2012-05-26

ගුගල් ග්ලාස් ඡායාරූපකරනයට වෙනසක් ගෙනෙන බවට.....


ජංගම ඡායාරූප කරනය වෙත නව වෙනසක් එක්කරන්නට "ගූගල් ග්ලාස්" ව්‍යාපෘතියේ නව ප්‍රවනතාවයක්  සුදානම් වෙමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ.ගූගල් ආයතනය විසින් පසුගිය දින පැවති ඡායාරූප ශිල්පීන් සදහා වූ හමුවකදී මේ පිලිබදව පවසා සිටියේ තම ග්ලාස් ව්‍යාපෘතිය ඡායාරූප කරනය වෙත නව වෙනසක් ‍රැගෙන එන්නට සූදානම් වෙමින් සිටින බවටයි ප්‍රකාශකර සිටියේ."ඔබ දෑස් පසුකරන කොතරම් නම් වටිනා මොහොතවල් දෑත්මානයේ කැමරාවක් නොමැතිකමින් සටහන් නොතබාම මැකී ගොස් ඇතිද? ඒත් ගූගල් ග්ලාස් මේ සදහා හොදම විසදුමක් ‍රැගෙන එනවා" ලෙසටය.
            තවමත් මෙම ක්‍රියාවලිය සිදුවන යාන්ත්‍රනය පැහැදිලිව අයතනය විසින් ප්‍රකාශ නොකර ඇති මුත් ඔවුන් පවසන්නේ "ඔබගේ දෑත් කාර්ය බහුල මොහොතවල් වල පවා ගූගල් ග්ලස් එම වටිනා රූ සටහන්පත්  ඔබ වෙතින් ගිලිහී යන්නට  ඉඩ නොදෙනු ඇති බවයි" වැනි ප්‍රකාශවමින් හෙලිවන්නේ අමතර මෙහෙයවීමකින් තොරව දෑස් වල මෙහෙයවීමෙන් මෙම ක්‍රියාවලිය සිදුවනු ඇති බවයි.
     ගූගල් ආයතනය පසුගිය අප්‍රේල් වලදී මුලින්ම තම ග්ලස් ව්‍යාපෘතිය ගැන හෙලි කල අතර තවමත් අවසාන නිෂ්පාදනය එලිදක්වන දිනයක් හෝ එහි මුල ගනන් පිලිබද තොරතුරක් පලකොට නොමැති බවයි වාර්ථාවන්නේ.ගූගල් ආයතනය මගින් පසුගියදා නිකුත්කල පහත දැක්වෙන වීඩියෝව  මේ පිලිබද වැඩි විස්තරයක් ඔබ වෙත ‍රැගෙන එනු ඇත.


Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...