2012-05-24

IE10 මෙට්ට්‍රෝ සමග ප්ලෑෂ් ප්ලේයරය සීමිත වෙබ් අඩවි සදහා පමනයි


මයික්‍රසොෆ්ට් ආයතනය මීට පෙර පවසා සිටියේ වින්8 හි ස්පර්ශ මූලික එක්ස්ප්ලොරා 10 මෙට්‍රෝ සංස්කරනය සම්පූර්නයෙන් ප්ලගීනයන්ගෙන් තොරවන බවයි. නමුත් පලවන නවතම පුවතකින් කියවෙන්නේ ගූගල් ක්‍රෝම් ආකාරයේ මගක යමින් IE 10 සමග ප්ලැෂ් ප්ලේයරය අඩංගුව පැමිනෙන මුත් එය ක්‍රියාත්මක වීමේදී ‍තෝරාගත් ජනංප්‍රිය වෙබ් අඩවි වලට පමනක් සීමා වෙන බවයි. එලබෙන ජූනි මුල්භාගයේ නිකුත්වන්නට නියමිත වින්ඩෝස්8 අවසාන පෙර සංස්කරනය සමග මෙම පහසුව  ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.
             මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා දැනටමත් ඇඩෝබි ප්ලෑෂ් ප්ලේයරය භාවිතාකරන  වෙබ් අඩවි වලින් සියයට 62 ක් දැනටමත්  HTML5 video  දෙසට යොමුවෙමින් සිටින බවයි.එම ආයතනය පවසන්නේ බ්‍රවුසරය මතට ප්ලෑෂ් ප්ලේයරය නැංවීමෙන් යාවත්කාලීන ගැටලුව හා සුලබ පහරදීම් අවස්ථාවන් සම්බන්ධිත ආරක්ශක ගැටලු බොහෝ දුරට මග හැරෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙන්නේ.


Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...