2011-12-06

ආරක්ශිත සයිබර් සැරියකට.......

හානිකර මෘදුකංග වලින් ආරක්ශාවීමේ ප්‍රධානතම පියවර ඇත්තේ ආරක්ශම මෘදුකාංග මත නොවේ, ඔවුන් පවසනවා. මූලිකවම එය භාවිතාකරන්නාගේ හැසිරීම මත රදා පවතිනවා. ආරක්ශක මෘදුකාංගය නිවැරදිව යාවත්කාලීනවී තිබීම වැදගත් උවත් පරිගණකය මත ස්ථාපනයකර ඇති සෙසු මෘදුකාංග නිවැරදිව යාවත්කාලීන කර නොතිබීම හානිකර මෘදුකාංගවලට පහසුවක් සැලසීමක් වනවා. අන්තර්ජාලය තුලින් මෙවැනි ස්ථාපිත මෘදුකාංගවල නිවැරදි යාවත්කාලින බව පිරික්සන හා ස්වංක්‍රීයව එවායේ යාවත්කාලින කරවන මෘදුකාංගක් ලබා ගැනීමෙන් මෙම තත්වය වඩාත් පහසු කරගන්නට හැකි වනවා.එසේම වයි ෆයි ජාලයක් මතට පිවිසීමේදී වඩාත් කල්පනාකාරී වියයුතු කාලය එලබිලා තිබෙනවා.සමහර විටක ඔබ සිතනවා ඇති ගුවන්තොට පොලක, අවන්හලක තිබෙන ඔවුන්ගේ වයි ෆයි ජාලය වෙත ඔබ සම්බන්දවී සිටිනවා කියා. අවාසනාවකට ඔබ ඇත්තටම සම්බන්ද වී සිටින්නේ අනවසර පිවිසීමකට ගොදුරක් සොයමින් සිටින සයිබර් අපරාධකරුවෙකුගේ විය්‍යාජ වයි ෆයි ජාලයකට විය හැකියි.
තවදුරටත් ඔබේ සයිබර් ආරක්ශාව ගැන සැලකිලිමත් වන්නේනම් ඔබේ පෞද්ගලික පරිගනකයෙන් හැරෙන්නට පොදු පරිගණක වලින් ඔබේ පෞද්ගලික ගිනුම් වලට පිවිසීමෙන් වැලකීසිටීම ඉතා හොද පියවරක් වනවා. උදාහරනයක් හැටියට ඔබගේ වෙබ් මූලික ඊමේල් පිරිසන්නට පොදු හෝ අන්‍ය පරිගණක බාවිතා නොකරන්නට පරිස්සම්වීම ඉතා වැදගත් වෙනවා. අනෙක් කරූන නම් එවැනි පරිගණකයක් භාවිතා කලද අවසානයේ ඔබේ ගිනුමෙන් බැහැර නොවී එම පරිගණකයෙන් ඉවත්වීම තවත් අහිංසක මුත් මෝඩ මිනිසෙකු සයිබර් අපරාදයකට පෙලබූවාලූ අයෙකු බවට ඔබ පත් කරන්නක් විය හැකියි.
                 දත්ත ගොනු භාවිතයේදී එහි නාමයට පසුව ඇතිfile extension පිලිබදව සැලකිලි මත්වීම ඉතාම වැදගත් වෙනවා.ඡායාරුවක් ලෙසින් සැගවී සිටිමින් ක්‍රියාත්මක වන හානිකර ක්‍රියාකාරී දත්ත ගොනු පවතිනවා.අවිස්වාස හැම විටම එම ගොනුවේ Properties වෙත ගොස් පරික්ශාකාරී වීම ඉතා වැදගත් විය හැකියි.ලොව ප්‍රධාන පෙලේ මෘදුකාංග කිහිපයක් හා ඒවායේ සාපේක්ශ හැසිරීම් පිලිබදව සටහන් ගොනු සමහර විටක ඔබට වැදගත් විය හැකියී.
       

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...