2011-08-09

ගූගල්+ එක්සත් ජනපදය තුල දෙවන තැනට..

සමාජජාලා අතර තරගය තුල ගූගල්+ වේගයෙන් ඉදිරියට පැමිනෙමින් සිටින බවයි වාර්ථාවෙන්නේ. දැනටමත් එක්සත් ජනපදය තුල ගූගල්+  Twitter හා  LinkedIn  ට වඩා භාවිතාකරන්නන් ප්‍රමානයක් හිමි කරගෙන සිටින බවට තොරතුරු සටහන් වනවා.එක්සත් ජනපද  අන්තර්ජාල භාවිතාකරන්නන්  1003 සහභාගී කරගනිමින් කරන ලද ගනනය කිරීමේකදී හෙලිවී ඇති කරුනු අනූව කියවෙන්නේ ගූගල්+ ෆේස්බුක් අඩිපාරේ යමින් සිටින බවයි.ෆේස්බුක් තම ආරමභක කාලයේදී පාසැල් සිසුන් වේගයෙන් තම ග්‍රහනයට ලක් කර ගත්තා සේම ගූගල්+ අධ්‍යාපනයක් සහිත තරුන  කොටස් අතර වේයෙන් පැතිරෙමින් සිටින බවයි සටහන් වන්නේ. දැනටමත් අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 13% ගූගල්+ භාවිතකරමින් සිටින බවත් තවත් 9% නුදුරේදීම ගූගල්+ භාවිතයට පිවිසෙන්නට කැමත්තෙන් සිටින බවත් හෙලිවී ඇති බවයි කිය වෙන්නේ. එම ගනනය තුල හෙලිවූ කරුනු අතර  ඇමරිකානු භවිතා කරන්නන් මිලියන 16 ලබන වසරතුල ගූගල්+ භාවිතයට පිවිසීමට බලා පොරොත්තුවන බව හෙලිවීමත් සමග ලබන වසර වන විට ඇමරිකාවතුල ගූගල් + ෆේස්බුක්  වලට පමනක් දෙවන වන සමාජ ජලය බවට පත්වෙනු ඇති බවයි අනාවැකි පල වෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...