2011-07-07

අන්තර්ජාලය ඉදිරියේදී අඩංගුදෑ මූලික ස්ථානයේ සිට සබදතා මූලික ස්ථානයකට........

ගූගල්+ සම්ප්‍රාප්තිය හුදෙක් තවත් සමජ ජාලාවක  ඇරබුමට වඩා වැඩියමක් සිදුකරන්නට ඉඩ ඇති බවටයි බොහෝ මතවාද බිහි වෙමින් ඇත්තේ. ෆේස්බුක් සමාජ ජාලාවක් ලෙස සිදුකරගෙන ආ ක්‍රියාවලියට වැඩියමක් ගූගල්+ අතින් සිදුවනු ඇති බවට මත පලවෙන්නේ එය සෙයුම් යන්ත්‍ර ප්‍රතිපලවලට වෙනසක් ගෙන එන්නට උත්සාහ කරන බවට දැනටමත් පෙනෙන්නට ඇති යම් යම් කාරනා නිසාය. ‍ටුවිටර් සමග එක්ව එහි ‍ටුවීට් වල යාවත්කාලීනයන් එසැනින් සෙයුම් ප්‍රතිපලවලට එක් කරමින් පවත්වාගෙන ආ යාන්ත්‍රනය පසුගියදා නතර කෙරුනු අතර එය නැවත් අලුත් නොකරන්නට තීර්නය කිරීම සහ එයට හේතුව ලෙස තම නව හදුන්වාදීම වන ගූගල්+ ඉදිරිපත් කිරීම මෙයට හොදම උදාහරනයකි. නුදුරු අනාගතයේදීම ගූගල්+  හි  යාවත්කාලීනයන් තම සෙවුම් ප්‍රතිපලවට එක් කරන බවට දැනට මත් නිවේදනය කර ඇත.
    වෙළඳ නාම අනන්‍යතා සහිත ගූගල්+ වල තවමත් ඉඩදී නැති අතර වෙබ් ලිපිනයන් ගූගල්+ අතරට ගෙන එන්නට තවමත් අවස්තාවක් ලබදී නැත. ගූගල්+  හි "පෝස්ට්ස්" සෙයුම් යන්ත්‍ර ශ්‍රේනිකරනයට ලක් කරන අතර ප්‍රසිද්ධ මට්ටමේ ක්මෙන්ට්ස්ද එලසම සෙ‍ටුම් යන්ත්‍ර ගතවන බවයි සටහන් වන්නේ. මෙම තත්වයන් කියාපානුයේ අන්තර්ජාලය ඉදිරියේදී අඩංගුදෑ මූලික ස්ථානයේ සිට සබදතා මූලික ස්ථානයකට චලනය වෙමින් පවතින බවයැයි විචාරකයින් මත පලකරමින් සිටී.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...