2023-01-15

Ransomware බහුල ආකාරයකි.

Ransomware තාක්ෂණිකව කරන බලහත්කාරකමකි. පරිගණක පද්ධතියේ හෝ ඔබගේ යම් දුර්වලකමක් භාවිතාකරමින් පද්ධතිය වෙතට ස්ථාපනය කරන මැල්වෙයාවක් හරහා ක්‍රමයෙන් ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය ඔබගේ ගිලිහවා දමයි. අනතුරුව ක්‍රමයෙන් පද්ධතියේ Boot sector එක දක්වා ආක්‍රමණය කොට මීලග පරිගණක පනගැන්වීමකදී එය සක්‍රියවීම ආරම්භයේදීම එන පනිවිඩයක් දක්වා පමනක් කර තබන්නට ඔවුන් කටයුතු කිරීම බහුල අත්දැකීම බව පෙන්වා දේ. බොහෝ විට පෙර කී පනිවිඬය ඔස්සේ ඔබගෙන් මුදලක් ඉල්ලා සිටීම සිදුවේ. හදාරන්නන් පවසන්නේ 9/10 මෙවැනි අවස්ථාවලදී පහර දෙන්නන් මුදලක්  ලබා ගැනීමෙන් අනතුරුව ඔබගේ පරිගණක පද්ධතිය සාමාන්‍ය තත්වය ගෙනෙන්නට අවශ්‍ය කී එක නොදී සිටීම සිදුවන බව යි. ඔබගේ පරිගණකය හැකි උපරිම ලෙසට යාවත්කාලීනව තබා ගැනීම ආරක්ෂාවීමේ පලමු පියවරයි. දෙවන්න නොදන්නා USBවැනි උපාංග පරිගණකයට සම්බඳ නොකර සිටීම වැදගත් පුරුද්දක් වනු ඇත. පරිගණක පද්ධතියේ Bakup එකක් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වන්නේ මෙවැනි අනතුරකදී නැවත යතාතත්වයට යන්නට එය සහය වන බැවිනි. හොඳ ආරක්ෂක මෘදුකාංගයක් ස්ථාපිත කර තබා එය හොඳින් යාවත්කාලීනව මෙන්ම කාලයකට වරක් පිරික්සුමකටද ලක්කිරීමේ පුරුද්ද වැදගත්කාරනාවකි.
Pubudu Siriwansa -  www.Pariganakaya.Tech


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...