2022-12-05

Gorilla Glass Victus 2

බොහෝ ස්මාර්ට්  ජංගම උපාංග වල ප්‍රධාන අභියෝගයක් වන්නේ වැටීම් සහ සීරීම් වලට ඔරොත්තු දීමය. විශේෂයෙන් රළු මතුපිටකදී තත්වය වඩාත් සංකීර්න වේ. Gorilla Glass Victus 2 මේ සදහා හොද සූදානමකින් පැමිනෙන්නට කටයුතු වන බවටයි හෙලි වන්නේ. වසර කිහිපයකට පෙර Victus හඳුන්වා දීම වූ අතර 2021 දී පමන plus සංස්කරණයක් පැමිනි අතර දැන් Gorilla Glass Victus 2 සූදානම් බවටයි නිවේදනය වන්නේ. තත්වය පැහැදිලි කරන හදාරන්නන් යෝජනා කරන්නේ වසර හතර කට පෙර සැලකූ විට බොහෝ smartphone වල විශාලත්වය 10% කින් හා 15% බර වැඩිවී ඇති බවයි. තත්වය එසේ වන විට ඉහල drop performance වලට මෙන්ම scratch resistance ඔරොත්තුදීමක් ගෙනෙන්නට නව පැමිනීම සූදානම් බවටයි පැහැදිලි කෙරෙන්නේ.මීටර දෙකක් පමන ඉහල සිට රළු පොලවක් මතට පැමිනීමට ඔරොත්තු දෙනවා මෙන්ම සීරුම් බව ඉහල මට්ටමකින් දරන්නට සමත් මෙම Gorilla Glass Victus 2 වෙළඳ පොලට නිකුත්වීම එලබෙන මාස කිහිපයක් තුල සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...