2023-01-31

ප්‍රායෝගික AI යුගයේ ප්‍රමුකයෙකි ChatGPT

තොරතුරු ලෝකයේ AI යුගයේ තීරනාත්මක පිවිසුමක් ලේසට ChatGPT සටහන් වනු ඇත. හුදු යාන්ත්‍රික සෙවුම් ප්‍රථිපලයක් ලෙසට නොව conversational ආකාරයකට භාවිතාකරන්නා සමග වඩාත් මානුෂික ස්වරූපී සහයකට එය සූදානම් වන්නේ තොරතුරු මත වඩාත් ගැබුරු හැදෑරුම් හැකියාවක් හා මෙතෙක් මිනිස් හැකියාවන් ලෙසට පමනක් සැලකූ පරිගණක වැඩසටහනක් සැලසීමේ සිට සටහනක් තැබීම දක්වා හා තවත් බොහෝ හැකියාවන් රාශියක් ප්‍රකට කරවමිනි. ChatGPT පිලිබන්දව අදහස්පලකරන තවත් හදාරන්නෙකු පැහැදිලි කරන්නේ Google වල ආධිපත්‍ය අවකාශය වන තොරතුරු සෙවුමක යාන්ත්‍රික බව ඉක්මවන්නට එය ඉතා සාර්ථකව සූදානම් බවයි. ඔහු පවසන්නේ 25 වසරක Google වල අධික ලාබදායී තොරතුරු සෙවුම් සමග වෙළඳ පනිවිඩය ගෙන එමේ ව්‍යාපාරය සැලකිය යුතු ලෙස අවසන් කරන්නට මෙම නව ප්‍රවනතාවය සුදනම් බවයි. කෙසේ වෙතත් මේ වන විටMicrosoft, Google වෙතිලු ප්‍රධාන පෙලේ ආයතනයන් රාශියක් එලබෙන යුගයේ AI ප්‍රමුකතා සමග තම ව්‍යාපෘති සංයොජනය සදහා මේ වන විටත් කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa


 

Twitter අවධානය payment platform දෙසට.

Twitter ලොව ප්‍රකටතම microblogging company යකි. ඔවුන් පවසන්නේ තමන් තම මූලික භූමිකාවට අමතරව payment platform එකක් ලෙසට ක්‍රියාකාරී වන්නට අවශ්‍ය වෙනස්කම් සූදානම් කරමින් සිටින බවකි. PayPal, Venmo, Apple Pay වැනි සේවාවකට සූදානම් වෙමින් සිටින ඔවුන් United States වලට් අදාලව මේ වන විට licenses ඉල්ලුම් පතක් යොමුකර ඇති බවටයි නිවේදනය වන්නේ.  තොරතුරු ලෝකයේ නව ප්‍රවනතාවයක් වෙමින් ඇති "everything app." සංස්කෘතියට අනූව යමින් සිටින අතර පසුගියදා Twitter users ලා අතර මුදල් හුවමාරුවට පහසුකමක් ගැනද කටයුතු කරන බවට ප්‍රකාශව තිබේ.  Twitter නව හිමිත්වය පවසන්නේ 2028 වන විට $1.3 billion ලාභය ඉලක්කයක් කරා යමින් සිටින බවකි.
Pubudu Siriwansa


 

දුරස්ථ ‍රැකියා මොඩලය.

සමස්ථයක් ලෙසට හදාරන්නන් පෙන්වා දෙන්නේ දුරස්ථ ‍රැකියා  මොඩ්ලය සාපේක්ෂව ඵලදායී බවෙන් වැඩි බවය. කෝරෝනා අභියෝගයේදි මිනිස් සමාජය වෙතට පැමිනි වඩාත්ම ඵලදායී විසඳුම වූ සමාජ දුරස්ථබව විසින් අධිතක්සේරුකරන ලද මොඩලයක්වූ එය අද වන විට ලොවපුරා ආයතනයන් තුල අත්හදා බැලෙන විකල්පයක්ව  තිබේ. උදාහරනයක් ලෙසට US වල Q4 2022 වන විට පූර්ණව දුරස්ථව ‍රැකියාකරන පිරිස සමස්ථයෙන් 13%ක් ලෙසටත්, 58%ක් පුර්ණව ‍රැකියා ස්ථානයක සේවය කරන අය ලෙසටත්, 29%ක් දෙමුහුන් එනම් නිවසේ සිට හා ‍රැකියාස්ථානය  යන දෙකෙහිම විටින් විට ‍රැකියා කරන පිරිස ලෙසටත් ගනනය විනි.ලොව විවිධ පරිසරවලදී කාර්යාලය සදහා ගමනාගමනය වෙනුවෙන් ගත වන වෙලාව සැලකිය යුතු සාධකයක් ලෙසට ගනනය වීමේදී දුරස්ථ ‍රැකියා හොඳ විකල්පයක් වන්නේ කාලය ඉතිරිවීම මෙන්ම නගරවල අනවශ්‍ය තද බදය සදහාද විසඳුමක් ලෙසට විග්‍රහ වන නිසාය. ලොව පුරා සැලකීමේදී ආසන්නව විනාඩි 50-100 අතර කාලයක් තම සේවාස්ථානය වෙතට යාම් ඒම් සදහ වය කරන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් හදාරන්නන් පෙන්වා දෙන්නේ අති බහුතරයක් සාම්ප්‍රධායික කාර්යාල මූලික සේවා ආකෘතිය අගය කරන බවත් මෙන්ම දුරස්ථව සේවා සපයන අයවලුන් හැදෑරීමට අවශ්‍ය තාක්ෂණයන් භාවිතාවට කැමැත්තක් දක්වන බවටත් ඔවුන් වාර්ථාකරමින් සිටිනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Windows 11 වෙතින් බලාපොරොත්තුවන වෙනස්කම් කිහිපයක්.

Windows 11 යනු Microsoft මෙහෙයුම් පද්ධති නිකුතූන් අතරින් කැපී පෙනෙන වෙනසක් සටහන් කරමින් සිටින බව අවවාදිතය. එහි පෙනුම, ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ෂාව යන හැම අතින්ම වෙනසක් ගෙනැවිත් ඇති බවට පිලිගැනීමයි. ආරම්භයේ සිටම දෘඩාංග මට්ටමේ සිටම ආරක්ශිත බව තහවුරු කරගන්නට එයට අවශ්‍යවූ අතර වඩ වඩාත් භාවිතා කරන්නන් අතරින් යවමින් වඩාත් නම්‍ය හැඩයකට මෙහෙයුම් පද්ධතිය සුසර කර ගන්නට ඔවුන් කටයුතු කරමින් සිටී. හදාරන්නන් පිරිසක් විසින් Windows 11 වලින් භාවිතාකරන්නන් තවදුරටත් බලා පොරොත්තුවන දියුනු ක්‍රීම්, වෙනස් කිරීම් හා නවාංග පිලිබඳව විමසීමකට කටයුතු කර ඇති අතර පහත දැක්වෙන අදහස් වලට වැඩි පිලිගැනීමක්, එකගවීම එහි වූ බවට ඔවුන් වාර්ථා කර තිබිනි.  ඒවා අතර  light / dark mode  අතර වෙනස් වීම සදහා  ස්වංක්‍රීය බවක් ඉල්ලා සිටීම බොහෝ දෙනාගේ කැමැත්තක්ව තිබෙන බව වාර්ථාවන අතර පැරණි Control Panel එක හා  Settings app අතර  Merge වීමක් බලාපොරොත්තුවීම ද බහුල කැමැත්තක් පලවූ අදහසක්ව තිබිනි. එසේම cumulative updates වලට changelogs නැතිනම් අදාල යාවත්කාලීන පිලිබඳව තොරතුරු මුසුකර තිබීමත් වැදගත් බවට යෝජනා වන අතර එකවර settings කිහිපයක් විවෘතකර තබා ගැනීමේ හැකියාවත් default apps සදහා පැරණි default apps settings section එකද ඉල්ලා සිටින්නට තවත් පිරිසක් කැමතිව තිබෙන බව පෙන්වා දී තිබේ.
Pubudu Siriwansa


 

2023-01-30

Baiduද ChatGPT ආකාරයේ සංකරණයකට.

ChatGPT නම් artificial intelligence (AI) මූලික natural language processing tool එක වැඩි අවධානය දිනා ගන්නට සමත්වන්නේ  conversational manner ලෙසට ප්‍රථිචාරයට සමත්වන වන නිසාය. එයට පිලිතුරු සැලයීමේ මෙන්ම content හා writing code වැනි හැකියාවන් වලද සමත් බව පෙන්වන්නකි. එය දැනටමත් මිලියන ගනනක් භාවිතාව ලබන පසුගිය නොවැම්බරයේ නිකුත්වූවකි. දැනටමත්  Bing search engine වලට එය සංයුත්ත වනන් බවට නිවේදනය වී තිබේ. මේ වන විට Chinese වල ප්‍රකට සෙවුම් දැවැන්තයා වන Baidu ද පවසන්නේ ChatGPT chatbot වල තමන්ගේ සංස්කරනයක් සූදානම් කරන්නට කටයුතු කරමින් සිටින බවකි. එලබෙන මාර්තුවේ නිකුතුවට සූදානම් වන මෙම conversation-style search results ගෙනෙන්නට සමත් නිකුතුවට අමතරව දැනටමත් ඩොලර් මිලියන ගනනක් ආයෝජනය කරමින් AI model එකක් වන Ernie system එකක් සංවර්ධනය කරමින් සිටින බවට වාර්ථාවනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Google සැලසුම් කරන AI මූලික'MusicLM ව්‍යාපෘතිය.

AI ප්‍රමුක ව්‍යාපෘති ප්‍රමුකතාවය වේගයෙන් බහුල වෙමින් තිබේ. මේ වන විට artificial intelligence (AI) මූලිකව generate images  මෙන්ම people write content පිලිබඳව මේ වන විටත් නිවේදනය වී තිබේ. Google පවසන්නේ නව  AI system එකක් ඔස්සේ generate music කිරීමක්  text description පදනම්ව හඳුන්වා දෙන්න තමන් සූදනම් බවයි. ලොව සෙවුම් මෙන්ම වෙළඳ ප්‍රමුකය වන Google විසින් පවසන්නේ තමන් එය 'MusicLM.' ලෙසට නම් කරන බවයි.Google විසින් මෙම වසර සදහා AI මූලික ව්‍යාපෘති 20 පිලිබඳව සැලසුම්ව තිබෙන බවට කියවෙනවා.  ඒ තුල AI-powered ආකාරයේ Google Search සැලසුමක්ද වන බවටයි සැලසුම් වෙන්නේ. MusicLM  ව්‍යාපෘතිය එලබෙන මෑත කාලයතුලදී නිකුතුවට බලාපොරොත්තු නොවන මුත් අත්හදාබැලීම් මට්ටමින් දැනටමත් ඉදිරියට යමින් තිබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

සාර්ථක සෙවුමක් නොව සාර්ථක පිලිතුරක් ගෙනෙන ChatGPT


 Online සෙවුම් කරනයේ Google ආධිපත්‍ය වෙතට Bing තවත් ආකාරයකින් අභියෝග කරන්නට සූදානම් වෙමින් සිටී. එනම් Microsoft විසින් ChatGPT නම් AI tech නැගුම Bing search engine සමග සංයුත්ත කරන්නට ගන්නා පියවර සමගයි. හදාරන්නන් යෝජනා කරන්නේ භාවිතාකරන්නෙකුට තම පරිගණකයේ සෙවුමක් සමග වන ගනුදෙනුව වඩාත් natural හා conversational වීමට කාලය පැමින ඇති බවයි. තවමත් මෙම Bing වල AI-driven search results පිලිබඳ අවසාන චිත්‍රයක් පැමින නැති වුවද ChatGPT පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ එය තොරතුරු සොයන්නෙකුගේ ස්වරූපයට වඩා වැඩි වැඩියෙන් තොරතුරු හදාරමින් හදාරමින් වඩාත් සාර්ථක තොරතුරක් නිර්මාණය කර දෙන්නට සමතෙකු ලෙසටයි. සරලවම පවසන්නේ නම් විශාල ගොණු සංක්‍යාවන් අතරින් වඩාත් සාර්ථකව ඔබේ සෙවීම තෘප්තිමත් කරන සෙවුම් පෙල ගෙනෙනවාට වඩා එය වඩාත් සාර්ථක පිලිතුරු නිර්මාණය කර දෙන්නට කටයුතු කරනු ඇති බවයි බලාපොරොත්තුව වන්නේ.

Pubudu Siriwansa

2023-01-29

ආරක්ෂිත තොරතුරු භාවිතාවකට.

ආරක්ශිත බව අවසන් නොවන අභියෝගයකි. අවදියෙන් සිටීම පලමු හා හොඳම පියවර වනු ඇත. හදාරන්නන් ආරක්ශිත තොරතුරු භාවිතව අභියෝගයට ලක්ව ඇති බව පිලිබඳව බහුල ලක්ෂණ කිහිපයක් යෝජනා කරන්නට කැමති වනු පෙනේ. ඔවුන් මෙසේ පවසයි. ඔබගේ අවසර පදවල යම් වෙනසක් සිදුව ඇත්නම් කල්පනා කාරී වන්න. මක් නිසාද කීලොගර් වැනි උපංක්‍රමයක් ඔස්සේ ඔබගේ අවසර පද ඩැහැගෙන ඇත්නම් ඔවුන් ඒවා අත්හදා බලන්නට පටන් ගැනිම එය විය හැකි බවට යෝජනා කරයි. තවත් විටක Spam ආකාරයේ ඊමේල් ලැබීම වැඩිවී ඇත්නම් එනම් ඔබගේ පෞද්ගලික තොරතුරු විමසන ආකාරයේ ඊමේල් ලැබීම වැඩිවීමක් සිදුවන්නේ නම් කල්පනාකාරී වන්නට යොජනාකරන්නේ එය තොරතුරු සොරා ගැනීමක අවධානය ඔබ වෙතට ලැබී ඇති බවට සලකුනක් විය හැකි නිසාවෙනි. නිරන්තරයෙන් බගේ බැංකු ගිණුමේ තොරතුරු ගැන අවධානයෙන් සිටීම ඔස්සේ එහි අනවසර බැරවීම් පිලිබඳව පරික්ෂා කිරීම වැදගත් බවට යෝජනා කරන්නටද ඔවුන් ප්‍රධාන තැනක් දීමට අමතක නොකරයි. මීට අමතරව පරිගණකයේ වේගය අඩුවීම මෙන්ම බ්‍රවුසරයේ වේගය වෙනසක් වීම පිලිබඳවද නිරන්තර අවධානය වැදගත් වන්නේ පහර දෙන්නේකු විසින් අත්පත් කර ගැනීමක ලක්ෂණ ලෙසටද ඒවා ගත හැකි බැවිනි. ඒසේම POP-UPS පවසමින් ඔවුන් යොජනා කරන්නේ මේවා අස්වාභාවික ලෙස වැඩිවීම ද සාර්ථක පහරදීමක ලක්ෂණ විය හැකි බැවිනි.
Pubudu Siriwansa


 

ඔබගේ digital assets ආරක්ශිතව බහාලනය.

ක්‍රමයෙන් ජීවිතය අවට Digital මය වටිනාකම් ඉහල යමින් තිබේ. අදවන විට සමහර වෘතීන් සම්පූර්නයෙන්ම Digital ආකාරයක් ගනිමින් තිබේ. අධ්‍යාපණයද මීට නොදැවිනි වෙමින් තිබේ. වඩාත් කැපීපෙනෙන අකාරයක් නම් දනික මුදල් භාවිතාවය. දෛනික ජීවිතය අවට ඇති සියළුම ආකාරවලදී Digital ආකාරගත් ගනුදෙනු ඔස්සේ අවසන් කරන්නට අද වන විට සාමාන්‍ය භාවිතාකරන්නෙකුට පවා සුලු දෙයකි. Digital Vault ව භාවිතයට එන්නේ මේ පරිසරය තුලය. කොරෝනාසමය තුලද අධිත්වරනයකින් භාවිතාවට පැමිනි සීමිත දෑ අතර Digital Vault ඉහලින්ම වන බව හදාරන්නන් පෙන්වා දෙමින් සිටී. අද වන විට සියළුම බැංකු විසින් ගනුදෙනු කරවන්ගේ සියළුම පාහේ සම්බන්ඳතා සදහා තම ආයතනයෙන් නිකුත් කරන යම් ආකාරයක Digita ස්වරූපයක් ලබා දෙන්නට කටයුතු කරනු පෙනේ. ඉහලම මට්ටමේ ආරක්ශිත බවකින් නිමවන Digital Vaultව භාවිතාවේදීද ඉතා සැලකිලිමත් වීම වැදගත්ම වන අතර හුඳු මුදල් මය වටිනාකම් සේම භාවිතාකරන්නෙකුගේ පෞද්ගලික ගොනුද පහසු මෙන්ම සුරක්ෂිත ආකාරයෙන් හසුරවන්නට සහය විම මේ ඔස්සේ සිදුවේ. හදාරන්නන් පවසන්නේ බ Digital Vault ‍ටුවක් තොරගැනීමේදී අදාල සේවාය සපයන ආයතනය පිලිබඳවද ඉතා නිවැරදි අවබෝධයකින් හා වගකීමකින් කල යුතුව ඇතිවා සේම එය ‍රැගෙන විත් ඇති ආරක්ශාකාරී පියවරයන් ගැන පැහැදිලිව තේරුම් ගෙන ඒවා සංක්‍රියව තබා ගැනීම ඉතා වැදගත් වේ. අනවසර එබී බලන්නන් නොහෝත් Hackers  ලාගේ පහසු මෙන්ම සුලබ ඉලක්කයක් විය හැකි නිසාම පොඳුවේ මෙන්ම එම ආයතනයන් සපයන උපදෙස් පිලිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ. 
Pubudu Siriwansa


 

උපාංගයෙන් පෞද්ගලිකත්වය ඉවත්කරමු.

ඔබේ තොරතුරු උපාංගය ඔබේ භාවිතාව ගැන බොහෝ තොරතුරු ගබඩා කරගෙන සිටී. සරලව මෙන්ම සංකීර්න ලෙසට මෙම ගබඩාවීම සිදුවේ. හදාරන්නන් මේ නිසාම ඔබේ පෞද්ගලිකත්වය උපාංගයෙන් ඉවත්කීර්ම සරලකාරනයක්ලෙසට නොසලකන බව පෙනේ. ඔවුන් යම් විටක ඔබේ උපාංගය ඔබගේ භවිතාවෙන් ඉවත්කරන විට ගත යුතු පියවරවල් කිහිපයක් යෝජනා කරයි. ඒවා අතර recently opened files  පිලිබඳ තොරතුරු මකා දැමීම ගැන, ඔබ විසින් දැනටමත් මකා දමා ඇති තොරතුරු නැවත ලබා ගන්නට නොහැකි වන සේ ඒවා මත Overwrite කිරීම, Windows registry වල වන තොරතුරු traces කිරීමේ හැකියාව ඉවත් කිරීම, අත්‍යාවශ්‍ය නොවන tracking cookies මකා දැමීම, බ්‍රවුසරයේ වන browsing history එක මකා දැමීම , ඉතා වැදගත් වන stored passwords මකා දැමීමත් online forms වලට සූදානම් info මකා දැමීමත්, ඔබගේ පෞද්ගලික තොරතුරු අඩංගු iles / folders  මකා දැමීමත් වේ. මෙම කාරනාවන් සදහා ඔබට සූදානම් මෘදුකාංග වන අතර නැතිනම් එකින් එක සදහා ඔබටම කටයුතු කරන්නට හැකි වනු ඇත,
Pubudu Siriwansa


 

2023-01-28

Chrome වල incognito mode සදහා biometric authentication පැමිනේ.

Browsers භාවිතාවේදී වඩාත් පෞද්ගලිකත්වය සුරකින බව බොහෝ භාවිතාකරන්නන් හට වැදගත් අවශ්‍යතාවයකි. Google Chrome සදහා මෙම හැකියාව ගෙනෙන්නේ incognito browsing සංක්‍රිය කිරීමෙනි. Google පවසන්නේ මෙම ආරක්ශිත බව තවත් ඉහල නංවන්නට අවශ්‍ය සහයක් තමන් සූදානම්කර ඇති බවයි. August 2021වල සිට අත්හදා බැලුනු මෙම biometric authentication මට්ටමේ තහවුරුවකින් සුරක්ශිත කිරීම stable build එකක් ලෙසට Data Privacy Day (January 28) සිට සියළුම භාවිතා කරන්නන් සදහා මුදා හරින්නට සූදානම් බව නිවේදනය කරන ඔවුන් පැහැදිලි කරන්නේ මෙම feature එක default මට්ටමින් disabled ව පැමිනෙන බවයි. ඔබගේ  phone එකේ මෙම feature එක activate කර ගැනීම සදහා chrome://flags/#incognito-reauthentication-for-android > enabling the flag > Restart ඔස්සේ හැකිවනු ඇත.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...