2013-02-02

"ෆේස්බුක් ව්‍යාජ ගිනුම් මිලියන 76ක්" නවතම වාර්ථා පවසයි.


මෑතකදී නිකුත්වූ වාර්ථාවක් පවසන්නේ ෆේස්බුක් හි ඇති  බිලියන 1.06ක්  වන ගිනුම් අතරින් මිලියන 76කට ආසන්න ප්‍රමානයක් ව්‍යාජ ඒවා බවයි. ඒවා අතර එකම පුද්ගලයෙකු පවත්වාගෙන යන එකකට වැඩි ගිනුම් නියමිත ලෙස වර්ගීකරනය නොවූ ගිනුම් මෙන්ම අහයපත් අරමුනු වෙනුවෙන් පවත්වාගෙන යන ගිනුම් ලෙසට ඔවුන් වර්ග කොට දක්වා සිටිනවා. පසුගිය වසර පුරා සලකන විට මාසිකව ක්‍රියාශීලිමට්ටමෙන් එක්වන ගිනුම් වලින් සියයට 7ක් මෙලෙස ව්‍යාජ ඒවා ලෙසටයි සටහන් වන්නේ. ෆේස් බුක් ආයතනය පවසන්නේ සමස්ථ භාවිතාකරන්නන්ගෙන් සියයට 5 එනම් මිලියන 53 පමනක් එලෙස ව්‍යාජ ඒවා වන බවයි.ඔවුන් පවසන්නේ  මිනිසුන් නොවන එනම් සුරතක්ල් සතුන් හෝ ආයතනය් ආදිය වෙනුවෙන් නිර්මනය වී ඇති ෆේස්බුක් ගිනුම් ප්‍රමානය මිලියන 14ක් එනම් මුලු ප්‍රමානයෙන් සියයට 1.3ක් වන බවත් ස්පෑම් කටයුතු සදහා නිර්මානය කර ඇති ගිනුම් ප්‍රමානය මිලියන 9.5ක් එනම් මුලු ප්‍රමානයෙන් සියයට 0.9ක් වන බවයි.
                                     ෆේස්බුක් ආයතනය පවසන්නේ තමන්  එලෙස ක්‍රියාත්මක වන ව්‍යාජ ගිනුම් පාලනය කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි.දියුනු වෙමින් පවතින රටවල් එනම් ඉන්දුනීසියාව තුර්කිය වැනි රටවල් අතරින් මෙලෙස ව්‍යාජ ගිනුම් නිර්මානය වීම දියුනු වූ රටවල් එනම් ඔස්ට්‍රේලියාව ඇමරිකාව වැනි රටවල් හා සැසදීමේදී ඉහල මට්ටමක පවතින බවයි. ෆේස්බුක් හි එලෙස ව්‍යාජ ගිනුම් නිර්මානය කිරීම එනි නීති රීතිවලට පටහැනි වන අතර තම මිතුරන් අතරින් එවැනි ව්‍යාජ ගිනුම් පවත්වාගෙන යන්නන් හදුනාගෙන ආයතනය වෙත දැනුම් දීම යහපත් භාවිතාකරන්නන්ගේ යුතුකමක් වන බවය.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...