2013-10-09

Patch Tuesday! හි දසවන සාංවාත්සරික නිකුතුව පැමිනේ!!!

  මීට දසවසරකට පෙර ඔක්තෝබර මාසයකදී මයික්‍රසොෆ්ට් ආයතනය  නිකුත්කල නිවේදනයකින් පැවසුනේ තම මෘදුකාංග නිකුතුවන්ගේ වඩාත් ආරක්ශිත භවිතාව තහවුරු කරනු වස් මාසිකව ඒවායේ දුර්වලතා පිලිසකර කරන්නට හා පැවැත්ම වඩාත් තහවුරු කරන්නට අවශ්‍ය යාවත්කාලීන ඇතුලුව මාසිකව නිකුත්වන යාවත්කාලීන ගොනුවක් සෑම මසකම දෙවන අඟහරුවාදාවන් වලදී නිකුත්කරන්නට තමන් කටයුතු කරන බවකි. භාවිතාකරන්න අතර "Patch Tuesday" ලෙසින් ජනංප්‍රිය වූ මෙම නිකුතුවන් සමග භාවිතාකරන්නන්ගේ වැඩි විස්වාසයක් දිනා ගන්නට මයික්‍රසොෆ්ට් ආයතනය සමත්වූ අතර සමහර තීර්නාත්මක ගැටලු වලදී හැරෙන්නට භාවිතාකරන්නන්ද තමන් අත්විඳිමින් ඇති නව ගැටලු කාරී අවස්ථා සදහා මීලග මාසික යාවත්කාලීන ගොනුව පැමිනෙනතෙක් බලා සිටීම සිරිතක් ව තිබේ.එම සම්ප්‍රධායේ දසවන සාංවත්සරික නිකුතුව සුපුරුදු ලෙස මේ වන විට නිකුත්ව ඇති අතර එම ගොනුව අතර  "Critical මට්ටමේ යාවත්කාලීනයක් ලෙසට සැලකෙන IEවල සෑමසංස්කරනයක් සදහාම බලපාමින් ඇති දුර්වලතාවය සදහා වන පූර්න යාවත්කාලීනයක්ද නිකුත ඇති බවටයි නිවේදනය වන්නේ. මෙම නිකුතුව සමග තවම නිල ලෙසට නිකුත්ව නැති IE 11 සංස්කරනය සදහාද ඉහතකී දුර්වලතාවය සදහා වන යාවත්කාලීනය අඩංගු බවටයි ආයතනය වැඩි දුරටත් නිවේදනය කර සිටින්නේ.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...