2025-01-14

'Telegram Premium' හානිකරයකි.

 

සයිබර් පහරදීම් නෙක ආකාර ගනිමින් නිරන්තරයෙන් ඔබව ලුහුබැඳීම සිදුවනු ඇත. ඔබගේ නිරන්තර ආරක්ශිත බව දෙසට වන අවධානය වැදගත් වන්නේ එබැවිනි. 'Telegram Premium'  යනු ප්‍රකට Telegram භාවිතාවට වන ජනංප්‍රියතාවය ඉලක්ක කරගනිමින් පැමින ඇති ව්‍යාජ මැල්වෙයාවකි. Telegram යනු WhatsApp වැනි messenger app එකක් වන අතර එහි  'premium' version  ආකාරයේ නිකුතුවක් පිලිබඳව නිල සටහනක් නොමැත. Cybersecurity  හදාරන්නන් පවසන්නේ මෙය phishing websites හරහා පැමිනෙමින්  sideloading ආකාරයට භාවිතාකරන්නන්ගෙන් ලබා ගන්නා අවසරයන් මත Android දුරකථන මත ස්ථාපනය වෙමින් හා ලබා ගන්නා permissions හරහා භාවිතාකරන්නන්ගෙන් තොරතුරු සොරා ගන්නට කටයුතු කරන හානිකරයක් බවය. Telegram login ඔස්සේ පලමු පිවිසුම ගන්නා මෙම හානිකරය භාවිතාකරන්නන් ගේ online transactions පිලිබඳව අවධානයෙන් සිටිමින් එම තොරතුරු පැහැර ගන්නා බවට මේ වන විට තොරතුරු වාර්ථා වෙමින් ඇති බවට ඔවුන් පෙන්වා දෙමින් සිටී.
Pubudu Siriwansa
www.pariganakaya.lk


Indonesia වෙන්ද දරුවන් සදහා අන්තර්ජාල භාවිතය සීමා කිරීම්.

  මෑතකදී කල හැදෑරීමක් පවසා සිටියේ Gen Z users (ages 12 to 27)  කාන්ඩයේ අන්තර්ජාල භාවිතාව  87% ක් වැනි ඉහහල අගයක වන බවයි. එසේම ලොවපුරා මොවුන්...