Microsoft ,Intel, Samsung, Acer, Toshiba ඇතුලු ප්‍රධාන පෙලේ ලොව තොරතුරු තාක්ශනයට සම්බන්ද ආයතනයන් රාශියක්ම World Password Day සැමරීම සදහා එකව සිටින බවටයි වාර්ථා වන්නේ. භාවිතාකරන්නන් වෙතට තම අවසරපද ලබා දීමේදී වඩාත් සැලකිලිමත්වීම අවධාරනය කෙරෙන මෙම දිනය වසරක් පාසා මෙම දිනයේදී සිදුවේ. 2013 වසර සැලකීමේදී වැඩියෙන්ම භාවිතාවූ අවසර පදය ලෙසට 123456 ලෙසට වාර්ථාවීම සැලකීමේදී සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා මෙම දැනුවත් කිරීම කොතරම් අදාලදැයි හැගී යනු ඇත. තත්වයේ වඩාත් බෑරෑරුම් බව හෙලි කරන වාර්ථා වැඩි දුරටත් හෙලි කරන්නේ සාමන්‍යයෙන් භාවිතාවන අවසර පද වලින් 90%ක්ම පහර දෙන්නන්හට පහසුවෙන් විවෘතවීමේ හැකියාව මෙන්ම ඊමේල් හා සමජ ජාලා භාවිතාකරන්නන් ගෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ගිනුම් hackers අතට පත්ව තීබීමේ අවධානම පෙන්වා දී සිටිනවා. වැඩිදුරටත් හදාරන්නන් හෙලි කර සිටින්නේ සංකීර්න මට්ටමේ 8character මට්ටමේ අවසර පදයක් hacked කිරීම සදහා වැය වන්නේ පැය 5.5ක් බවයි. භාවිතාකරන්නන් වෙතට පොදුවේ ලැබෙන උපදෙස වන්නේ කලකට වරක් තම අවසර පද වෙනස් කිරීම මෙන්ම වඩාත් සංකීර්න අවසර පද නිර්මානය කර ගැනීම සදහා සහය දෙන මෘදුකාංගයක සහය ලබ ගැනීම වඩාත් හිතකර වනු ඇති බවයි. දල වශයෙන් අවසර පද මිලියනයක් පමන පසුගියවසරේ මෙම දැනුවත් කිරීමෙන් අනතුරුව වෙනස්ව ඇති බවටයි වාර්ථාවූවේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...