2023-02-01

Windows 10 සමුගැනීම ඇරබේ.

මේ වන විට Windows 10 සදහා නිළ ලෙසට අළවිය අවසන් කර දමන්නට Microsoft ආයතනය කටයුතු කර තිබෙනවා. එනම් windows10 මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් සමුගැනීමේ අපලමු පියවර එය වනවා. එනම් ඔබ Windows 10 Home / Windows 10 Pro වැනි සංස්කරනයක් මිලදී ගන්නට Microsoft වෙබ් අඩවිය ඔස්සේ උත්සාහ කරන විට  Windows 11 සංස්කරණය මිළඳී ගැනීමකට වන වෙබ් පි‍ටුව වෙතට යොමු කිරීම සිදුවනවා. එසේ මුත් තවමත්  Newegg, Amazon වැනි වෙබ් අඩවි ඔස්සේ windows 10 මිළඳී ගැනීමේ හැකියාව තවම පවතිනවා. පුරා වසර 7.5ක කාලයක් තිස්සේ Windows 10 භාවිතාකරන්නන් අතර සාර්ථක ආකර්ෂනයක් දිනා ගත් මෙහෙයුම් පද්ධතියක් වන අතර එය October 14, 2025  දක්වා Microsoft වල සහය ලබන එනම් යාවත්කාලීන ලබන මෙහෙයුම් පද්ධතියක් වන්නට නියමිත බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...