිනීම් දරන වෙබ් අඩවි අතර 23 වන ස්ථානයේ පවතින බවටයි සටහන් වන්නේ.ඔවුන් පවසන්නේ තම භාවිතාකරුවන්ගෙන් සියයට 64ක්ම ඇමරිකාවෙන් පිටත ජීවත් වන අය බවයි.තම භාවිතාකරුවන් අතර ඇමරිකානුවන් මිලියන 74ක්ද ඉන්ඩියානු වන් මිලියන 18ක්ද බ්‍රිතාන්‍ය හා බ්‍රසීල වැසියන්  මිලියන 11ක්ද කැනඩානුවන් මිලියන 7ක් ද වන බවටයි පවසා සිටින්නේ.

"ලයිව් මැසෙන්ජර්" මාර්තු 15 සිට ස්කයිප් මතට පැමිනේ..


මයික්‍රසොෆ්ට් ආයතනය නැවතත් මතක් කර සිටින්නේ "ලයිව් මැසෙන්ජර්" පහසුව එලබෙන මාර්තු 15 සිට අවසන් කරන්නට නියමිත බවයි.  "ඔන් ලයින් " ආකාරයට කෙනෙකු සමග සංවාදයේ යෙදෙන්නට  පහසුව සැලසූ මෙම සේවාව එලෙස අවසන් වීමට නියමිත බව පවසමින් භාවිතාකරන්නන් වෙත ඊමේල දැනුම්දීම් මේ වන විට යවමින් පවතින බවටයි ආයතනය පවසන්නේ. චීනය තුලදී පමනක් භාහිර ආයතනයක් විසින් මෙම සේවාව ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම ලබා ගෙන ඇති අතර ඒ අනූව චීනයේදී හැරෙන්නට "වින්ඩෝස් ලයිව් මැසෙන්ජර්" සේවාව මයික්‍රසොෆ්ට් ආයතනයේම තවත් සේවාවක් ලෙසට පවත්වාගෙන යමින් සිටින ස්කයිප් වෙතට බද්ධවනු ඇති බවටයි තොරතුරු පවසන්නේ.
   ආයතනය පවසන්නේ දැනට ලයිව් ගිනුම් දරන්නන් ස්කයිප් වෙතින් නවතම සංස්කරනය ලබා ගෙන පරිගණකය මත ස්ථාපනය කොට තම ලයිව් මැසෙන්ජර් අවසර පදය හා භාවිතාකරන නාමය යොදා ගනිමින් තම ගිනුමට පිවිසීම බවත් එවිට ස්වංක්‍රීයව මැසෙන්ජර් ගිනුම සමග වූ සියලු සබදතා තොරතුරු නවස්කයිප් ගිනිමට සම්බන්ද වන බවයි.

2013-01-09

ෆයර්ෆොක්ස් 18 දියුනු කිරීම් කිහිපයක් සමග නිකුත් වෙයි.....


මොසිල්ලා පවසන්නේ තම ෆයර්ෆොක්ස් 18 නව සංස්කරනය මේවන විට මුදා හැර ඇති බවයි. ජාව ස්ක්‍රොප්ට් සදහා වැඩි දියුනු කිරීම් මෙන්ම හදුනා ගෙන තිබූ දුර්වලතා 28 සදහා පිලිසකර කිරීම් ද ඇපල් හි රෙටිනා අධි සුපැහැදිලි තිර සහයද සහිතව නව සංස්කරනය මුදා හැර ඇති බවටයි සටහන් වන්නේ. නව ජාව ස්ක්‍රිප්ට් යාන්තරනයක්ද සහිත එම සංස්කරනය වෙබ් මූලික පරිගණක ක්‍රීඩා සදහා මෙන්ම ඇප්ස් සමග වැඩි වේගයකින් කටයුතු කිරීමේ හැකියාවෙන් යුත්තවනු ඇති බව ටයි පවසා සිටින්නේ.
                       ඔවුන් බීටා සංස්කරනයේදී ලබාදී තිබූ පී.ඩී.එෆ් කියවනය මෙම සංස්කරනයෙන් ඉවත්කොට ඇති අතර පසුගිය සතිය වන විට ලොව ෆයර්ෆොක්ස් භාවිතය පිලිබදව ආයතන දෙකක් විසින් නිකුත්කල වාර්ථාවල සටහන්ව තිබුනේ සියයට 19.02 හා 21.9 ලෙසටය. දැනටමත් ෆයර්ෆොක්ස් භාවිතාකරන උපකරන සදහා මෙම නව සංස්කරනය වෙත උස්තල ගැන්වීම ස්වංක්‍රීයව සිදුවන අතර නව භාවිතාකරන්නන් සදහා පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස එය ලබා ගත හැකි වනු ඇත.

http://www.mozilla.org/en-US/

බී.බි.සී වින්ඩෝස්8 නොසලකා හරී..



ලොව ප්‍රකට පෙලේ මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී ආයතනය තම සේවාවන් බෙදා හදා ගැනීම පහසු කරනු පිනිස ඇපල් අයි ෆෝන්  හා අයි ෆොඩ් සදහා අප්ස් මේ වන විටත් නිකුත්කර ඇති මුත් හා ඇන්ඩ්‍රොයිඩ් සදහා ඇප් මෘදුකාංග නිර්මානය කරමින් සිටින බව පවසා සිටියද මයික්‍රසොෆ්ට්  වින්ඩෝස් ෆෝන් හෝ බ්ලැක්බෙරි සදහා ඇප්ස් නිකුත් කිරීමක් ගැන කිහිදු අදහසක් නිකුත් නොකර සිටීමට කටයුතු කරමින් සිටිනවා.
                               එම ආයතනය පවසන්නේ එරට තුල වැඩි භාවිතයක් සහිත ඇපල් උපාංග වෙත තම සේවාවන් සම්බන්ද කරගැනීම පහසු කරවන ඇප්ස් නිකුත් කිරීමට කටයුතු කර ඇති මුත් වින්ඩෝස් 8 උපාංග සදහා තවමත් තමන්ගේ වැඩි අවදානයක් ඒ සදහා නොලැබී ඇති බවයි. එමෙන්ම නුදුරු අනාගතයේදී හෝ එවැනි කාරයයකට අතගසන්නට තවමත් තමන්තුල තීර්නයක්ද නැති බවයි.

ස්කයි ඩ්‍රයිව් වෙත දියුනු කිරීම් කිහිපයක්......



මයික්‍රසොෆ්ට් වෙතින් පලවෙන්නේ ස්කයි ඩ්‍රයිව් සේවාව සදහා දියුනු කිරීම් කිහිපයක් හදුන්වාදෙන්නට කටයුතු කර ඇති බවකි. ආයතනය පවසන්නේ එම වෙබ් අඩවියේ  HTML5  හා  දත්ත ගොනු බෙදා හදා ගැනීම සදහා මෙම දියුනු කිරීම් බලපානු ඇති බවයි.මෙම දියුනු කිරීම් සමග වැඩි උපකරන පරාසයක වේගයෙන් තම සේවාව භාවිතකිරීමේ හැකියාව තම භාවිතකරන්නන් හට ලැබෙනු ඇති බවටයි පවසා සිටින්නේ. එක් තිරයක් මතදී තමන් බාහිර භාවිතාකරන්නන් හට විවෘත කර ඇති ගොනු මොනවාද යන්නත් පහසුවෙන් ඒවා හැසිරවීමේ හැකියාවත් මෙන්ම ස්පර්ශක තිර මිත්‍ර බව වැඩි දියුනු කිරීම මෙන්ම "ඩ්‍රැග් ඇන්ස් ඩ්‍රොප්" හැකියාවත් මෙම නව දියුනු කිරිම් අතර වනබව පවසන ආයතනය ක්‍රමයෙන් තම භාවිතාකරන්නන්හට එම පහසුකම් මුදා හරිමින් සිටින බවටයි පවසා සිටින්නේ.

වින්8 බලපත්‍ර මිලියන 60 ක් ඇප්ස් බාගතකර ගැනීම් මිලියන 100 ඉක්මවයි



මයික්‍රසොෆ්ට් ආයතනය අද ප්‍රකාශකොට සිටින්නේ මේ වන විට වින්ඩෝස්8 බලපත්‍ර මිලියන 60 කට වඩා මේ වන විට අලවි කොට ඇති බවයි. එසේම මිලියන 100 ඉක්මවා ගිය වින්ඩෝස් ඇප්ස් බාගත කිරීම් ද මේ වන විට වාර්ථා වෙමින් පවතින බවයි. මයික්‍රසොෆ්ට් සමාගමේ විධායක මට්ටමේ ප්‍රකශකයෙකු වැඩි දුරටත් පවසා සිටින්නේ වින්ඩෝස්8 මට්ටමේ සහතික ලත් වින්ඩෝස්8 උපකරන ප්‍රමානය 1700 ඉක්මව ඇති බවකි.කෙසේවෙතත් එහිදී වින්ඩෝස්8 වෙත උස්තල ගැන්වීම් හා වෙළඳ පොලෙන් අලුතින් වින්8 සමග මිලදී ගත් උපාංග ආදියෙහි වෙනම සවිස්තර හෙලි නොවන අතර පසුගියකාලයේ පැතිර යමින් තිබූ වින්ඩෝස්8 වෙළඳ පොලතුල ඉතා අඩු වේගයකින් අලවි වෙමින් පවතින බවටවූ අදහස් පැතිරීම් වලට මේ තොරතුරු යම්  පිලිතුරක් වනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.පසුගිය නොවැම්බරයේ මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ වින්ඩෝස්8 බලපත්‍ර මිලියන 60 පමන ඒ වන විට අලවිව ඇති බවයි.

2013-01-08

වසරේ දැවැන්තම ඉලෙක්ට්‍රොනික උපාංග දැක්ම.....



වසරේ දැවන්තම ඉලෙක්ට්‍රොනික උපාංග දැක්ම සුපුරුදු ලෙස මෙවරත් 8 වෙනිදා සිට 11 දක්වා පැවත්වීමට නියමිත බවටයි සටහන් වන්නේ.Las Vegas නගරයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ප්‍රධාන පෙලේ ඉලෙක්ට්‍රොනික උපාංග සමාගම් තම නවීනතම නිෂ්පාදනයන් වෙළදපොලට හදුන්වා දෙන අතර මෙවර ---- ආයතනයෙන් නිකුත්වන 110-inch UHD TV රූපවාහිනී යන්ත්‍රය ඇතුලු වින්ඩෝස් 8 මිත්‍ර උපාංග කිහිපයක්ම මුල් වරට දක්නට ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. මෙම දැක්ම හා එහි සිදුවන සිදුවීම් සවිස්තරව දැන ගැනිම සදහා පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබටත් හැකිවනු ඇත.

http://www.cesweb.org/

ටෙරා බයිට් එකක ප්ලෑෂ් ඩ්‍රයිව් එකක්......


Kingston ආයතනය පවසන්නේ මෙම වසරේ පලමු කාර්තුව තුල ටෙරා බයිට් එකක ධාරිතා හැකියාවකින් යුත් ප්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයක් වෙළඳ පොලට නිකුත් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. USB 3.0 තාක්ශනයට අදාල වන මෙම උපාංගය තප්පරයට 10ක වේගයකින් දත්ත හුවමාරු කිරිමේ හැකියාවෙන් යුත්ත වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.වැඩි දුරටත් ඔවුන් පවසන්නේ USB 3.0 සම්බන්ද තාවයකදී තප්පරයකට 240 මෙගා බයිට් වේගයකින් දත්ත ලිවීමේ හැකියාවක් ද USB 2.0 සම්බන්දතාවයක් තුලදී තප්පරයකට මෙගා බයිට 30ක වේගයකින් දත්ත ලිවේමේ හැකියාවකින්ද මෙම උපාංගය සමන්විත වනු ඇති බවයි.  තවමත් මෙම උපාංගයේ මිල ගනන් හෙලිව නැති බවටයි සටහන් වන්නේ.

2013-01-07

හෙට දවසේ බිහිවන දත්ත මිනිසා ගැන කෙරෙන අපූර්ව සටහන කියවන්නට.....




 .........මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට  පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු  අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ  පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි.   ස්තුතියි....  මම බීටාව............

http://www.siriwansa.com/DataMan.php

"ටච් ස්ක්‍රීන්" නැති නම් "ටච් පෙන්" එකක් භාවිතාකල හැක!!!



වින්ඩෝස්8 මූලිකව නිර්මානය වී ඇත්තේ ස්පර්ශක තිර මූලික භාවිතාවක් සදහාය. සැබවින්ම "මොඩර්න් යුසර් ඉන්ටර්ෆේසය" ස්පර්ශක භාවිතයකින් තොරව යොදා ගැනීමට සිදුවීම ස්පර්ශක තිර සහය නැති වින්8 සහිත පරිගණක භාවිතා කරන්නන් තුල මහත් අපහසුවක් ඇති කරන්නෙකි.
                           Targus ආයතනය මේ සදහා පිලිතුරක් වෙළඳ පොලට නිකුත් කරන්නට සැලසුම් කර ඇති බවටයි පවස සිටින්නේ. ඔවුන්ගේ විසදුම වන්නේ යු එස් බී සබදතාවයක් හරහා පරිගණකයට සම්බන්ද කරන "ටච් පෙන්" එකකි. ඒම ආයතනය පවසන්නේ වෙනත් අමතර මෘදුකාංග ස්ථාපනයකින් තොරව භාවිතාකල හැකි වන මෙම උපකරනය මෙම වසරේ දෙවන කාර්තුව පමන වන විට ඩොලර් 100ක මිලකට වෙළද  පොල වෙත නිකුත් කරන්නට තමන් සැලසුම් කරමින් සිටින බවකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...