2013-02-12

2020 වන විට අන්තර්ජාල භාවිතාකරන්නන් ප්‍රමානය බිලියන 4ක් වේවි....

මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ 2020 පමන වන විට අන්තර්ජාල භාවිතාකරන්නන් ප්‍රමානය බිලියන හතර දක්වා ඉහල යනු ඇති බවකි. එය දැන් භාවිතාව සමග සැලකීමේදී දෙගුනවීමක් ලෙසට සැලකේ. සයිබර් ආරක්ශාව සම්බන්දයෙන් කල තොරතුරු විමසීමකදී ලත් දත්තයන් මත ඔවුන් මෙම අදහස් පලකොට සිටිනවා.ඔවුන් පවසන්නේ චීනය , ඉන්දියාව මෙන්ම අප්‍රිකාවතුලද මෙම ඉහල යාම කැපීපෙනෙන ලෙස සිදුවනු ඇති බවයි.
                                                 මෘදු හානිකරයන් බහුලව දක්නට ලැබෙන හා එසේ නොවන රටවල් ලෙසට සැලකීමේදී අඩු මැල්වෙයාර් පැතිරීමක් ඇති රටවල හොද අධ්‍යාපන තත්වයක්, නීති ගරුක බවක් , හොදමට්ටමක බ්‍රෝඩ්බෑන්ඩ් පහසුවක් මෙන්ම වැඩිපුර පෞද්ගලික පරිගණක භාවිතාවක් දක්නට ඇති බවයි.ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ අඩු මැල්වෙයාර් පැතිරීමක් ඇති රටවල හා බහුල මැල්වෙයාර් පැතිරීමක් ඇති රටවල මැල්වෙයාර් හැසිරීමේ අනුපාතය තුන්ගුනයක් සේ දක්නට ලැබෙන බවකි.
 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...