2013-03-13

යු.එස්.බී උපාංග සබදතාවය හරහා වූ දුර්වලතාවයක් පිලිසකර වේ....

මයික්‍රසොෆ්ට් ආයතනය තම මාසික යාවත්කාලීන ගොනුව ඊයේ නිකුත්කල අතර එහි වන දෑ අතර යු.එස්.බී උපංග හරහා පරිගණකය වෙත අනවසර පිවිසීම් සදහා භාවිතාවූ දුර්වලතාවයක් සදහා පිලිසකරයක්ද වූ බවටයි දක්නට ලැබෙන්නේ. හදාරන්නන් පැහැදිලි කරන ආකරයට පරිගණකය වෙත යු.එස්.බී හරහා උපාංගයක් සම්බන්ද කලවිට මෙහෙයුම් පද්ධතිය හා උපාංගය අතර සිදුවන හදුනා ගැනීමේ ක්‍රියාවලිය අතරතුරදී පෙර සකස්වූ උපාංගයක් හරහා හානිකර මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීම තුලින් මෙම පාලනය අත්පත් කර ගැනීම සිදුවන අතර මෙම යාවත්කාලීනය හරහා එම දුර්වලතාවය පිලිසකර වන බවටයි සටහන් වන්නේ. හදාරන්නන් අවදාරනය කරන කරුනක් වූයේ මෙම අත්පත්කර ගැනීම සදහා පරිගණකයේ වන කිසිදු මෘදුකාංගයක් යොදා නොගැනීම වන අතර ඔනෑම පහරදෙන්නෙකුට එසේ විවර වන අවස්ථාව ඔස්සේ පරිගණකය වෙත පිවිසීමේ හැකියාව පැවති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...