2024-04-13

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටතේ ලබා ගන්නට හැකි සංස්කරණයකින්ද මෙම නිකුතුව සමන්විත වන අතර  වන අතර එය advanced security අංගයන් ගෙන් සමන්විතව පැමිනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.  Google දැනටමත් enterprise Chrome සංස්කරණයක් නිකුත් කරමින් සිටින අතර එය  data protection, malware guards, සහ phishing protection වැනි හැකියාවන්ගෙන් සමන්විතව පැමිනෙමින් තිබෙනවා. මෙම පැමිනෙන්නට නියමිත Chrome Enterprise Premium වලදී දෙගුනයක ආරක්ශිත බවක් සහතික වෙමින් ඇති අතර වඩාත් ගැබුරින් සිදුවන  malware scanning හැකියාවක්, data leaks පිලිබඳව දැඩි අවධියක්, මෙන්ම  filter URLs හැකියාවක් ගැන පැහැදිලි කෙරෙමින් තිබෙනවා. සමස්ථයක් ලෙසට මෙම ගෙවීම් සහිත සංස්කරණය artificial intelligence සහය සහිත වැඩි ආරක්ෂිත බවක් සහතික කරන්නට සූදානම් බවටයි පලවන්නේ.
Pubudu Siriwansa
www.pariganakaya.tech


 

2024-04-12

Meta සහ Googleවල අවධානය in-house AI chips වෙතට.

ලොව ප්‍රධාන පෙලේ සියලුම පාහේ තොරතුරු තාක්ෂණ ආයතනයන් AI තරගය තුල කටයුතු කරමින් සිටීම පැහැදිලි කරුනකි. ප්‍රමුක පෙලේ ආයතනයන් AI දෙසට වන semiconductor models වෙතට තම ආයෝජනයන් වැඩි කරමින් සිටී. ඒවා අතර Meta මෙන්ම Google ද ඉදිරියෙන්ම වේ. හදාරන්නන් අවධාරනය කරන්නේ in-house chips ඔස්සේ Nvidia, Intel වැනි චිප්ස් ප්‍රමුකයන් මග හරිමින් තමන්ගේම ආවේනික දියුනු කිරීම් වෙතට මේ වන විට වැඩි ප්‍රවනතාවයක් දක්වමින් සිටීම කැපී පෙනෙන ලක්ෂනයක් වෙමින් තිබෙන බවට පැහැදිලි කෙරෙනවා.  වැඩි දුරටත් පවසෙන්නේ AI models  ඉල්ලා  සිටින large language models වලට පහසුව සලසන විශාල computing power එකක්  ලබා ගැනීමේ  අවශ්‍යතාවය මේවා අතර ප්‍රමුක වෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.tech


 

Meta වෙතින් Sextortion එරෙහි පියවර කිහිපයක්.


 Meta පවසන්නේ තමන්  Sextortion උත්සාහයන්ට එරෙහිව තම Instagram platform එක මත AI මූලිකව ක්‍රියාත්මක වන "nudity protection"  ටූලයක් සංක්‍රිය කර වන්නට කටයුතු කරමින් සිටින බවකි. බහුල වෙමින් ඇති භාවිතය හමුවේ විටින් විට ලොව පුරා තැතින් තැනින් නිරන්තරයෙන් වාර්ථා වෙමින් ඇති සංවිධානාත්මක අපරාධ මට්ටමින් හඳුනා ගන්නා බාලවයස් කරුවන් ඉලක්ක වන ඔවුන්ගේ අසැබි ඡායාරූ කෘතීමව නිපදවා  ඒවා  ප්‍රසිද්ධ කරන බවට තර්ජනයට ලක් කිරීම ඔස්සේ කායික මානසික පීඩාවට ලක් කිරීමට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. 2022 වසර සැලකීමේදී 3000ක් පමන සිදුවීම් US වලින් වාර්ථා වූ අතර ලොවපුරා වේගයැන් වර්ධානය වෙමින් ඇති අපරාධයක් ලෙසට මෙම ප්‍රවනතා හඳුනා ගනිමින් තිබෙනවා.  පසුගිය ජනවාරියේ සිටම Meta  ආයතනය වයස 18 ට අඩු භාවිතාකරන්නන් හට මෙම හානිය අවම කරවන පියවායන් කිහිපයක් ගැනම අවධානය යොමු කරන්නට කටයුතු කර තිබුනා.

Pubudu Siriwansa

www.pariganakaya.tech

2024-04-09

Apple වල සමහර apps වල හැසිරීම...

 Aalto University වලින් නිකුත් වන හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ  Apple වල භාවිතාවේදී ඔබේ දත්ත සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සංකීර්ණ කාරනාවක් ලෙසට පෙනෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Apple වල iPhone, iPad, සහ MacBook සියල්ලගෙම පාහේ default apps වලින් එනම් Safari, Siri, Family Sharing, iMessage, FaceTime, Location Services, Find My නැතිනම් Touch ID වලින් ඔබගේ දත්ත ලබා ගැනීම පාලනය කිරීම ඉතා අපහසු මෙන්ම සංකීර්න කාරනයක් එනම් විටක ඒවා අක්‍රිය කර තිබුනද දත්ත එකතුවීම නිරන්තරයෙන් සිදුවෙමින් පැවතීම දක්නට හැකි බවකි. විශේෂයෙන් මෙම apps මෙහෙයුම් පද්ධතියේ ඉතා ගැබුරින් සංයුත්ත ව තිබීම මෙයට තවත් හේතුවක් ලෙසට ඔවුන් පැහැදිලි කරනවා.
Pubudu Siriwansa
www.pariganakaya.tech


 

2024-04-08

Windows XP වෙතට වූ අවසන් update එකට වසර 10කි.

Microsoft සමාගෙම්න් නිකුතුත් වූ වඩාත් සංකේතාත්මක මෙහෙයුම් පද්ධතිය ලෙසට තවමත් Windows XP වෙතට වන පිලිගැනීම ඉහලින්ම වේ.  April 8, 2014 ද වැදගත්ම සටහනක් තැබූ දිනයක් වන්නේ මේ දිනයේදී windows xp වෙතට අවසන්  final security යාවත් කාලීනය නිකුත් වීම නිසාය. එනම් එම මෙහෙයුම් පද්ධය සදහා නිල වශයෙන් සමුගැනීම දුන් දවස වන නිසාය.  Windows XP තම දිගු ගමන අරබමින් August 24, 2001 දිනපෙර නිකුතුවක් වූ අතර ඉන් දෙමසකට පසුව සාමාන්‍ය නිකු‍ටුව කරන්නට එම ආයතනය කටයුතු කරන ලදී. වසර 8 ක් පුරා මෙම මෙහෙයුම් පද්ධතියෙ වෙතට microsoft වල සහය හිමිවූ අතර එය Service Pack 3 දක්වා දිගු ගමනක් ඒ වන විට සටහන් කර තිබිනි. පෙර කී mainstream සහය අවසන් වූ පසුවද Extended Security  සහය ලබා දෙමින් වසර පහක් තිස්සේ enterprises මට්ටමට සහය ලබා දෙන්නට ද එම ආයතනය කටයුතු කරන්නට යෙදිනි. Windows XP තම දිගු චාරිකාව වසර 12 කට පසුව April 8, 2014 අවසන් වූ අතර  Windows Vista පසු පැමිනීම විය.  නෙක හේතූම් මත අදටත් ලොව පුරා මිලියන ගනනක් මෙම මෙහෙයුම් පද්ධතියේ භාවිතය ලබන අතර  Microsoft  ආයතනය May 2017 දීද අමතර හදිස්සි යාවත්කාලීනයක් WannaCry ransomware ව ඉලක්ක කරගනිමින් නිකුත් විය.
Pubudu Siriwansa
pariganakaya.tech


 

සමහර apps විසින් win 11 වල update වලට බාදා කරන බවට...

ජර්මනු වෙබ් අඩවියක් තත්වය පැහැදිලි කරමින් පවසන්නේ Windows 11 විසින් තම upgrading වලදී භාවිතාවන appraiser.sdb ගොනුවට වබ බාදා කිරීම් නිසා සමහර apps විසින් නවතම සංස්කරණ වෙතට පිවිසීම  අපහසුතාවයන් සිදුවෙමින් තිබිම තමන් හදාරා ඇති බවකි. ඔවුන් පවසන්නේ Solidworks,  PDM,  iCloudServices.exe වැනි apps මේ අතර වන බවයි. තවත් විටක StartAllBack ස්ථාපිතව ඇති විටකදී Windows 11 ඉහල සංස්කරණයකට පිවිසීම නවතා එම app අස්ථාපනයට භාවිතාකරන්නා හට යොජනා කරන බවකි. මෙහෙයුම් පද්ධතිය එම ස්ථාපිතය performance,  security ගැටළු ගෙනෙන්නක් ලෙසට හඳුනාගනිමින් සිටින බවටයි පැහැදිලි කර සිටින්නේ. DeskModder  මේ අනූව හඳුනා ගැන ඇති app ලයිස්තුවක් ඉදිරිපත් කර ඇති අතර එය පහත දැක්වේ.
ConisioAdmin.exe (Solidworks PDM)
EaseUS Disk Copy.exe (EaseUS Disk Copy Application)
ep_dwm.exe (ExplorerPatcher) Included since 22H2
iCloudServices.exe (iCloud files shared in Explorer via WhatsApp) from 23H2
RadeonSoftware.exe (AMD GPU perf settings) from23H2
StartAllBackCfg.exe (StartAllBack) Included since 22H2
Multi-mon + Copilot (Microsoft)
MergeSdb (Microsoft)
Intel IntcOED.sys (Intel)
Intel IntcAudioBus.sys (Intel) (%WinDir%\System32\drivers\IntcAudioBus.sys)
Realtek 8192su Wireless USB 2.0 Adapter (Realtek) (%WinDir%\System32\drivers\RTL8192su.sys)
ඔවුන් පැහැදිලි කරන්නේ ඉහත දැක්වෙන App එකක් භාවිතා වෙමින් ඇති Windows 11 පරිගනකයක් නම් පෙර කී ලෙසට මෙහෙයුම් පද්ධති උස්තල ගැන්වීමකට බාදා වෙමින් ඇත්නම් එම app අස්ථාපනයනේ පසුව උස්තල ගන්වා පසුව අදාල app නැවත ස්ථපනයට කටයුතු කිරීම වඩාත් සුදුසු බවකි.
Pubudu Siriwansa

www.pariganakaya.tech 

 

2024-04-06

දෛනික තොරතුරු භාවිතාව තුල දැඩි අවධානයට ලක්වෙමින් ඇති තීරනාත්මක  සාධකයක් ලෙසට AI-generated content හඳුනා ගනිමින් තිබේ. වඩ වඩාත් සර්ථක ලෙසට වයාජ content අන්තර්ජාලයට පැමිනෙන්නට පටන් ගැනීම කෙතරම් භ්‍යානක විය හැකිද යන්න ලොවපුරා නෙක ආකාර ගත් සාමාජ ස්ථරයන් ගේ නිරන්තර විමසුමට ලක්වෙමින් ඇත්තකි.  ලොවපුරා විශාල භාවිතාවක් ලබ මින් සිටින Meta  වලින්ද නිකුත්වන නිවේදයක් පවසන්නේ තම  Facebook, Instagram. Threads වැනි සමාජ ජාලා අවකාශ වලදී AI-based content සදහා labeling යාන්ත්‍රනයක් ඉදිරි සති කිහිපය තුල ගෙනෙන්නට තමන් සූදානම් වෙමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට ක්‍රියාත්මක වන ආකාරයට වඩා සංවේධී "Made with AI" වැනි හඳුනා ගැනීමක් සහිතව එලබේන් නව ක්‍රමවේදය නිකුත්වන්නට නියමිත  බවකි.
Pubudu Siriwansa
www.Pariganakaya.Tech


 

2024-04-04

Apple වෙතින් personal home robot වයාපෘතියක්.

තම ස්වාමියා සමග නිරන්තරයෙන් කටයුතු කරමින් නිවසේ දෛනික කටයුතු සදහා නෙක සහය සදහා නිරන්තරයෙන් කටයුතු කරන personal home robot සංකල්පය විද්‍යා ප්‍රබන්ධ වල දිදුලන අවධානයක් ලබා ගත්තකි. AI හැකියාවෙන් ද වඩාත් ඔපවත්වූ රොබෝවරයෙකු නිවසට ගෙනෙන්නට  සූදානම් ව්‍යාපෘතියක මූලික අදියරෙහි Apple ආයත්නය වන බවට මේ වන විට පැමිනෙන නවතම වාර්ථා පවසමින් සිටී. Apple ආයතනයේ තවමත් පෙර අත්හදා බැලීම් මට්ටමේ ඇති මෙම නිපැයුම table-top device එකක් ඔසේ පහසුවෙන් හැසිරවීම මෙන්ම නිරීක්ෂක සහයකින්ද සමන්විතව පැමිනෙන්නට නියමිත බවක් ද ඒ සමගම පැහැදිලි කරමින් සිටී. එම ආයතනයේ hardware සහ AI කන්ඩායම් වල ව්‍යාපෘතියක් ලෙසට මේය දියත් වෙමින් ඇති අතර තවමත් ඔනැම අවස්ථාවක අත්හැර දමන්නට සූදානම් මට්ටමේ මෙම ව්‍යාපෘතිය ඇත් බවත් කියවේ. මේසේ මෑත කාලීනව ඒම ආයතනය අත්හැර දමන ලද ව්‍යාපෘති අතර electric car  නිපැයුමක් ගැන උත්සාහය වන බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa
www.pariganakaya.tech


 

Microsoft සහය අවසානයේ Windows 10 සදහා ...

Microsoft සමාගම තම Windows 10 සදහා වන සහය Oct. 14, 2025 වන විට අවසන් කරන්නට මේ වන විට නිල ලෙසට නිවේදනය කර අවසානය. තවමත් ඉතා බහුල භාවිතාවක් ලබමින් ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ එසේ වන්නට ප්‍රධාන හේතුවක් වෙමින් ඇත්තේ ඔවුන්ගේ මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව වෙතට පිවිසෙන්නට දෘඩාංග මට්ටමින්ම අවශ්‍යතා කිහිපයක් සපුරා ලන්නට සිදුව තිබීමය. පෞද්ගලික මට්ටමින් පමනක් නොව ආයතනික මට්ටමින්ද මෙම ගැටලුව අර්බුධයක් තිබෙමින් ඇති අවස්ථවේදී Microsoft සමාගම පවසා සිටින්නේ තම සේවාව සදහා වන සාමාන්‍යය සහය අවසන් වු පසුව ඊලග වසර සදහා වන security updates ලබා ගන්නට  $61 ක ගෙවීමකට යටත්ව හැකි වන බවය. එසේම Microsoft පැහැදිලි කරන්නේ මෙම අයකිරීම organizations සදහා වන අතර පුද්ගල භාවිතාව සදහා අයකිරීම් ඉදිරියේ නිවේදනය කරන්නට නියමිත බව්කි.
Pubudu Siriwansa
Pariganakaya.Tech


 

2024-03-30

ආරක්ශක මෘදුකාංගය

ආරක්ශක මෘදුකාංගයක් යනු ඔබගේ පරිගණකයේ සමස්ථ ආරක්ශාව භාරගන්නා මෘදුකාංගයක් ලෙසට ඔබ තුල උපකල්පණයක් ඇත්නම්  එය ඔබ ඔබගේ ආරක්ශිත බවට එරෙහිව කරගන්නා පලමු අභියෝගය එය වනු ඇත. කිසිදු ආරක්ශක මෘදුකාංගයකට එම වගකීම 100% ක් භාරගන්නට නොහැකි වනු ඇත. එනම් ඔබගේ අවධිමත් බව අත්‍යාවශ්‍ය බව පිලිගැනීම ඔබගේ මනස තුල නිරන්තරයෙන් තබා ගත යුතුය. විශේෂයෙන් ඔබ එම උපාංගය සමග කරන කටයුතු අනූව මෙම අවධානය තීවර කරගැනීම වගකීමක් ලෙසට පිලි ගත යුතුව ඇත. හුඳු විවේක කාලය සමග අන්තර්ජාලය මත ඔබ මොබ සරමින් විනෝදවන්නෙකු ගේ සිට තොරතුරු සොයන්නෙකුගේ භූමිකාවේ සිට දෛනික ඊමේල්, චැට් වනි පහසුවක සිට පෞද්ගලික බැංකු කටයුතු දක්වාත් ඉන් ඔබ්බට ගොස් වෘතීය නැතිනම් ව්‍යාපාරික මට්ටම දක්වාත් ඔබේ පරිහරනය දිවෙන්නේ නම් වඩාත් කල්පනාකාරී වීම, ආරක්ශිත වීම ඉතා වැදගත් වනු ඇත.
     සැබෑවනම් නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංග ප්‍රසස්ථ මට්ටමක ආරක්ශාව නොගෙනීම අප පිලි ගත යුත්තකි. හොඳ මට්ටමක ඉහල සේවාවක් ගෙනෙන ආරක්ශක මෘදුකාංගයක් යනු දෛනික විශාල ශක්තියක් වැයවන  කාර්යයකි. ඔබ ඉතා ප්‍රාථමික මට්ටමක භාවිතයෙන් ඉහලට යන්නේ නම් ඉහල මට්ටමක ආරක්සක මෘදුකාංගයක් වෙතට යාම වැදගත් වනු ඇත. එසේම අව්‍යාජ මූලාංශ්‍ර වලින් එම මෘදුකාංග නිතරම ලබා ගන්නට වගබලා ගැනීමද ඉතා වැදගත් වනු ඇත. එය නිවැරදිව ස්ථාපනය මෙන්ම අවශ්‍ය යාවත්කාලීන ලබා ගනිමින් නිවැරදි නඩත්තුවද වැදගත් වේ. එපමනක් නොව ආරක්ශක මෘදුකාංග කිහිපයක් ස්ථාපනය කර තිබිම වැඩි ආරක්ශව නොව ඔබ අනතුරකට  අත වැනීමක් විය හැක. ඔබ නිරතවන කාරනාවේ බරපතල කමට අනූව backups තබා ගැනීම වැදගත් වන්නේ විශාල කඩාවැටීමකට පසුව එන දෝශාරෝපනයකට වඩා එය ප්‍රායෝගික බැවිනි.
Pubudu Siriwansa
pariganakaya.tech


 

OpenAI වෙතින් voice-cloning technology සූදානම්.

OpenAI හිමිත්වය දරන ChatGPT පවසන්නේ තමන් සාර්ථකව voice assistant business වෙතට පිවිසෙන්නට සූදානම් බවයි. මෙම  artificial intelligence ආයතනය පවසන්නේ තමන් Voice Engine technology සාර්ථක ගොඩ නැගීමක අවසානයේ සිටින බවයි. වැඩි දුර6ටත් පවසන්නේ අයෙකුගේ තප්පර 15ක හඬ පටිගත කීඊමක් ඔස්සේ ඉතා සාර්ථක පුද්ගලික හඬ පටයක් කර දෙන්නට එය සුදානම් බවයි.  එසේමුත් OpenAI පවසන්නේ අවභාවිතාවකට ඇති අනතුරුදායක ඉඩ කඩ නිසා පොඳු භාවිතාවට මුදා හරිනට තමන් තවම සූදානම් නැති බවයි. කෙසේ මුත් සමහර ආයතනයන් මේ වන විටත් voice-cloning technology නිකුතූන් කර ඇති අතර සමීප මට්ටමේ තම භාවිතා කරන්නන් සදහා භවිතයට ඉඩ හැර ඇත්තේ කොන්දේසි සහිතවය.
Pubudu Siriwansa

www.pariganakaya.tech 

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...