මයික්‍රොසොෆ්ට් ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතියේ හදුන්වාදීමේ චලන පටයක් පසුගියදා වින්ඩෝස් 8 නම් සංකේත නාමය යටතේ ඉදිරි පත් කරනු ලැබීය. අවිවාදිත ප්‍රධානම කාරනයක් වන්නේ පසුගිය 25 වසරක මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති ඉතිහාසය තුල තීරනාත්මක වෙනසක් තම නව ඉදිරිපත් කිරීම සමග අප අතරට පැමිනෙන්නට නියමිත බවකි. ස්පර්ශක තිර භාවිතයට ප්‍රමුකතාවය සහිත පලමු මෙහෙයුම් පද්ධතිය මෙය වීම මීට හේතුවයි.
මෙහෙයුම් පද්ධතියේ නිවස්න පිටුවෙහි සැකසුම ස්පර්ශක භාවිතයට වඩාත් ගැලපෙන ලෙස විශාල පැනලයන්ගෙන් සමන්විතව ඇති බව දැකිය හැකිය. එනමුත් සුපුරුදු "ටාර්ස්ක් බාරය" ", "ෆයිල් මැනේජර්" තවමත් එහි සිටීම මහත් ආගන්තුක බවක් අපවෙත නොගෙනෙන්නට හේතුවනු ඇති බවයි විචාරක මතය වන්නේ. එසේ මුත් ස්ටාර්ට් මෙනුවෙහි සංයුතිය නවීකරනය වී ඇති බවට පිලිගැනීමට සිදුවන්නේ නොකියවූ ඊමේල් වෙත පිවිසීම, කාලගුනික තොරතුරු, ආදී "ඇප්ලිකේෂන්" වෙත පිවිසෙන්නට යෝජනා කරන නිසාය. මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ එච්.ටි.එම්.එල් 5 හා ජාවාස්ක්‍රිප්ට් භාවිත කරමින් වින් 8 සමග වෙනස් ආකාරයක භාවිතයන් තමන් හදුන්වා දී ඇති බවකි. උදා හරන ලෙස කාලගුන ඇප්ලිකේෂනය තිලදී ඉදිරි දින 5ක තොරතුරු ඉදිරිපත් වන අතර පුවත් ඇප්ලිකේෂනය තුල කුඩා ඡායා රූ සමග ඇති පුවත් කවුලු වෙත පහසුවෙන් පිවිසෙන්නට හැකි ලෙස නිර්මානය කර ඇත. ස්පර්ශක තිර භාවිතයට වඩාත් ගැලපෙන ලෙස නිර්මානය වී ඇති ඉන්ටර්නෙට් එක්ස්ප්ලොර 10 ආදී භාවිතයන් සමහර විටක "ස්ටෝර්" ටයිලය හරහා අවදිකරගන්නට සිදුවිය හැකි වේ යැයි අනුමාන කල හැකිය. තවමත් මෙම "ස්ටෝර්" පිලිබද තොරතුරු හෙලිකර නොමැති බවයි පැවසෙන්නේ.තවත් වැදගත් කාරනයක් ලෙස ඔවුන් ඉදිරිපත් කරනුයේ භාවිතාකරන්නන්ගේ සුපුරුදු මෘදුකාංග වන ඔෆිස්, පොටෝෂොප් ආදීය වින් 8 තුල සමහර විටක වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවට කර ඇති ඉගියයි.
වින් 8 මෙහෙයුම් පද්ධතිය 2012 වන විට නිකුත්වනු ඇතැයි බල පොරොත්තුවන අතර මේ පිලිබද වැඩිපුර තොරතුරු සැප්තැම්බර් මස වන විට හෙලිවනු ඇතැයි අනුමාන පලවෙමින් තිබෙනවා
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...