2013-03-14

ඇඩොබි ආයතනය ඇසුරුම්කල මෘදුකාංග නිකුත්කිරීම අවසන් කිරීමට තීර්නයක්....

ඇඩොබෙ ආයතනය තම ප්‍රකර මෘදුකාංගය  Creative Suite   අලවිය ආරම්භකරනු ලැබුවේ 2003 වසරේ සිටය. ආයතනය පවසන්නේ ඉදිරියේදී එම මෘදුකාංගය ඇසුරුම් කල (boxed) ආකාරයට වෙළඳ පොල වෙතට නිකුත්කිරීම අවසන් කරන්නට තමන් තීර්නය කර ඇති බවකි.ඒ අනූව ප්‍රකට Acrobat products ද ඇතුලුව තම නිෂ්පාදනයන් ලබාගත හැකිවනු ඇත්තේ ඩවුන්ලෝඩ් ආකාරයට හෝ ක්ලවුඩ් ආකාරයේ භාවිතාවකින් පමනක් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. ඇඩෝබෙ ආයතනය මේ වන විටත් එලබෙන ක්ලවුඩ් මූලික යුගය වෙත පිවිසෙමින් 'Creative Cloud' සේවාවක් අරබා ඇති අතර මාසිකව ඩෝලර් 50ක ගාස්තුවක් යටතේ Creative Suite  මෘදුකාංග එකතුව පූර්න භාවිතාවකට අවස්ථාව සලසා සිටිනවා. බහුල භාවිතයක් ඇති මෘදුකාංග එකතුවක් වන  Photoshop, Illustrator, InDesign, Acrobat, Flash, Dreamweaver, Fireworks, Premiere Pro, After Effects, Audition, Speedgrade, Prelude  ආදී සියලු මෘදුකාංගයන් එහි සමන්විත වනවා.
                                                                          ඇසුරුම් කල මෘදුකාංග නිකුතූන් භාවිතයෙන් ප්‍රධාන පෙලේ ආයතන  ඉවත්වීමේ ප්‍රවන තාවයක් දැකිය හැකි අතර ඇපල් ආයතනයද තම මෘදුකාංගයන් ලබා ගැනීමේ අවස්ථාව මැක් ඇප් ස්ටෝර් වෙතට පමනක් සීමා කරමින් සිටින අතර තම උපාංග සමග සංයුක්ත තැටි ආකාරයට සහය මෘදුකාංග ලබාදීමෙන් ඉවත්වෙමින් සිටිනවා.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...