2023-01-06

Windows 8.1 නිල සමුගැනීම January 10, 2023ට නියමිතය.

මේ වන විටත් නිවේදනය කර ඇති පරිදි January 10, 2023 වන විට Windows 8.1  සදහා Microsoft සමාගමේ නිල සහය දැක්වීම අවසාන වනවා. 2013 දී Windows 8.1 නිකුතුව සිදුවූවේ Windows 8 වලදී ඉවත්කර තිබූ සුපුරුදු Windows භාවිතාවන් කිහිපට්යක්ම සදහා භාවිතාකරන්නන් වෙතින් වූ බලවත් ඉල්ලීම් වලද ප්‍රථිචාරයක් ලෙසට බවයි පිලිගැනීම වන්නේ. Start button යලි පැමිනීම මෙන්ම desktop වෙතට කෙලින්ම boot වීමේ හැකියාව ආදීය වූ අතර තරමක ප්‍රසාධයක් ලබා ගන්නට සමත් වූ මෙහෙයුම් පද්ධතියක් වූවා. OS' එකක් වෙතට සහය අවසන් වීමෙන් පසුව security updates / technical support ආදී සේවාවන් අවසන් වන්නට නියමිත වනවා. Windows 8.1 භාවිතාරන්නන් වෙතට Windows 11 වෙතට පැමිනෙන්නට හැකි වනවා සේම October 14, 2025 දක්වා සහය හිමිවන Windows 10 තොරා ගැනීමේ අවස්ථාවද වනවා.Windows 8.1 වෙතට සහය අවසන් වීමේන් පසුව සමහර මෘදුකාංග සහයද ක්‍රමයෙන් අවසන් වන්නට නියමිත වනවා. Microsoft Store app සහයද අවසන් වන්නට මේ වන විට නියමිතව තිබෙනවා.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...