2013-10-05

win 8.1 සමග Bing වඩාත් නම්‍යව ජීවිතය වෙත....

  මයික්‍රසොෆ්ට් සමාගම තම Bing සෙයුම් යන්ත්‍රය පිලිබදව නිකුත් කරන නවතම වෙළඳ දැන්වීමකින් ඉස්මතු කොට පෙන්වන්නට  තැත්කරනුයේ දෛනික ජීවිතයේ නෙක අවශ්‍යතාවයන් සමග වඩාත් නම්‍යව භාවිතාකරන්නා සමග වන බවයි. විටක භාෂා පරිවර්තකයෙකු ලෙස තවත්විටම මගපෙන්වන්නේකු ලෙසට මෙන්ම තවත් විටක තොරතුරු සොයා දෙන්නෙකු ලෙසට එය සාමන්‍ය ජිවිතය වෙත සමීපතම සේවාවක් වෙමින් ඇති බවයි එහි දැක්වෙන්නේ..භාවිතාකරන තිරය විශාල  TV  තිරයක උවද Xbox One console සමග උවද වෙනසකින් තොරව භාවිතාකරන්නා සමග වන්නට සූදානමින් සිටින  තම Bing සේවාව වින්ඩෝස් 8.1 සමග වඩ වඩාත් සුවපහසු ලෙස භාවිතාකරන්නා හට හුදු සෙයුම් වෙබ් අඩවියකට වඩා යමක් ගෙනෙන්නට සූදානම් බවයි එහිදී වඩාත් ඉස්මතුකොට දක්වන්නට තැත්කරන්නේ.නව ලොගෝවද එහි දක්වාලමින් නව ඇරබිම පිලිඅබදව හැගීම වඩාත් තීව්‍ර කරන්නට  එහිදී එම ආයතනය උත්සාහ කරමින් සිටිනවා.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...