Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-03-21
"මා දන්නා බුදු දහම යනු මහා බලයක් අප වෙත කැදවන මගක් නොව..........
"මා දන්නා බුදු දහම යනු මහා බලයක් අප වෙත කැදවන මගක් නොව බලයේ අවසානය පෙන්වන මාර්ගයකි. සරලව පවසන්නේ නම් යමෙක් දහම තුල යම් දුරක් ගමන්කර ඇත්නම් ඔහු අනෙකුන්ට වඩා මදක් හෝ ආඩම්බර වන්නට හේතුවක් නොව සාමන්‍ය අයෙකුට වඩා ආඩම්බරයෙන් අඩුවන්නට හේතුවක් විය යුතුය. දෛනික ජීවිතයේ අප හුරුපුරුදුකරගෙන ඇති එක් වෛරයකින් තේරුම් ගෙන නිවීමට පත්වීමට හැකිවීම අවසාන මහා නිර්වාන මාර්ගයේ ඔබ ගමන් කරමින් සිටින්නෙකු බවට හොදම සාධකයකි."
2011-03-14
ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හි නවතම සම්පූර්න සංස්කරනය
අද (14) ලංකාවේ වේලාවෙන් උදැසන 10.00 යේ සිට මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හි නවතම සම්පූර්න සංස්කරනය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බාගතකිරීමේ අවස්තාව ලැබෙන බවට පුවතක් පලවෙනවා.පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එය ලබා ගත හැකි වනු ඇති.
http://windows.microsoft.com/en-US/internet-explorer/products/ie-9/home?ocid=ie9_bow_Bing&WT.srch=1&mtag=SearBing
http://windows.microsoft.com/en-US/internet-explorer/products/ie-9/home?ocid=ie9_bow_Bing&WT.srch=1&mtag=SearBing
2011-03-08
දුක්විදගෙන හිතවත් ඇගවත් ආංබාංකරගන්න ගිහින් තව තවත් ඔය කතන්දරේ දික්කර ගන්නවත් එපා
....................මහත්තයෝ මම මෙහෙම කිව්වා කියලා අමනාපයක් ගොඩ නගා ගන්න කාරි නෑ. කාලාන්තරයක් තිස්සේ දන්න නොදන්න අපමනක් එක්ක පොර අල්ලමින්, විටක ආසාවෙන් බදාගනිමින් තවත් විටක වෛරයෙන් ඉවතට තල්ලු කරමින් ඔබතුමාම මහා තන්හාවෙන් ලියා කියා ගත්තු ඔබතුමාම කියන පොත ඔය හිතන විදිහට මහා ධන වත්තු බලවත්තු දන්න කියන නිසවත් සිල්වත්තු කියාලා එයාලාම කියන කරන අය දන්න කියන නිසාවත් එක පාරම අකුලලා විසික්කරන්න අමාරු වෙයි. අනික මහත්තයෝ අල්ලපු ගෙදර මිස්ටර් ජයසිංහ නැතිනම් පහල ගෙදර අංගොහාමි කරන කියන නිසාවත් මාර අමාරුවෙන් දුක්විදගෙන හිතවත් ඇගවත් ආංබාංකරගන්න ගිහින් තව තවත් ඔය කතන්දරේ දික්කර ගන්නවත් එපා. ඔබ තුමා ඔබතුමාටම අවංක වෙන්න ඉස්සල්ලම යන්න තියෙන ගමන ගැන පොඩි අවබෝදයක් ඇති කරගන්න. ඊට පස්සේ අනුන්ට පේන්නවත් පෙන්නන්නවත් නොවේ ඔබතුමාටම සතුටක් සැහැල්ලුවක් දැනෙන නිසාම පමනක් ඔය පොත ටිකින් ටික මකන්න උත්සාහා කරන්න බලන්න..........
2011-03-06
දහම එක් අතකින් අර මුරකරු දැල්වූ පහන් බුබුලු වල ආලෝකය නැවත .............
සිතම මත කලක් අකීකරුව දුව ඇවිදුනු ලද මතකයන් මේ වනවිට සිතේ ඈත කෙලවර යාන්තමට සක්මන් කරන සෙවනැලි සේ විටින් විට සිතේ අවධානය යාන්තමින් පැහැර ගනී. කලක් ඊයම් ගුලියක් සේ මහත් බරට සිත හරහා ගමන්කරන්නාක්සේ දැනුනු මතකයන් කුඩා පුලුන් රොදක් සේ කලාතුරකින් සිත මතුපිටට පැමින් මොහොතක් දෙකකින් නොපෙනී යන අයුරු හරිම අපූරුය. මිනිසුන් මතක ගොන්නක සිරකරුවන් වියයුතුමදැයි මම මගෙන්ම විමසමි.අවසන් වරට මා සේවය කරමින් සිටි විශ්වවිද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ උඩු මහලේ වූ දේශන ශාලාවේ දවසේ අවසාන දේශනයෙන් පසුව අදුර මුලුමනින්ම වෙලා ගන්නා තුරු ඈතින් පෙනෙන මුහුදු වෙරළේ සිදුවන බොහෝ දේ දෙස බලා සිටින්නට මාතුල වූ හුරුව නැවතත් මතකයට නැගේ. අබුසැමියන් තම දූ දරුවන් සමග විනෝදවෙයි. පෙම්වතුන් දැත් පටලාගෙන ඔබනොබ ඇවිදින්නේ අද අදුර නොපැමිනෙන්නේ නම් මොන තරම් හොදදැයි කියන්නාක් මෙනි.තවත් තැනක තරුනයින් කිහිප දෙනෙකු මදුවිත තොලගාමින් කථා බහකය. කලාතුරකින් තැනක තනිවුනු තරුනයෙකු අහස පොලව ගැට ගසන්නට හොදම විදිය සොයනවාසේ බර කල්පනාවකය.සිය ගනනකගේ කිසිදු සිතුවිල්ලක් ගනන් නොගන්නා රත්පැහැ ගත් සැදැ හිරු මඩල අනන්ත මහසයුරේ දිය රැලි අතර සැගව යන යුරු බලා සිටින විට ජීවිතය ගැන මහත් අවබොදයක් සිත මතට උදාවෙයි.අවසානයේ පැමිනෙන මුරකරු මා එහි සිටින බව දන්නා නිසාම ශාලාවේ විදුලි පහනක් දෙකක් දල්වයි. දහම එක් අතකින් අර මුරකරු දැල්වූ පහන් බුබුලු වල ආලෝකය නැවත පැමිනිමක්සේ විටක මට සිතේ.
නිවනට බොහොම කිට්‍ටුයි කියලා අනුන් කියන නිසාම තමනුත් හිතන කෙනෙක් ........
........මේක මාර ජොලි වැඩක් වෙලා. නිවනට බොහොම කිට්‍ටුයි කියලා අනුන් කියන නිසාම තමනුත් හිතන කෙනෙක් පොතක් ලියනවා අහවල් තත්වයට අහවල් තත්වයට පත් උනාම මෙහෙම මෙහෙම පාට පේනවා කියලා නැතිනම් වෙන මොකක් හරි දෙයක් පේන්න ගන්නවා කියලා. ඉතින් මේක කියවලා නිවන හොයනවා කියලා හිතාගෙන කට්ටිය අරපොතේ තිබුනු පාටවල් නැතිනම් ලකුනු හොයන්න ගන්නවා ඇස් දෙක පියා ගෙන. ඉතින් මේ අසරනයට ස්නායුවක් හරි අවුට් ගිහිල්ලා පාටක් පෙනුන හැටියේ හිතා ගන්නවා මම මාරයි මම ඉන්නේ අහවල් තත්වේ කියලා. වැඩේ ඔහොම යනකොට මේක වෙච්ච මනුස්සයා කිව්වත් මටනම් ටිකක් සැකයි කියලා වටේ ඉන්න අය කියන්න ගන්නවා "පිස්සුනම් කතා කරන්න හදන්න එපා ඔයා ශුවර් එකටම මොකක් හරි පලයක් ලබලා ඉන්නේ කියලා." ලැබෙන සැපසම්පත් ටික දිහා බලලා මේ අසරනයත් හිතනවා වෙන්න ඇති මොකක් හරි ඵලයක් ලබලා වෙන්න ඇති නැත්නම් එක පාරට මේ තරම් සැප සම්පත් පහල වෙන්නේ කොහොමද කියලා...............
ඇත්ත බුදු දහම කාටවත් වටින්නේ නැහැ මොකද ඒක මාකට් කරන්න බැරි නිසා
.......මම මැතකදී කියවපු ලිපියක තිබුනා සාම්ප්‍රදායික ක්‍රිස්තු භක්තිකයන් ගැන අපූරු කතාවක්. "ඔවුන්ගෙන් යමෙක් ඇහුවොත් ඔබ යන්න කැමතිම තැන කොතැනද කියලා ඔවුන් එක පාරටම කියන්නේ දෙවියන් වහන් සේ ගාවට කියලලු. හැබැයි ඇහුවොත් දැන් යමුද කියලා කියනවලු අනේ දැන් නම් බැහැ කියලා" බුද්ධ දර්මයේ තත්වයත් මේ වාගේම තමයි කියලා හිතන්න පුලුවන්. ඇත්ත බුදු දහම කාටවත් වටින්නේ නැහැ මොකද ඒක මාකට් කරන්න බැරි නිසා. මේ නිසා තමයි වැල්වටාරම් වලින් පිරුනු අරු මෝසම් බුදු දහමට කවුරුත් කැමති. කථාන්දර තර්ක විතර්ක නිවන් මග යනකොට පෙනෙන පාටවල් ගැන කතාකරකර ඔහේ ඉන්න පුලුවන්නේ............
2011-02-22
තද හිරුරශ්මිය ඉදිරියේ වියැකී යන පිනි බිදක්සේ ජීවත් නිදහස් වන බවත්.........
ආශ්‍රමයේ සැදැසමාලෝචන රැස්වීම් සමහර දිනවල අපූරු අදහස් උදහස් අසන්නට ලැබෙන තැනක් බවට පත්වෙයි. ඉතා මැතකදී අපහා එක්වූ චීන ජාතික මහත්මයෙක් එක් වරම නැගී සිට කීවේ තමන්ගේ මනස හිස් කිරීම දැන් නම් බොහෝ දුරට සාර්තක බවකි. තමන් වේගයෙන් දහමේ උසස් තත්වයන් කරා ලගා වෙමින් පවතින බව හොදින්ම දැනෙන බවකි. ඉතා අවදානයෙන් ඔහුගේ මුහුනුවර දෙස බලන අපට එක්වරම මොනතරම් පීඩාවකින් ඔහු පෙලෙමින් සිටින්නේදැයි වටහා ගත හැකිය. ලොකු ස්වාමීන් වහන්සේ කිසිදිනක අනිකුන් ඉදිරියේ තවකෙකුගේ අපසසුතාවයට පත්විය හැකි ආකාරයේ ප්‍රශ්නවලදී දිගින් දිගටම කතා නොකලාය. ප්‍රධාන හමුව අවසානයේ තමන් හමුවන්නට ඔහුට ආරාධනා කලාය.පසු දිනක සැදැසමාලෝචන රැස්වීමකදී අර මහතගේ අවසරය ඇතිව නැවතත් අර ප්‍රශ්නය මතුකරාය. මනස පුරවන්නට වත් හිස් කරන්නටවත් දේවල් දහම තුල නැති බවක් පැහැදිලි තේරුම් ගැනීමතුල සියල්ල තද හිරුරශ්මිය ඉදිරියේ වියැකී යන පිනි බිදක්සේ ජීවත් නිදහස් වන බවත් අපට පැහැදිලි කර දුන්නාය.
2011-02-06
ඔවැනි සම්පත් යනු මේ සරල සැහැල්ලු අපුරු සතුටින් පිරුනු ජීවිතයට මහත් බාදයක්
මා මෙහි එන්නටපෙර ආශ්‍රමවාසීවසිට සමුගෙන ගොස් තිබූ අප්‍රිකානු ජාතික ධනවත් මහත්මයෙකු නැවත පැමින සිටියේ අධිසුපෝඛභෝගී ,නගරයට ආසන්නයෙන් ඉදිකල විශාල බලකොටුවක් වැනි විහාරස්ථානයක්, අධිසුපෝඛභෝගී වාහනයක් ඇතුලු බෝහෝ පූජා භාන්ඩ ලොකු ස්වාමීන් වහන්සේට පූජා කිරීම සදහායි. පෙරකී මහත්මයාගේ අදහස සාමදානව ඇහුම් කන්දුන් උන් වහන්සේ මද සිනාවක් පාමින් මෙසේ කිවාය. කුඩා කල මා ඉතා දුප්පත් අයෙක් උනා. ඉතා අපහසුවෙන් ඉගනගෙන යහපත් රැකියාවක් කරමින් හොදින් උපයා සුපිරි ජීවිතයක් ගත කලා. ඉන් පසුව ඊටත් වඩා වඩා සතුටක් ජීවිතය තුල ඇති බව තේරුම් ගිය බැවින් ඒ ජීවිතයට බාදකයක් වන නිසා පෙර කී සියලු දේ අත්හැර දැම්මා. මට දැන් ඔවැනි සම්පත් යනු මේ සරල සැහැල්ලු අපුරු සතුටින් පිරුනු ජීවිතයට මහත් බාදයක් මිසක පෙර පින් මහිමයෙන් පහලවූ සම්පත් නොවේ." පෙරකී ධනවත් මහත්මයා ආශ්‍රමයෙන් පිටව යන දිනයේ ගබඩා භාරකරුට පවසා ගොස් තිබුනේ තමුන් මෙහි ගතකල මාසගනනක කාලයේදීට වඩා යමක් පෙර දින හමුවේදී වැටහුනු බවයි.
මෙම දහම ඔබ විදිනා සතුටට වඩාවූ මහත් සතුටක් අත්පත් කර ගැනීම සදහා ඇති මාවතක් පමනී.
වරක් අප සමග ඇමෙරිකානු ජාතික තරුන මහත්මයෙකු එක්විය. තම පෙම් වතිය හැරගිය සොවින් ඔහු ඉතා පීඩිතව සිටියාය. ඔහුට ජීවිතය ගැන කලකිරී සිටින බවක් අපට දැක ගත හැකිවිය.දිනක් සැදැසමාලොචන රැස්වීමේදී තම පීඩිත බව වචනයට පෙරලන්නට විය. අවසානයේ ලොකු ස්වාමීන් වහන්සේ මහත්කරුනාවෙන් මෙසේ කීවාය."මෙම දහම දුකට පත්වූවන් සදහා නොවේ.පීඩිතයන්ට තම පීඩාව සගවා ගැනීම සදහා භාවිතා කලහැකි කඩතුරාවක්ද නොවේ එය. මෙය දැනට ඔබ විදිනා සතුටට වඩාවූ මහත් සතුටක් අත්පත් කර ගැනීම සදහා ඇති මාවතක් පමනී. ඔබ ලෝකය ගැන හෝ ජීවිතය ගැන කලකිරී ඇතිනම්, ඔබට පුහුනුවක් ලත් උපදේශකයෙකුගේ සහය ලබා ගත යුතුයි. ඔබට සාමාන්‍ය ජීවිතයේ විදගන්නට බැරිවූ භෞතික සැප සම්පත්නම් මෙහෙදී ඔබ සොයන්නේ, ඔබ වැරදිතැනකට ගොඩවී ඇතිබව තේරුම් ගත යුතුයි. "
2011-02-05
දිව්‍යලොව සංකල්පය මා විද ඇති එකකැයි අදත්මා විස්වාස කරනුයේ.............
සීතල පිනිකැට විසිරුනු සක්මන් මලුව මත උදැසන සක්මන මුලු සිරුරම ප්‍රබෝධය කරා වදිකරවයි.ප්‍රබෝධයෙන් හඩතලන නෙක සියතුන්ගේ හඩ, ප්‍රානයෙන් පිරුනු අවට ගස් වැල්, දෙසවන් දෙනෙත් අපූරු සතුටකින් පුරවාලයි.නිතැතින්ම සිත ඇදෙන්නේ මීට බොහෝ කලකට පෙර ඉන්දියාවේදී ලත් ගැබුරු රාගධාරී සංගීතයේ අපූරු අත්දැකීමටයි. සෑම උදැසනකම සංගීත ආශ්‍රමය ඉදිරියෙන් වූ විශාල නුගගස පාමුල අපව මැදිකොට අසුන් ගන්නා ගුරුතුමා හා අනු ගුරුතුමන් ඉන්දියානු සංගීතයේ එන රාගදාරී සංගීත කාංඩයන් වාදනය කරයි. බට නලාවත් තබ්ලාවත් සංකලනයෙන් ඉපදෙන ශාන්තිමත් නමුත් ගැබුරු හඩවල් අප වචනයෙන් විස්තර කල නොහැකි අපූරු ලොවකට රැගෙන යන්නේ නිරාසයෙනි.දිව්‍යලොව සංකල්පය මා විද ඇති එකකැයි අදත්මා විස්වාස කරනුයේ ඒ අත්දැකීම් නිසා වෙනි.
ඔස්ට්‍රේලියානු ජාතික කථිකාචාර්යවරයෙකු..........
අප සමග වසර දෙකකට අදික කාලයක් ආශ්‍රමයේ ගතකල ඔස්ට්‍රේලියානු ජාතික කථිකාචාර්යවරයෙකු වහ වහා තම නිවස කරා යාමට සූදානම් වෙමින් සිටී. ආශරමය වෙත පැමිනි අමුත්තෙකුගෙන් තම රටේ ස්වාභාවික වියසනයක් ඇතිවී ඇතිබව දැන ගත් මොහොතේ සිට දැඩි නොසන්සුන් බවකට පත්ව සිටි ඔහු පුරා දිනකට ආසන්න කාලයක් ගෙවමින් පාගමනින් ආසන්නම නගරය වෙතගොස් වැඩිවිස්තර සොයාගෙන පැමිනෙන විටම අප දුටුවේ දැඩි කම්පනයකට පත්ව ඇති බවකි. සැදැ සමාලොචන හමුවේදී ඔහු පැවසුවේ බැදීම කොයිතරම් ගැබුරුදැයි ප්‍රතම වතාවට ඉතා හොදින් තමන් සපත කරගත් බවයි.ලොකු ස්වාමීන්වහන්සේ පැවසුවේ "කරුනාකර ඔබේ බැදීම් සමග ගැටුම් ඇති නොකර ගන්න.ඒවාට රිසිසේ ක්‍රියාත්මක වන්නට ඉඩ දෙන්න.නමුත් ඔබ මෙතෙක් කල් ප්‍රගුන කල මනස යොදා ගනිමින් ඔබව වටහා ගන්න"කියා පමනී.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...