2013-08-05

මයික්‍රසොෆ්ට් වින්ඩෝස් 8.1 "upgrade" නොවී "update" එකක් වූවේ ඇයි????

   සාමාන්‍ය භාවිතාව තුල "upgrade" හා "update" අතර ඇත්තේ සරල වෙනසකැයි ඔබ සිතුවද මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ ඔවුනගේ රෙගුලාසි යටතේ ඒ සදහා ඇත්තේ පුලුල් අර්ථ දෙකක් බවයි. වින්ඩෝස් 8.1 ගොනුව update එකක් ලෙසට සලකන්නට සිදුවන්නේ එම නිසා බවටයි ආයතනය පවසන්නේ.එසේම වින්ඩෝස් 8.1 ගොනුව පැරනි ආකාරයට "service pack" ලෙසට සැලකීමට නොහැකි වන්නේ වින්ඩෝස් හි සුපුරුදු එවැනි ගොනුවක අඩංගු වන්නේ පසුගිය කාලය තුල නිකුත්වූ දුර්වලතා පිලිසකර කිරීම් හා මෙහෙයුම් පද්ධතියේ ගලායාම වඩාත් වර්ධනය සදහා වන කාරනා පමනක් උවත් වින්ඩෝස් 8.1 සමග වඩාත් පුලුල් නවාංග රාශියක පැමින ඇති නිසා බවයි.ස්ටාර්ට් බටනය නැවත පැමිනීම , පැරනි ඩෙස්ටොප් මුහුනතට කෙලින්ම "බූට්"  වීමේ හැකියාව, මොඩර්න් ඩෙස් ටොප් පරිසරය වඩාත් භාවිතාකරන්නාට නම්‍ය කර ගැනීමේ හැකියාව ඇතුලු අංග කිහිපයක් මෙම නව අප්ඩේට් සංස්කරනය තුලවන බවටයි ඔවුන් පවසන්නේ.
   විචාරකයින් පවසන්නේ මෙම නව සම්ප්‍රදාය "MAC OS X" වාර්ෂිකව කරන නිකුතුවට සමාන බවයි. එසේම විචාරක බලාපොරොත්තුව වන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය ඉදිරියේදී වාර්ෂිකව මෙම ආකාරයේ update ‍රැගෙන ඒම සිදුවනු ඇති බවයි.වින්ඩෝස් 8 ආශ්‍රිතව භාවිතය තුල හොද ස්ථාවරයක් පැමිනෙනතුරු මයික්‍රසොෆ්ට් ආයතනය තම උත්සාහය අත් නොහරිනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...