2022-11-03

WhatsApp සමග එන Communities සහperson video chat හැකියාව.

Meta නිවේදනය කරන්නේ තම WhatsApp නම් instant messaging platform එකට නවාංගයක් ලෙසට "large groups" හැකියාවක් එක් කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. මෙම Communities හැකියාව පසුගිය අප්‍රේල් ව්ල සිට අත්හදා බලන්නට කටයුතු කල මෙම ආයතනය බලාපොරොත්තු පල කරන්නේ මෙම discussion groups හැකියව ඉතා පලදායී අංගයක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන ආකාරයට Android වලදී chats වලට ඉහලින් වන tab  එකක් ලෙසටත්  iOS වලදී bottom වලින් එන tab  එකක් ලෙසටත් මෙම හැකියාව අවදිකරගන්නට හැකි වන අතර ඊට අමතරව admins වෙතට අමතර හැකියාවන් ලෙසට සියලුම සාමාජිකයින් සදහා broadcast announcements හැකියාවත් ලබා දෙන්නට WhatsApp කටයුතු කර තිබෙනවා. මෙම Communities හැකියාවද end-to-end encrypted ලෙසට සියලුම WhatsApp භාවිතාකරන්නන් සදහා මුදා හරින්නට නියමිත බවටයි නිවේදනය වන්නේ. 32 person video calling හැකියාවත්, Groups සදහා 1,024 members හැකියාව ගැනත් මීට අමතරව එම ආයතනය පවසා සිටිනවා.
Pubudu Siriwnsa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...