....................ඔබට ලැබෙන ආගන්තුක කුටියේ මද විරාමයකට පසුව ආශ්‍රමයේ ලොකු ස්වාමින් වහන්සේ බැහැදැකිමේ අවස්තාව උදා වනු ඇත. බොහෝ විට ආශ්‍රමයට ඇතුලුවී පලමු හෝරා පහ හෝ හය ගෙවීමෙන් අනතුරුව ගබඩා භාරකරු ඔබව ලොකු ස්වාමීන් වහන්සේ වෙත කැදවාගෙන යන්නට පැමිනෙනු ඇත. ආශ්‍රමයේ ඇති අනිකුත් කුටිවලට අතිශයම සමාන ගබඩා ගොඩනැගිල්ලට මදක් ඉහලින් විශාල නුගරුකත් දහම් ශාලාවත් අතර ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ කුටිය පිහිටා ඇත. වැදගත්ම කාරනවක් පැවසිය යුතුව ඇත. ඔබ මෙහි එනවිට රැගෙන ආ සංස්කෘතික නැතිනම් සමාජීය දැනුම අවබෝදය ඔස්සේ "ප්‍රධාන" ස්වාමීන් වහන්සේව වටහා ගත නොහැකිවනු ඇති බවයි.බොහෝ අයට වඩන ලද දහම යනු තවත් බලයක් ලෙස සලකයි. එකවර වටහ ගත නොහැකිවීම මගේ වරදක් නොවන බව පවසමින් මට මෙසේ කියන්නට සිදුව ඇත. දහම වඩන්නට වඩන්නට සිදුවන්නේ පුද්ගල බලය හීන වීමයි. ආශා පද්ධතිය තුනී වීමයි. කොටින්ම මෙහි සිටින බලය අවම පුද්ගලයා වන්නේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ වේ. අනෙකුත් ඇත්තන් උන්වහන්සේට ගරු කරනුයේ උන්වහන්සේගේ සියුම් කරන ලද පුද්ගලත්වයටයි. වරක් මා ගබඩා භාරකරුගෙන් මේ ගැන විමසූ විට ඔහුමට පැහැදිලි කලේ "ඔබට උවමනා නම් උන් වහන්සේ පහල ඇතු ගම්මානයට හෝ ආශ්‍රම කදුමුදුනත දිසාවට වැඩිය වෙලාවක උන් වහන්සේගේ කුටියට ගොස් බලන්න අමතර එක් සිවුරක් පාත්‍රය හැරෙන්නට වෙන කිසිවක් එහි නැහැ. අනෙකුත් කුටිවලට ගොස් බලන්න අඩුම තරමින් ලස්සන ගල් කැටයක්වත් ඒවායේ තිබෙනවා. කොටින්ම මහත්මයා මෙහි ගැරුත්වය ලැබෙන්නේ වයසට, ගාම්භීර පෙනුමට නොවේ දහම වැඩීමෙන් සියුම් කරන ලද පුද්ගලත්වයටයි" ....................
$$$$$$$$$$$$$$$$$$ www.nirogi.tk $$$$$$$$$$$$$$$$$$$
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...