මෙම සතියේ මුල් භාගයේ පැවති සංවර්ධක කරුවන්ගේ හමුවකදී මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රතම වරට නිල ලෙස නිවේදනයකර සිටියේ වින් 8 නැතිනම් මීලග තම මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරනයක් නිකුත් කර ඇති බවකි. 5000 අධික මෘදුකාංග සංවර්ධිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී වින් 8 පෙර සංස්කරනය ස්ථාපනය කරන ලද ටැබ්ලට් පරිගනකයන් බෙදා හැරි බවයි සදහන් වන්නේ. සංවර්ධකයන් සදහා වින් 8 පෙර සංස්කරනය සහිත පරිගණක ලෙස මේවා නම් කර තිබූ අතර මෙම පරිගණකයන් ඉන්ටෙල් අයි5 ප්‍රොසසරයකින් සමන්විතව තිබූ අතර 1366*768 ස්පර්ශක තිරයකින් සමන්විතව හා ගිගා බයිට 64 ක "සොලිඩ් ස්ටේට්" ඝන තැටිය කින් සමන්විතව තිබූ බවත් ගිගා බයිට් 4 ක ධාරිතාවයක් සහිත ඩි.ඩි.ආර් 3 වර්ගයේ රැම් මතකයකින් සමන්විත වන බවත් වාර්ථාවී තිබිනි. නව මෙහෙයුම් පද්ධතියත් සමග මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති හා ඩෙස්ක් ටොප් පරිගනකය අතර තිබූ නූලික මට්ටමේ සම්බන්දය අවසන් වන බවටයි විචාරකයින් පවසන්නේ.
පර්යේක්ෂන ධාවනයකදී ලබා ගත් වාර්ථාවන් වලට අනූව නෝට්බුක් පරිගණකයකදී වින් 7 සාමාන්‍යයෙන් මෙගා බයිට් 400 තාවකාලික භාවිතයක් දක්නට ලැබුන මුත් වින් 8 සමග එම ප්‍රමානය මෙගා බයිට් 300 දක්වා අඩුවතිබෙනු දක්නට ලැබුනු අතර තාවකාලික මතකය තුල සමාන ගොනු ධාවනය ඉවත්කිරීමේ නව ක්‍රමවේදය මේ සදහා ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පවසා සිටිනවා. යු.එස්.බි 3.0 භාවිතයට ප්‍රමුකත්වය සමග යු.එස්.බී පෙර සංස්කරන සමග මෙගා බයිට් 40ක වේගය 160 දක්වා වර්ධනය දක්නට ලැබුනු බවත් ඔවුන් සදහන් කර සිටිනවා. වින් 8 සහිත දුරස්ථ පරිගණකයක ඩෙස්ක්ටොප් එක පාලනයට ලැබෙන හැකියාව ව්‍යාපාරික භාවිතා කරන්නන් වඩාත් සතුටට පත්කරුනු ඇතැයි විචාරකයින් අනුමාන කර සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
