2022-12-07

My PC Updater (PMPU) මෘදුකාංගය ගැන

තොරතුරු උපාංග වල යාවත්කාලීන බව ඉතාම වැදගත් සාධකයක් වේ. දෘඩාංග මට්ටමේ යාවත්කාලීන බව බොහෝ විට මිළ අදික කටයුත්තක් වුවද මෘදුකාංග මට්ටමේදී එය බොහෝ විට නොමිළේ ලැබෙන අවධානයෙන් සිටීම පමනක් වැයකරන්නට වන කටයුත්තකි. මෙහෙයුම් පද්ධති හා බොහෝ මෘදුකාංග කොටස් සදහා යාවත්කාලීන බව මේ වන විට ස්වයංව පැමිනීම සාමාන්‍ය කාරනාවක් වුවද සමහ මෘදුකාංග කොටස් සදහා තවමත් ආයාසයෙන් කල යුතු කටයුත්තක් වේ. උපාංගයේ අවමමෘදුකාංග ප්‍රමානයක්ධාවනය කිරීමේ ස්වර්ණමය නීතියට යටත්ව මුත් අමතර මෘදුකාංගයක් ආධාරයෙන් කලකට වරක් තම උපාංගයේ යාවත්කාලීන බව තබා ගැනීම වැදගත් වන නිසාවෙන් My PC Updater (PMPU) මෘදුකාංගය ගැන මෙසේ කෙටි සටහනක් තබමි. - https://patchmypc.com/home-updater,- දිගුව ඔස්සේ පිවිස නොමිළේ ලබා ගන්නට හැකි මෙම මෘදුකාංගය ඔස්සේ out-of-date software ගැන හදාරාගන්නටත් schedule ආකාරයට ධාවනය වන්නට ඉඩ හැර අවශ්‍ය යාවත්කාලීනයන් ලබා ගන්නටත් එය කටයුතු කරනු ඇත.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...