2013-08-16

ෆේස්බුක් හානිකර ඇප් හදුනා ගැනීමේ යාන්ත්‍රනයේ දෝෂ සහිතවීමක්!!!!

   ෆේස්බුක් ආයතනය අද පවසා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා තම අඩවිය තුල ක්‍රියාත්මක කල හානිකර ඇප් හදුනාගන්නට හා අක්‍රියකර දමන්නට නිර්මානය කර තිබූ මෘදුමය ස්වංක්‍රීය යාන්ත්‍රනය ඔස්සේ අව්‍යාජ සමහර ඇප් පවා තාවකාලිකව අත්හිටවීම සිදුව ඇති බවයි.භාවිතාකරන්නන් අතරින් ඇප් සංවර්ධකයින් විසින් ආයතනවෙත තම ඇප් මෙන්ම ගිනුම් පවා අක්‍රියව පවතින බවට කල දැනුම්දීමට පිලිතුරු ලෙස ආයතනය මෙලෙස පවසා සිටියා. ආයතනය පැවසුවේ හදුනා ගෙන තිබූ සමහර රටාවල් වලට සමානව මුත් අව්‍යාජ සමහර ඇප් පවා එම යාන්ත්‍රනය විසින් තාවකාලිකව අත්හිටවා දැමුනු මුත් පසුව යම් වරදක් සිදුවෙමින් ඇති බව හදුනා ගත් සැනෙනින් එම යාන්ත්‍රනය අත්හිටවා නිවැරදි කිරීම  ඇරබූ බවටයි පවසා සිටියේ. භාවිතාකරන්නන්ගේ සුරක්ෂිත භාවය සහතික කරනු වස් එම යාන්ත්‍රනයේ නිවැරදි කිරීම් වලින් පසුව යලිත් ක්‍රියාත්මක කරනට නියමිත බවටයි ෆේස්බුක් ආයතනය වැඩි දුරටත් පවසා සිටියේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...