Windows XP වෙතට Microsoft සමාගම නිල ලෙසට සමුදී දෙමසක් ගත වෙමින් තිබුනද හදාරන්නන් පවසන්නේ තවමත් සුලු හා මධ්‍ය පරිමානයේ ව්‍යාපාර තුල XP භාවිතය 19% ක තරම් ඉහල අගයක තිබෙන බව නව හෑදෑරීම් වාර්ථා වලින් හෙලි වෙමින් ඇති බවයි. 2001 දී සිදුවූ නිකුතුවක් වන XP සදහා සමු දෙන විටත් තිබූ අධික භාවිතාව සලකමින් සතියකට පසුවත් හඳුනා ගෙන තිබූ දුර්වලතාවයක් සදහා පිලිසකර යාවත්කාලීන නිකුතුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. Bitdefender වෙතින් නිකුත් වන මෙම වාර්ථාවට අනූව එම පෙර සැකසුම් දුර්වලතාවය (zero-day vulnerability) ඉලක්ක කොට ගෙන කල පිලිසකර නිකුතුව තවදුරටත් XP භාවිතාවට බලාපොරොත්තුවක් බවට පත්ව ඇති මුත් මයික්‍රසොෆ්ට් වෙතින් ඉදිරියේදී එවැනි බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවටයි නිවේදනය වන්නේ. පසුගිය දිනවල ජනංප්‍රිය පුවතක් වූ XP වල registry මත කරන Tweak කිරීමක් ඔස්සේ තව දුරටත් XP වෙතට යාවත්කාලීන ලබා ගන්නට හැකිවන බවට වූ මතයද ඔවුන් එහිදී සදහන් කර සිටිනවා. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් වෙති පලවූ නිවේදනයක් පැහැදිලි කොට තිබුනේ මෙම පියවර අනතුරුදායක විය හැකි බවයි. එම ආයතනය මෙම හැදෑරීම සදහා ලොව පුරා ආයතන 5000ක් යොද ගෙන තිබූ අතර ඉන් 18.7% කම XP භාවිතාවෙමින් ඇති බවට හදුනාගත් අතර 53.4%ක 7 Professional සංස්කරනය භාවිතාවෙමින් ඇති බවට හදුනාගෙන තිබුනා. මෙම සංස්කරනය සදහා 2020 දක්වා මයික්‍රසොෆ්ට් වෙතින් යාවත්කාලීන ලැබීමට නියමිත අතර ඉතා සුලු ආයතන සංක්‍යාවක් පමනක් Windows 8.1 භාවිතාවට පැමින ඇති බවට හෙලිකර ගෙන තිබෙනවා. Bitdefende ආයතනය තම ආරක්ශක මෘදුකාංග ඔස්සෙ windows XP වෙතට සහය දැක්වීම 2016 දක්වා සිදුකරන්නට නියමිත බවටයි මේ වන විට නිවේදනය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...