2011-12-05

ගල් ගුහාවේ දොර‍ටුව තුනී කඩදාසියකින් වසා තැබීම.....

අතීතයෙන් ගලා එන සමහර කථාන්දර වල සුරූපී කුමරියන් ගල් ගෙවල්වල් සගවා තබා විශාල ගල් කුලකින් එය වසා දමන මුත් "රහස් පදය" භාවිතයෙන් ඉතාපහසුවෙන් එම ගල් කුල ඉවත් කරන්නට හැකිවිය. තවත් විටකදී වස්තු සම්භාරය සගවා තබන ලද නිදන්වල දොර‍ටු සදහාද අවසර පද තිබුනු බව එවැනි තවත් කථාන්දරවල සටහන්ව තිබිනි. වීරයන් නැතිනම් දක්ශයන් තම බුද්ධි බල මහිමයෙන් මේ විවෘතකරගත් බවට ඒවායේ කියවේ.ඒවා වීරයන් විසින් විවෘත කරගත් බව එම කතාන්දරවල කියවෙන විට අපහට මහත් සතුටක් දැනිනි.
                  වර්ථමානය වන විට එම ආකෘතිය වෙනස්වී ඇත.එම පෙර කල විසූ වීරයන් අද සොරාගන්නන් බවට පත්ව ඇත.ඔවුන්ගේ දක්ශතාවයේ බල මහිමයෙන් රහස් පද සොයාගෙන ඒවා සාර්ථකව යොදා ගනිමින් එම සුරක්ශිත කර ඇති ස්ථාන වලට ඇතුලුවී ඇති බවට දැන ගත්විට අප හඩාවැටෙන්නට හෝ මහත් අපහසුතාවයට පත්වෙනු දැකිය හැකිය. හේතුව සරලය , සුරූපිනියන් හෝ මහා ධනවස්තූන් සැගවූ කුරිරු බලවතුන් අප බවට  පත්වී ඇති අතර තම දක්ශතාවයේ බල මහිමෙයෙන් ඒවා ලබා ගන්නන් "අනවසර පිවිසෙන්නන්" නැතිනම් "සයිබර් අපරාධ කරුවන්" බවට පත්ව ඇත.
                        රහස් පද  නැති නම් අවසර පද යනු ඔබගේ ඩිජිටල් ජීවිතය සුරකින සාධක යයි. එය දෙයාකාරය කින් අහිමිවීමේ අනතුරු සහිතව පවතී. පලමු වැන්න නම් ඔබේ මහත් වස්තු සම්භාරය සගවා ඇති ගල් ගුහාවේ දොර‍ටුව තුනී කඩදාසියකින් වසා තැබීමයි.එය වැඩිදුරටත් මෙසේ උදා හරනයකින් පැහැදිලි කරන්නේ නම් මෑතකදී පලවූ වාර්ථාවකට අනූව පසුගිය කාලයේ වැඩියෙන්ම අනවසර පිවිසෙන්නන් භාවිතාකර තිබූ අවසර පදයවූවේ "123456" යන්නයි. දෙවැන්න නම් විනයක් රහිත මනසකට වුවත් පහසුවෙන් දැනුමක් ලබා ගන්නට මග පෑදී තිබීම අනෙකයි. අද අන්තර් ජාලය තුල අනවසර පිවිසීම් ක්‍රම වේදයන් සහිත දැනුම හා මෘදු උපාංග පහසුවෙන් ආධුනිකයෙකුට පවා  ලබා ගන්නට හැකිවීමයි....

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...