2011-12-01

ක්‍රෝම් භාවිතය පහසු කරගන්නට.....

සමහර විචාරකයින් පවසන්නේ සමාන්තර වෙබ් පිරික්සනයන්ට අනූව සලකන විට 2011 යනු ගූගල් ක්‍රෝම්ට අයිති වසරක් ලෙස නම් කල හැකි බවයි.  ඔවුන් පවසන්නේ වසර ආරම්භයේ දී සියයට 14.9ක් ව පැවති ලෝක භාවිත ප්‍රතිශතය පසුගිය ඔක්තෝබර් පමන වන විට සියයට 25 දක්වා ඉහල ගොස් ඇති බවයි. එය දල වශයෙන් මිලියන 200 කට වඩා වන බවටයි පැවසෙන්නේ. එක්සත් රාජධානිය ගැන සැලකීමේදී  දෙවන වැඩියෙන්ම භාවිත වෙබ් බ්‍රවුසරය බවට පත්ව ඇති අතර ලබන එම තත්වය ලබන වසර වනවිට ලෝක භාවිතය  තුලින්ද දකින්නට හැකි වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් පවතිනවා.
   මීට ප්‍රධාන හේතුව ලෙස  දැක් වෙන්නේ  මෙම වසර තුල නව සංස්කරනයන් නමයක් පමන නිකුත්වූ අතර ඒ සැම සංස්කරනයක් තුලම සාර්ථක දියුනුකිරීම් රාශියකින් සමන්විත වූ බවයි.  තොරා ගන්නලද නව ක්‍රෝම් අංගයන් කිහිපයක් පහත දැක්වේ.


ක්‍රෝම් 13 සිට ක්‍රෝම් තුලදී මුද්‍රන පිටපතක් ලබා ගන්නට යාමේදී පෙර ආදර්ශය පෙන්වීම හදුන්වා දෙනු ලැබුවා. එහිදී එම වෙබ් පි‍ටුවේ පී.ඩී.එෆ්  පි‍ටුවක් නිර්මානය කරන්නට ගතවන කාලය නිසා මද පමාවක් දකින්නට හැකි වෙනවා.එහිදී මෙම මුද්‍රන පෙර ආදර්ශ කවුලුව මග හැරීම සදහා පහත සදහන් බටනයන් ගොනුව භාවිතා කලහැකියි.  Ctrl+Shift+P
(මුද්‍රන විධානය සදහා Ctrl+P  )

ක්‍රෝම් 16 වල අත්හදා බැලීමේ සංස්කරනයක් ලෙස හදුන්වා දුන් ස්වංක්‍රීයව වෙබ් අඩවිවෙත ඇතුලුවීමේ ක්‍රම වේදය ෆේස්බුක්  , පිකාසා , යු ටියුබ් , බ්ලොගර් , ආදීවූ "ගූගල් ලොගින්ස්" හා එකගව වෙබ් අඩවි සදහා එක් බටන ක්‍රියාත්මක කිරීමකින් ලබාගත හැකි වනවා. එය ක්‍රියාත්මක කර ගැනීම සදහා ඇඩ්‍රස්බාරය මත  about:flags ලෙස සටහන් කර ඉන් අනතුරුව  Enable Auto Login  යන්න ‍තෝරා ගැනීමෙන් පසුව හැකි වනවා.

ගූගල් ඉමේජස් තුලින් ඔබට පහසු වෙනවා ඡායාරූවක් මාර්ගයෙන් වෙබ් අඩවියක් සොයා ගන්නට. මේ සදහාමෙම ලිපිනයෙන් ලබා ගන්නා එක්ස්ටෙන්ෂනය ස්ථාපනය කර ගැනීමෙන් පහසු වෙනවා.ඉන් පසුව ඡායාරුවක් හෝ සටහනක් මත රයිට් ක්ලික් කිරීමෙන් ලැබෙන මෙනුවෙන්  " මෙම රුව සදහා ගූගල් පිරික්සන්න " විධානය ‍තෝරා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඉන් පහසු වනවා අදාල වෙබ් අඩවියන් සොයා යන්නට.
මතුසම්බන්දයි....

AI මූලික Search Engines

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති...