“super app” සංකල්පය මතට Microsoft සමාගමද දැඩි අවධානයක් යොමුකරමින් සිටින බවට තොරතුරු පල වෙමින් තිබේ. හදාරන්නන් පැහැදිලි කරන්නේ shopping, messaging, web search, news feeds ඇතුලු පහසුකම් රැසක්ම එකම APP එකක් තුලදී භුක්තිවිඳින්නට ගෙන ඒම එහි අරමුන වනු ඇති බවයි. ඒ ඔස්සේ ඔවුන්ගේ මිලියන ගනනක් වන advertising මෙන්ම Bing search අවකාශය සදහාද ඉහල පිම්මක් ගෙනෙන්නට සැලසුම් කරමින් සිටින බවටයි අනුමාන වෙමින් ඇත්තේ. Microsoft වෙතින් ගිලිහී ඇති mobile අවකාශ සමග බලවත් සම්බන්දයක් මේ ඔස්සේ බලාපොරොත්තු වනු ඇති බවටත් කරුනු පලවෙමින් තිබෙනවා. උදාහරනයක් ලෙස WeChat app වලදී මෙන් messaging, shopping, online games, news වල සිට grocery ordering වැනි අවශ්‍යතාවයන් දක්වා වන විශාල වපසරියක සේවා ගෙනුවක් පිලිබඳව කථා බහ වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa