2025-06-19

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්නන් බිලියන දෙකක් පමන සදහා default authentication method එක ලෙසට සුපුරුදු passwords වලින් passkeys වලට ගෙන ගොස් තිබෙනවා.එසේම third-party apps වලට ද නව ප්‍රවනතාවය සදහා අනුගත වන්නට මේ වන විට දින නියම කරන්නටද කටයුතු කර තිබෙනවා. FBI ආයතනය පසුගිය දා වාර්ථා කර සිටියේ පසුගිය වසරේදී සයිබර් අනතුරු 33% කින් ඉහල ගොස් ඇති බවයි. සයිබර් අපරාධ කරුවන් අතර ද AI ප්‍රවනතාවය මහත් සේ ජනප්‍රිය වී ඇති අතර AI සහයෙන් වඩාත් ඉක්මන් හා ඉලක්ක සහගත පහර දීම සරල බවට පත් වෙමින් ඇති බවට වාර්ථා වනවා. මේ අතර Google හදාරන්නන් පවසන්නේ නව පරපුර සාම්ප්‍රධයික අවසර පද වෙනු වට biometric authentication වලට වඩාත් ප්‍රියතාවයක් දැක්වීම වඩාත් දකින්නට හැකි බවයි.
Pubudu Siriwansa

 

2025-03-11

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් නම්‍ය  ඉලේක්ට්‍රොනික  බවක් ලබමින් ඔබ මොබ ගලා යන්නේ ක්ෂනකයකින් පමනක් නොව වෙනස්ද වන්නේ මහත් ක්ෂනයකින් වීම අපේ අද ජීවිතය වටා හාත් පසින් නිරන්තරයෙන් දකින්නට හැකි වන්නක්.මේ බව අපේ සාම්ප්‍රධායික ජීවිත ආකෘති මහත් සේ අභියෝගයට ලක් කර තිබෙනවා. සමාජජාලා යුගය මේ වෙනසෙහි ප්‍රමුක ගාමකය බව දැන් වෙන කොට අප පැහැදිලිව හඳුනාගනිමින් සිටිනවා. බොහෝ විට මේ අස්ථාවර වන අනන්‍යතා ගැටළුවට අපගෙන් එන අවිඥානික විසඳුම වන්නේ බහුල භාවිතාවක් වෙමින් ඇති ටැටූ  ගසා ගැනීම පැහැදිලි කර ගන්නට පුලුවන්.
Pubudu Siriwansa


 

2025-03-10

SOCIAL NETWORK


 සමාජජාලා යුගය අපගේ කැමැත්ත ප්‍රථිව්‍යහගත කර ඇත. සරලවම එය තව දුරටත් ඔබගේ ඇස, කණ, මනස සංතර්පනය කර වීම වෙනුවට සැබෑ නොවන අනෙකුන්ගේ Likes, Comments, Shares වලට ඌනනය කර දමා ඇත. එක් අතකින් මෙය ප්‍රාග්ධන සමුච්ඡන යාත්‍රනයකි. තව අතකින් නිසරු අවකාශකට ඔබව  කැඳවාගෙන යාමකි. මම මෙසේ යෝජනාකරන්නට කැමැත්තෙමි. මොහොතකට සැලකිල්ලෙන් බලන්න "ඔබට" සැබෑවට කැමති වන්නටකිසිදු හේතුවක් නැති කොතරම් දෙකට කැමති වී, අගයා පමනක් නොව අත්දකින්නට පවා පෙලබී ඇතුවාද කියා.

Pubudu Siriwansa

SOCIAL NETWORK


 අපගේ විනෝදය අනෙකාගේ පාලනයට යටත් කරවීම සමාජ ජාලා යුගයේ ප්‍රමුක ලක්ෂණයවේ. Likes, Comments, Shares යනු ඔබේ විනෝදයේ පරිමිතය වී ඇති ආකාරය පුද්ගල අර්ථවල සිට රාජ්‍ය අර්ථ දක්වාම බහුලව හාත්පසම දැකිය හැක්කකි. හොදම උදාහරණය නම් පෙර ආකෘතිය යටතේ නම් කිසිසේත්ම ඔබ කැමති නොවන අපමනක් දේ වලට සමාජජාලා යුගයේ ඔබ කැමැති වී ඇති ආකාරය ඔබටම විස්මය ඇති කරවන්නකි.

Pubudu Siriwansa

2025-01-19

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එරට රජය විසින් තම පුරවැසි භාවිතාකරන්නන්ගේ තොරතුරු වල සුරක්ෂිතතාවය මුල් කර ගනිමින් ඉදිරිපත් කල නෛතික රාමුව සපුරනට අසමත්වීම නිසා වෙනි. එරට රජය යෝජනා කර තිබුනේ චීන මූලික හිමිත්වයෙන් මධ්‍යස්ථ හිමිත්වයක් යටතට us වල TikTok පත්කරන ලෙසටය. එම මිළඳී ගැනීම් සදහා ප්‍රමුක ආයතනයන් කිහිපයක්ම කැමැත්ත පලකල මුත් TikTok වල මව් ආයතනය වන ByteDance ඒ සදහා එකගතාවය පල නොකරන ලදී.කෙසේ වෙතත් දැනට පවතින තත්වය මත 19 දා වන විට එම තහනම ක්‍රියාත්මක වන්නට නියමිත අතර  ඒත් සමග ප්‍රමුක App stores වලින් TikTok App එක ඉවත් වන්නට නියමිත අතර TikTok වල ඉතා සීමිත භාවිතාවක් පමනක් ඉතිරිවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2025-01-18

AI යුගය.

අපිට මෙහෙම කියන්න පුලුවන්. Windows xp වගෙ කියන්නේ මිනිසුන් වැඩි වැඩියෙන් තොරතුරු තාක්ෂණය භාවිතාවට කැඳවපු කාලය. අමතක නොකරන්න Windows 11 වලින් පසුව ඇරබෙන්නේ තොරතුරු තාක්ෂණය වැඩි වැඩියෙන් මිනිසුන්ව භාවිතා කරන කාලය. ඔබට ඒක එරෙහි වෙන්න බැරිවෙන්නේ එය ඔබගේ තොරාගැනීමක් වන්නට නියමිත නැති බැවින්. මොකද තව දුරටත් තීරණ ගැනීම හැකියව ක්‍රමයෙන් ඔබගෙන් ගිලීමින් පැවතීම දැන් වෙනකොට ක්‍රමයෙන් AI නමින් පැමිනෙමින් තිබෙනවා.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

iOS 19 සමග දියුනුකිරිම් රාශියක් ...

iOS 19 යනු තවත් සයමසක් ඉදිරියෙන් බලාපොරොත්තු වන්නකි. එම සංධිස්ථානයට කෙමෙන් තබන පියවරයන් අතරින් මේ වන විට Apple ආයතනය iOS 18.3 Beta 3  නිකුතුව කර ඇත. මේවායින් දැනට මත් භාවිතාකරන්නන් වෙතට එන්නට නියමිත නවාංගයන් පිලිබඳව මෙන්ම දැනට හඳුනාගෙන ඇති ගැටළු සදහා පිලිසකර කිහිපයක්ම නිකුත්කොට අවසානය.  හදාරන්නන් නැවත් නැවත පවසමින් සිටින්නේ iOS 19 සමග  iPhone Camera app වල දියුනු කිරීම් රාශියක් සූදනම් වෙමින් පවතින බවකි. ඔවුන් පවසන්නේ Photo / Video යන දෙයාකාරයටම camera controls හැකියාවන් රාශියක පැමිනීම බලාපොරොත්තු විය හැකි බවකි. මේසදහා සමන්විතව පැමිනෙන්නට නියමිත button වර්චුවල් ආකාරයට මෙන්ම භෞතික ආකාරයට විය හැකි බවට නෙක උදාහරන උපකල්පනය කරමින් ඇත. මීට අමතරව වැඩි දියුනු කල large language models, ( LLMs) පිලිබඳවද හදාරන්නන් ගේ දැඩි අවධානයක් දිනා ගෙන ඇත. දැනට ම  AI-generated notification summaries වල හඳුනාගෙන ඇති දුර්වලතා පිලිබඳව ඔවුන්ගේ අවධානය යොමුවී තිබෙන බව සඳහන්වේ.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2025-01-17

iPad වලට වඩා iPhone භාවිතයේදී ඉදිරියෙන්.

නවතම හැදෑරුම් වර්ථාවක් පවසන්නේ භාවිතාකරන්නන් අතර iPad යට වඩා iPhoneය  ප්‍රායෝගිකව තිබෙන බවයි. ඔවුන් පවසන්නේ gaming / video වලදී iPadය වඩාත් ප්‍රායෝගික වුවද iPhones බහුලවම  emails, internet, watching videos, playing games, music. වැනි සියලු කාරනා වලදී බහුලව භාවිතා වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ තවමත් Apple ecosystem වල මධ්‍ය ලක්ෂය ලෙසට iPhoneය ක්‍රියාකරමින් තම ලෝලයන් වෙනත් Brand වලින් දුරස්ථව තබා ගන්නට ප්‍රධාන සාධකය වෙමින් තිබෙන බවයි. iPad සතු විශාල තිරය මෙන්ම වෙගවත් සැකසුම් හැකියාව ඉදිරියේ වුවද ප්‍රයෝගිකව iPhone ය ප්‍රයෝගිකව බහුල භාවිතයට පහසුව මෙහිදී ප්‍රධාන හේතුව වන්නට ඇති බවටද ඔවුන් උපකල්පනය කරමින් සිටිනවා.මෑත සංස්කරණ වලදී iPhones සමග වඩාත් දියුනු කැමරා හැකියාවක් මෙන්ම තිරයමතදී වැඩි සැකසුම් හැකියාවක් සංයුත්තව එවන්නට එම ආයතනය කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2025-01-16

January 2025 Windows ස්ථාපන ගැටළුවක්.

Microsoft  පවසන්නේ තම January 2025 Windows යාවත්කාලීනය ස්ථාපනයේදී සමහර භාවිතාකරන්නන් සදහා ගැටළු සහගත වීමක් අත්විඳිමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමහර PC වෙතට ස්ථාපනය කර ඇති මෘදුකාංග කිහිපයක් මේ සදහා බලපෑමක් සිදුවන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ January 2025 Windows security updates සදහා බලපාමින් ඇති මෙම තත්වයට හේතුවන්නක් ලෙසට  Citrix Session Recording Agent version 2411 තමන් හඳුනා ගනිමින් සිටින බවයි. ඔවුන් පවසන්නේ මෙම නවතම යාවත්කාලීනය සම්පූර්ණ කොට පරිගණකය restarting අවස්ථාවේදී “Something didn’t go as planned. No need to worry – undoing changes” හා සමාන පනිවිඬයක් ලැබෙමින් තිබීම සමහ භාවිතා කරන්නන්ගේ අත්දැකිමක් ලෙසට තම වෙතට වාර්ථා වෙමින් ඇති බවකි. Citrix මේ වන විටත් support document  එකක් ඔස්සේ PowerShell/Command Prompt command ආකාරයෙන් මෙම ගැටළුව මග හරින ආකාරය පැහැදිලි කර ඇති බවකි.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2025-01-15

Indonesia වෙන්ද දරුවන් සදහා අන්තර්ජාල භාවිතය සීමා කිරීම්.

 

මෑතකදී කල හැදෑරීමක් පවසා සිටියේ Gen Z users (ages 12 to 27)  කාන්ඩයේ අන්තර්ජාල භාවිතාව  87% ක් වැනි ඉහහල අගයක වන බවයි. එසේම ලොවපුරා මොවුන්ගෙන් විශාල පිරිසක් වෙතට Instagram, Facebook, TikTok වැනි apps විවෘතව තිබීම හානිකර ප්‍රථිපල නිර්මානය කරමින් තිබෙන බවට පිලිගැනෙමින් තිබෙනවා. රටවල් කිහිපයක්ම දැනටමත් මෙම තත්වය පාලනය කරන්නට කටයුතු කරමින් තිබෙනවා. උදාහරනයක් ලෙසට Australia  ව පනවා ඇති නීති රීතීන් අනූව වයස 16 අඩු දරුවන්  මෙම සමාජ ජාලාවලට ඇතුළුවීම තහනම් වන අතර ඒ බව පවත්වාගෙන යාමේ වගකීම අදාල social media platforms වලට පවරා ඇත්තේ එසේ නොහැකිවන  අවස්ථාවල් වලදී විශාල දඩ මුදලකට යටත් කිරීමේ හැකියාව සලස්වමිනි. Indonesia වද මේ වන විට දරුවන් සදහා social media තහනමකට කටයුතු කරමින් සිටින අතර එරට ජනාධිපති වරයා මේ පිලිබඳව දැඩි අවධානයක් යොමුකර ඇති බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa
www.priganakaya.lk


2025-01-14

AI මුසු Smartphone සමග වැඩි ප්‍රබෝධයක්.

 

හදාරන්නන් පෙරනිගමනය කරමින් සිටින්නේ 2028 පමන වන විට mid-range ස්මාර්ට් දුරකථන වලින් 9/10 ක් පමනම AI-capable මට්ටමින් පැමිනෙන්නට නියමිත බවකි. ඔවුන් පැහදිලි කරන්නේ 2024 වන විට premium මට්ටමේ ස්මාර්ට් දුරකථන නිකුතූන් බොහොමයක AI smartphones ලක්ෂණ සහිත වන්නට පටන් ගෙන ඇති බවකි. මීට අමතරව තවත් ගනනය වන කරුනක් වන්නේ COVID-19 වලින් පසුව පහලට පැමිනි smartphone sector  හි යම් ප්‍රගතියක් 2024 සිට දක්නට ලැබෙන බවකි. එම පහල වැටීම 2023 වන විට උපරිමයකට පැමින තිබූ අතර 2024 සිට ක්‍රමයෙන් යථාතත්වයට පැමිනෙන්නට පටන් ගෙන ඇති බවකි. භාවිතාව තුල වන ප්‍රධාන දුරකථන සැපයුම් කරුවන්ගේ භාගයන් Samsung (19%), Apple (18%), Xiaomi (14%), Oppo (8%), Vivo (8%) ලෙසට ගනකය වෙමින් තිබේ. mobile devices වලට AI පැමිනීම මේ වන විට ක්‍රමයෙන් සිදුවෙමින් ඇති අතර බොහෝ නිපදවන්නන් දැනටමත් තම නිකුතූන්වල මීලග සංස්කරණ වලදී එහි සංයුත්ත වීමට නියමිත AI අංගයන් පිලිබඳව දැනටමත් තොරතුරු හෙලි කරමින් සිටී.
Pubudu Siriwnsa
www.pariganakaya.lk


'Telegram Premium' හානිකරයකි.

 

සයිබර් පහරදීම් නෙක ආකාර ගනිමින් නිරන්තරයෙන් ඔබව ලුහුබැඳීම සිදුවනු ඇත. ඔබගේ නිරන්තර ආරක්ශිත බව දෙසට වන අවධානය වැදගත් වන්නේ එබැවිනි. 'Telegram Premium'  යනු ප්‍රකට Telegram භාවිතාවට වන ජනංප්‍රියතාවය ඉලක්ක කරගනිමින් පැමින ඇති ව්‍යාජ මැල්වෙයාවකි. Telegram යනු WhatsApp වැනි messenger app එකක් වන අතර එහි  'premium' version  ආකාරයේ නිකුතුවක් පිලිබඳව නිල සටහනක් නොමැත. Cybersecurity  හදාරන්නන් පවසන්නේ මෙය phishing websites හරහා පැමිනෙමින්  sideloading ආකාරයට භාවිතාකරන්නන්ගෙන් ලබා ගන්නා අවසරයන් මත Android දුරකථන මත ස්ථාපනය වෙමින් හා ලබා ගන්නා permissions හරහා භාවිතාකරන්නන්ගෙන් තොරතුරු සොරා ගන්නට කටයුතු කරන හානිකරයක් බවය. Telegram login ඔස්සේ පලමු පිවිසුම ගන්නා මෙම හානිකරය භාවිතාකරන්නන් ගේ online transactions පිලිබඳව අවධානයෙන් සිටිමින් එම තොරතුරු පැහැර ගන්නා බවට මේ වන විට තොරතුරු වාර්ථා වෙමින් ඇති බවට ඔවුන් පෙන්වා දෙමින් සිටී.
Pubudu Siriwansa
www.pariganakaya.lk


2025-01-13

Windows 11 වෙතට පිවිසුම!!

Microsoft සමාගම තම Windows 10 භාවිතාකරන්නන් windows 11 වෙතට කැඳවා ගැනීමේ මෙහෙයුම වඩාත් තීව්‍රකරමින් සිටිනවා. බොහෝ භාවිතාකරන්නන් බලාපොරොත්තු වූ පරිදි එම සමාගම windows 10 සදහා දැනට ප්‍රකාශ කර ඇති සහය කාලය දීර්ග කරන බවට හෝ windows 11 වෙතට පිවිසෙන්නට සමහර භාවිතකරන්නන් හට ගැටළුවක් වෙමින් ඇති minimum hardware specifications පිලිබඳව තම ස්ථාවරය වෙනස් කරන්න කටයුතු කරන බවක් නොපෙන්වන මුත් win 11 වෙතට සුදුසුකම් වන පරිගණක වඩාත් මෘදු ලෙසට පිවිසෙන්නට හැකි හැම අයුරින යෝජනා කරමින් සිටිනවා. මෙම windows 11 සදහා ඉල්ලා සිටින දෘඩංග අවශ්‍යතා ආරක්ශිත භාවිතාවක් සදහා තිරනාත්මක වන අතර මීට කලකට ඉහතදී භාවිතයට පැමිනි මුත් අත්‍යාවශ්‍ය ලෙසට නොගැනුනු තාක්ෂණයන් වනවා. මෙම වසරේදී Windows 10 සදහා සාමාන්‍ය සහය අවසන් වන්නට නියමිත අතර ඉන් පසුව භාවිතාකරන්නන් හට windows 10 සදහා ආරක්ශිත යාවත්කාලීන සහය එම ආයතනයෙන් මුදල් ගෙවා ලබන පදනමින් හෝ Linux වැනි විකල්ප මෙහෙයුම් පද්ධතියක් වෙතට පිවිසෙන්නට සිදුවනු ඇති.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2024-12-29

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagement with the digital world. It encourages users to “Do More. Be More.” in their lives by providing them with the resources and tools they need to succeed in the digital age.
maxa - Do more. Be more. With digital.
www.maxa.lk
https://g.co/kgs/PceXqfr


 

2024-12-25

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූව තවමත් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතිය සමග වන භාවිතාකරන්නන් හට තම දුරකථන භාවිතව ඉහලට ගෙනෙන්නට සිදුවනු ඇත. එසේම මෑතකදී WhatsApp පැවසුවේ May 5, 2025 සිට  iOS 15.1 සිට පහලට වන මෙහෙයුම් පද්ධති සදහා සහය දැක්වීමද අවසන් කරන්නට සුදානම් බවකි. නව තාක්ෂණික අංගයන් සමග කටයුතු කරන්නට මෙන්ම ආරක්ෂිත බව හොඳින් තබාගන්නට වැනි නෙක හේතූන් මත මෙම පියවරයන් ගැනීම සිදුවන අතර ඔවුන් උපදෙස් දෙන්නේ මෙම උපාංග භාවිතාකරන්නන් හට තම  දත්ත ගොනු වල බැකප් කර සුරල්ශිත කරගන්නට කටයුතු කල යුතු බවයි.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2024-12-24

Microsoft විසින් win 11 සදහා TPM අනිවාර්ය බව පවසයි.

Windows 11 සමග භාවිතාකරන්නන් හට හමුවූ ප්‍රමුක ගැටළුවක් වූ TPM (Trusted Platform Module) 2.0, VBS (Virtualization-based Security), යන අංග දෙක පිලිබඳව නැවත පැහැදිලි කරමින් සිටිනවා. Microsoft ආයතනය windows 11 සමග මෙම අවශ්‍යතා mandatory මට්ටමින් ඉල්ලා සිටි අතර බොහෝ windows 10 මට්ටමේ භාවිතාකරන්නන් හට windows 11 වෙතට පිවිසෙන්නට එය බාදාවක් විය. බොහෝ භාවිතාකරන්නන් windows 10 වල නිල සහය අවසන් කරන්නට නියමිත එලබෙන වසර වන විට මෙම අනිවාර්ය අවශ්‍යතාවල පහල දැමීමක් බලා පොරොත්තුවූ මුත් microsoft ආයතනය පසුගිය දා නැවත පවසා සිටියේ එසේ සිදු නොවන්නේ වැඩි ආරක්ශිත මෙහෙයුම් පද්ධති භාවිතාවක් සදහා එය අනිවාර්ය වන බවකි. මේ වන විට Microsoft ආයතනය නැවත පවසා සිටින්නේ BitLocker වැනි මෙහෙයුම් පද්ධතියේ වැඩි දියුනු ආරක්ෂිත බවක් පවත්වාගෙන යාම සදහා මෙම අංගයන් අනිවාර්ය බවයි.
Pubudu Siriwansa

www.pariganakaya.lk 

 

Google වල Gemini තවත් ඉදිරියට..

Google පවසන්නේ තම Gemini AI හැකියාව තවත් භාෂා 40 ක් සදහා සූදානම් බවයි. නිරන්තරයෙන් දියුනු කරමින් තම AI හැකියාව ChatGPT සමග ඉතා තරගකාරී මට්ටමක තබා ගන්නට Google නිරන්තරයෙ කටයුතු කරමින් සිටින අතර Gemin වල "Deep Research," හැකියාව මේ අනූව වඩාත් පුලුල් සේවාවකට සූදානම් වෙමින් සිටී. මෙම Deep Research සමග Gemini Advanced භාවිතාකරන්නෙකුට වඩත් ගැබුරු research reports එකක මට්ටමට යා හැකි අතර වඩාත් සාර්ථක Output එකක් සදහා එය සූදානමින් සිටින බවටයි පිලි ගැන්නේ. Gemini 2.0 Flash සමග වඩාත් දියුනු  image / audio හැකියාවක් ලැබෙන අතර Google DeepMind  මෑතකදී කල නිකුතුවන් සමග  4K resolution මට්ටමේ high-quality videos ලබා දෙන්නටද සූදානම් ව සිටී.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2024-12-23

Gmail සමග තරගයක් විය හැකි XMail ...

Email භාවිතාව යනු අන්තර්ජාල භාවිතාවේ මුල්ම ස්වර්ණමය සලකුනක් විය. එනම් අතර්ජාලය වෙතට භාවිතාකරන්නන් බහුලවම කැඳවන්නට මුල්වූ පලමු  සාධකය එය වූ නිසාවෙනි. අද වන විට භාවිතාකරන්නෙකු ගේ පලමු අන්තර්ජාලය මත තබන්නට පොලබවන සාධකයද එය වෙමින් ඇත. එනම් ඔබගේ අනන්‍යතාව අන්තර්ජාලය මත සලකුනු කරන පලමු පිවිසුම එය වන නිසාවෙනි.  1996 වන විට එය සුපෝඛභෝගී භාවිතාවක් ලෙසට සැලකුනු අතර අද වන විට සෑම අයැකුටම අඩුම තරමින් email දෙකක් වත් වන බවට ගනනය වෙමින් ඇත. එනම් දෛනිකව බිලියන 300 අද වන විට ඔබ මොබ ගමන් කරන අතර එක් පුද්ගලයෙකුට අවලම ලෙසට දිනකට email 121 ක් ලබන බවට ද ගනනය වෙමින් ඇත. 1990 අවසාන භාගය වන විට Hotmail වලින් ප්‍රමුක භාවිතාව පැමිනි අතර අධික spam සමග එහි ජනංප්‍රියතාවයට ගැටළු සහගත විනි. Gmail මේ බොහෝ දුර්වලතාවලට විසඳුමක් ‍රැගෙන පැමිනි අතර අද වන විට එය ප්‍රමුක භාවිතාව ලෙසට පිලිගැනේ. එය අදවන විට සමස්ථ ලොව වව්සියන්ගෙන් 1/3 කගේ භාවිතාව දිනාගෙන ඇත. 
      මේ වන විට Elon Musk පවසන්නේ තමන්ද XMail සමග Gmail සමග තරගයකට සූදානම් බවට පවසා සිටින අතර එය එලබෙන යුගයේ Email ආකෘතිය වෙනස් කරන්නට සමත් වනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් ඇත. මෙය තවමත් සංකල්ප මට්ටමේ වන බවට අමතක නොකල යුතු අතර මේ වන විට වෙබ් අපරාධකරුවන්ගේ උගුල් සදහා එය අවස්ථාවක් කරගනිමින් සිටින බවද අනතුරු ඇගවෙමින් ඇත.
Pubudu Siriwansa

www.pariganakaya.lk 

 

2024-12-15

Win 11 වලට unsupported hardware ගැටළුව.

මේ වන විටත් Microsoft පවසන්නේ තමන්  windows 11  මුල්ම නිකුතුවත් සමග සිටි අවම දෘඩාංග අවශ්‍යතා පිලිබන්දව ස්ථාවරය වෙනස් කරන්නට කටයුතු නොකරන බවකි. එනම් windows 11 මෙහෙයුම් පද්ධතිය unsupported hardware වෙතට ස්ථාපනයෙන් ගැටළු කාරි වීමේදී ඔවුන් විසින් වගනොකියන බව තව දුරටත් වලංගු බවත් එසේ ගැටළු කාරී වීමකදී windows 10 වෙතට නැවත පැමිනීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොවන බවටත් ඔවුන් පවසා සිටිනවා. windows 10 සදහා Microsoft අයතනයේ නිළ සහය එලබෙන 2025 වන විට අවසන් කරන්නට නියමිතව ඇති අතර මේ වන විටත් windows 10 භාවිතකරන්නන් හට windows 11 සදහා සහය දක්වන Hardware මට්ටමකට යන්නට හෝ අමතර මුදල්ක් ගෙවා windows 10 සදහා අත්‍යාවශ්ය යාවත්කලීන ලබා ගනටත් යන විසදුම් දෙකෙන් එකක් ‍තෝරා ගන්නට සිදුව තිබෙනවා.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2024-12-12

Gemini smart assistant

Google පවසන්නේ තම Gemini නම් AI හැකියාව ක්‍රමයෙන් Android දෙසට මුදා හරින්නට සූදානම් බවකි. දුරකථන ඇමතුම් වලට answers කිරීමේ සිට ලැබෙන කෙටි පනිවිඬ වලට answers කිරීම දක්වා පමනක් නොව තම භාවිතාකරන්නාගේ ගේ දෛනික හැසිරීම් මතක තබා ගනිමින් අවශ්‍ය විටකදී ඒවා ඔස්සේ සහය ලබා දෙන්නටත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය වැනි අවස්ථා වලදී ආරක්ශිත බව සහතික කරන්නටත් ඇතුලු පහසුකම් රාශියක් මේ ඔස්සේ Android භාවිතා කරන්නන් වෙතට සූදානම් බවටයි පැහැදිලි කෙරෙන්නේ. සුපුරුදු පරිදි තම Pixel phones සදහා පලමු නිකුතුවට සූදානම් වන මේ අංගයන් පිලිබඳව පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මෙම Gemini smart assistant සමග Android වල දෛනික භාවිතාව මහත් සේ වෙනසක් කරන්නට සූදානම් බවකි. එලබෙන DECEMBER PIXEL DROP සමග මෙම අත්දැකීම් පලමුව භාවිතාකරන්නන් වෙතට නිකුත් වනු ඇත.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...