2012-05-25

ගූගල් වෙත කතෘ අයිතීන් තහවුරු කරනලෙස ඉල්ලීම් වේගයෙන් ඉහල යමින් පවතී....


ගූගල් ආයතනයෙන් නිකුත්වන නවතම වාර්ථා පවසන්නේ හිමිකරුවන් විසින් තම අයිතීන් නොසලකා හරිමින් වෙබ් අවකාශයතුලට අනවසරලෙස මුදා හැර ඇති දෑ සදහා වන වෙබ් ලිපිනයන් ගූගල් සෙයුම් ප්‍රතිපලවලින් ඉවත්කරන ලෙසට කෙරෙන ඉල්ලීම් වේගයෙන් ඉහල යමින් පවතින බවයි. ගූගල් ආයතනය පවසන්නේ මාර්තුමසය පමනක් සලකන විට මිලියනයකට අධික ඉල්ලීම් තමන් වෙත ලැබී ඇති බවයි.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ කතෘ හිමිකරුවන් 2400 පමන දෙනෙකුගෙන් ඩෝමේනයන් 24374 යටතේ ක්‍රියාත්මකවන සබදතා මිලියන 1.2 පමන ඉල්ලීම් ලැබී ඇති බවයි. එම ඉල්ලීම් වලින් සියයට97 පමන ගූගල් ආයතනය කටයුතුකල බවටයි පැවසෙන්නේ.මෙම සංක්‍යාව අතරින් මිලියන භාගයකට (546716) වැඩි ප්‍රමානයක් මයික්‍රසොෆ්ට් ආයතනයන් තම අයිතීන් මත කෙරුනු ඉල්ලීම් බවටයි සටහන් වන්නේ. ගූගල් ආයතනයේ විධායකයෙකු පවසන්නේ 2009 වසරේ දී කල සම්පූර්න ඉල්ලීම් ප්‍රමානයට වඩා වැඩි එනම් සතියකට 250000 තරම් ඉල්ලීම් ප්‍රමානයක් මේ වනවිට ආයතනයට තම කතෘ අයිතීන් නොසලකමින් සිදුවන අනවසර බෙදාහැරීම් සදහා අදාල වෙබ් සබදතා ප්‍රතිපල වලින් ඉවත්කරන මෙන් ලැබෙමින් ඇති බවයි.
                              ගූගල් ආයතනය පවසන්නේ මෙසේ ලැබෙන ඉල්ලීම් අතරින් ඉල්ලුම්කරුගේ අයිතිය පිලිබද තහවුරුව කෙරෙහි තම දැඩි අවධානය යොමුකරන අතරම තවකෙකුගේ අදහස් ප්‍රකාශනයට ඇති නිදහස ඉක්මවා නොයන්නට කටයුතු කරන බවයි. එසේම වෙබ් අඩවි සදහා බාදාකරන්නට ගන්නා උත්සාහයන් කෙරෙහි වැඩි අවධානයක්  යොමුකරන අතර ආයතන හා පුද්ගලයින්ගේ අයිතීන් තහවුරු කරන්නට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...