2012-07-01

ගූගල් ප්ලස් සිය ප්‍රථම උපන්දිනය සමරමින්....

ගතවමින් යන සතිය ගූගල් ප්ලස් සමාජ ජාලා අඩවියේ ප්‍රථම වසර සටහන් කරමින් සිටින බවටයි පැවසෙන්නේ. තවමත් ලොව වශාලතම සමාජ ජාලය ලෙස තම ස්ථාවරය ‍රැක ගෙන සිටින ෆේස්බුක් ආයතනය සමග තරග කරමින් සිටින ගූගල් ප්ලස් සමාජ ජාලය ගූගල් ආයතනය සමාජ ජාලා තරගයට පිවිසෙන්නට  ගත් උත්සාහය ලෙසටයි සටහන් වන්නේ.ගූගල් මෑතකදී කරන ලද නව වෙනස් කම් සමග ගූගල් භාවිතාකරන්නන්ගේ ප්‍රධාන දොර‍ටුව වන්නේ ගූගල් ප්ලස් ලෙසටයි පිලිගැනෙන්නේ.
 විචාරක මතය වෙමින් ඇත්තේ ෆේස්බුක් හෝ ‍ටුවිටර් සමග මෙම වෙබ් අඩවියට් ඇති තරග කිරීමේ හැකියාව කෙසේ වෙතත් ගූගල් වෙත එන්නන් සියල්ලන්ගේම මූලික දොර‍ටුව කරවන්නට එම ආයතය ගන්නා උත්සාහය සමග එම අඩවියේ වටිනාකම නොසලකා හැරිය නොහැකි තැනකට පත්වීම වැලකිය නොහැකි වනු ඇති බවයි. තවමත් ෆේස්බුක් භාවිතාකරන්නන් මිලියන 800 හා සසදන විට පසු පසින් සිටියද මේවන විට ගූගල් ප්ලස් අඩවිය සමග සක්‍රීය මට්ටමේ මාසික භාවිතාකරන්නන් මිලියන 150 හා දෛනිකව සලකන විට මිලියන 75 ලෙසින් සැලකිය යුතු ස්ථාවරයක් අත්කර ගන්නට සමත්ව ඇති බවටත් සටහන් වනවා.එලබෙන දින කිහිපය තුලදී ගූගල් පලස් වෙත නවාංග කිහිපයක්ම හදුන්වා දෙන්නට නියමිත බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...