2013-08-01

තවමත් බොහෝ දෙනෙකුට පරිගණකය හරිම ආගන්තුක උපාංගයක්....

     .....තවමත් බොහෝ දෙනෙකුට පරිගණකය හරිම ආගන්තුක උපාංගයක්.සමීපව කටයුතු කලහැකි හෘදයාංගම උපාංගයක් බවට ඒක පත් වෙලා නැහැ.හරියටම කිව්වොත් මේක නොතේරෙන හිතවත් වෙන්න බැරි උපාංගයක් පමනයි. අපි නිතරම යෝජනා කරපු කාරනයක් තමයි ඔබට දත්ත උපාංගයක් මිළදි ගන්න පුලුවන් උනාට ඒකට අදාල සංස්කෘතිය මිලදී ගන්න බැරි බව.වෙලාවකට මේකට මාර විදිහට බය වෙනවා.තව වෙලාවක ,තමන් සල්ලි දීල ගත්ත නිසා කියලා හිතාගෙන මහ හයියෙන් අත මිට මොලෝල පහර දෙනවා.අවාසනාවකට පරිගණකය ගැන ඉගනගන්න  ගොඩ වෙන තැන්වලත් ඉන්නේ හම්බ කරන්න පුලුවන් නිසා පරිගණකය ආශ්‍රිත දේවල් ඉගන ගත්තු, නැතිනම් වයර් ගොඩක් මැද්දේ නෙක ආකාරයේ ලෝහ හා ප්ලස්ටික් වගේ දේවල් වලින් හැදිල තියන  ගෙදර මැද සාලේ තියෙන රුපවාහිනියට වඩා පොඩ්ඩක් වැඩි දේවල් කරන්න පුලුවන් උපාංගයක් හැටියට විතරයි කියලා විස්වාස කරන අයවලුනුයි.
                                   ඇමරිකාවේ මෑතකදී කරපු හැදෑරීමකින් පැවසුනේ එරට පරිගණක භාවිතාකරන්නන්ගෙන් සියයට 36ක් පරිගණකය සමග සැහැල්ලු සබදතාවයක් නැති බවයි.තම පරිගණකයට දෙස් දෙවොල් තබන්නන්ගේ සිට පහර දෙන්නන් දක්වා පිරිසක් මෙයට අයිති බවටයි ඔවුන් පැවසුවේ. වයස 18ට වැඩි එරට පුරවැසියන් 2000 සමග කල විමසුමකින් මේ බව හෙලිවනවා කියලයි ඔවුන් පැවසුවේ.ඒ අතර තවත් සුලු ප්‍රතිශතයක් තම පරිගණකයේ ගැටලුකාරී බව හමුවේ හඩා වැටෙන තරමට අසරන වන් අවස්තාවලුත් ඔවුනට හමුවී තිබෙනවා.මෙම විමසීමට සහභාගීවූ අය අතරින් සියයට 46ක්ම පවසා තිබුනේ එම ගැටලුවලට මුල වෛරසයක් හෝ මැල්වෙයාර් එකක් හැටියටයි.12%ක් තමන්ගේ දුර්වලතාවයක් ඔස්සේ මෙම වරද සිදුව ඇති බවට පවසා තිබුනා.......

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...