2023-03-07

Twitter බිඳ වැටීම අවසන්.

 

Twitter පවසන්නේ තම සේවාව මත සිදුවෙමින් තිබූ තාවකාලික බිඳ වැටීම මේ වන විට යතාතත්වයට පත්ව ඇති බවයි. ඊයේ දිනයේදී මෙම ප්‍රකට social network වල සමහර භාවිතාකරන්නන්හට හදිස්සි බිඳ වටීමක් අත්විඳින්නට සිදුවූ අතර බොහෝ භාවිතාකරන්නන් මේ බව වාර්ථාකරන්නටද කටයුතු කර තිබුනා. මෙය APIs වල ගැටළුවක් ලෙසට වාර්ථා වූ අතර posts වල සබඳතා ක්‍රියානොකිරීම images නොපැමිනීම වැනි දුර්වලතා දක්කට විනි. Twitter මේ පිලිබඳව වැඩි දුරට කරුනු පැහැදිලි නොකල අතර මේ වන විට ගැටළුව විසඳී ඇති බව නිවේදනය කර සිටිනවා.
Pubudu Siriwansa


Edge මතට නව mouse gestures පෙලක්.

 Microsoft ආයතනය තම Edge මතට mouse gestures රාශියක් ‍රැගෙන ඒමේ අනුමාන හෝඩුවාවක් පලවූ අතර මේ වන විට Dev Channel වල Edge testers අතරට මේවා අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. පැමිනෙන screenshot වලට අනූව 14 custom ආකාරයේ mouse gestures එහි වන බවටයි පැහැදිලි වන්නේ. චීන වෙබ් අඩවියකට අනූව මෙම සෑම gesture එකක්ම භාවිතාකරන්නාට customiz හකියාවෙන් සමන්විත වන අතර උදාහරනයක් ලෙසට right-click button එකක් සමග L-shaped gesture එකක් වැනි ආකාර එහි වන බවටයි පැහැදිලි කෙරෙරෙන්නේ. ඉදිරි කලයේදී තවත් දියුනු කිරීම් සමග මෙම අංගයන් සාමානය භාවිතාවට නිකුත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pbudu Siriwansa


 

2023-03-06

WhatsApp spam calls වලට වැටක්.

WhatsApp භාවිතාකරන්නන්හට මහත් හිසරදයක් වන scam calls සදහා විසඳුමක් ගෙනෙන්නට Meta තම instant chat messenger සේවාවට "Silence unknown callers" අංගයක් එක් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. එහිදී unknown numbers වලින් එන ඇමතුමක් සදහා silence calls සංක්‍රියකර තබන්නට භාවිතාකරන්නාහට හැකි අතර ඇමතුම දෙන්න්නා හට සාමානය ආකාරයට තම ඇමතුම් උත්සාහය ගැන හැගෙන මුත් WhatsApp  වෙතට ලබා දෙන granting permissions ඔස්සේ නොදන්නා ඇමතුමක් සදහා ස්වංක්‍රීයවම silence calls අංගය සංක්‍රිය වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් අවසන්නේ "Silence unknown callers" ඔස්සේ තොරතුරු සොරා ගැනීම් වලට බාදාවක් ගෙනෙන්නට තමන් කටයුතු කරන බව පවසන අතර දැනට මෙම අංගය අභ්‍යන්තරව අත්හද අබලමින් ඇති බවත් අනතුරුව WhatsApp beta testers වෙතට විවෘත කරන්නට බලාපොරොත්තු වන බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa


 

Samsung ද තමගේම CPU වෙතට.

2027 වන විට Samsung ආයතනය තමන්ගේම  CPU එකකින් තම Galaxy Book Windows notebook මෙන්ම Galaxy smartphones නිකුතූන් සංයුත්ත කරන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. මේ වන විටත් එම ආයතනය CPU core development කන්ඩායමක් ද්යත් කොට ඇති බවත් 2025 වන විට අදාල Galaxy Chip නිකුතුව සිදුවෙනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.Samsung දැනටමත් ARM ආකාරයේ Exynox processor පෙලක් නිකුත් කර ඇති අතර සැලසුම් වන නව ව්‍යාපෘතිය සදහා හිටපු AMD CPU developer කිහිපදෙනෙකුගේම සහයෙන් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

TikTok භාවිතාව US වල තහනම් වන ලකුනු.

TikTok යනු මේ වන විට මහත් අවධානය ලබා ගන්නේ භාවිතාවක් ලෙසට එයට ප්‍රිය කිරීම නිසාම පමනක් නොව රාජ්‍ය මට්ටමින් එම App එල වෙතට එල්ල වෙමින් ඇති චෝදනා මෙන්ම පාලනය කිරීම් ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති නිසාය. United States වල මෙන්ම Canadian වලදී national security threat එකක් ලෙසට සලකා යම් මට්ටමින්  භාවිතාව සීමා කරන්නට මේ වන විට කටයුතු කර ඇත. නවතම තොරතුරු පවසන්නේ එම රජයන්ගේ ඉහලම මටාමින් TikTok තහනම් කරන්නටද අවධානය යොමුව ඇති බවයි. දෛනිකව මිලියන 100 කට අධික ඇමරිකානුවන්ගේ අවධානයක් ලබමින් සිටින මෙම ඇප් භාවිතාව වෙතට ඒන චෝදනාව වෙමින් ඇත්තේ අනවශ්‍ය ලෙසට භාවිතාකරන්නන්ගේ දත්ත ලබා ගැනීමත් ඒවා නිසි ආරක්ශාවකින් තොරව තබා ගැනීමත්ය.
Pubudu Siriwansa


 

Bing Chat වලට chess හැකියාවත්.

Microsoft වල Bing Chat AI වඩාත් විශාල වපසරියක තම හැකියාවපර්හුරවන්නට කටයුතු කරමින් සිටී. chatbot AI  වල නව වපසරිය අතර ASCII artwork හැකියාව, chess ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව ඇතුළු නවාංග රාශියක් සූදානම් වෙමින් ඇති බවටයි හෙලි වන්නේ. Microsoft ආයතනය තම Bing  වෙතටාට සංයුත්තව පැමිනෙන chatbot AI හැකියාව සරල භාෂා ගනුදෙනුවක සිට සංකීර්න නව බ්‍රවුසර අත්දැකීමක් දක්වා ගෙනෙන්නටත් ඒ ඔස්සේ තම Bing සෙවුම් යෙදුම වෙතට වූ උපහාසාත්මක චෝදනාවක් වූ අතිබහුතරයක් අය Bing භාවිතාකරන්නේ Google වෙතට පිවිසීම සදහා පමනක්ය යන්න වෙනස් කරන්නට කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa


 

නව M3 සංයුත්තව එන iMacs නිකුතුවක්.

නව M3 system-on-a-chip (SoC) වලින් සමන්විත iMacs නිකුතුවකට සූදානම් වන බවකි පලවන්නේ. Apple ආයතනය මීලග පරම්පරාවේ  iMacs නිකුතුවට සංයුත්ත වන්නට නියමිත  M3 system-on-a-chip (SoC) වල engineering validation testing මට්ටම පසුකර production tests  මට්ටමේ ඇති බවටයි කරුණු දැක්වෙන්නේ. නව සංයුත්තවීම උපාංගයේ performance මෙන්ම power efficiency වල සැලකිය යුතු දියුනු වක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. 
Pubudu Siriwansa


 

2023-03-04

Horizon Worlds වලින් දරුවන් ඈත්කොට තබන්න.

Meta වල Horizon Worlds පැහැදිලි කෙරෙන්නේ “cumulative set of immersive virtual reality experiences” ගෙනෙන්නක් ලෙසටය. එහිදී virtual events වල කොටසක් වන්නටත්, games වල යෙදෙන්නටත්, අනෙකුන් සමග communicate කරන්නටත් සහය දෙනවා සේම වඩාත් හෙට දවස දෙසට යොමුවුන  අවකාශයක් ගෙනෙනට කටයුතු කරමින් සිටින්නකි. මේ වන විට ඇමරිකානු රජයේ ඉහල මට්ටමින් උපදෙස් ලැබෙමින් තිබෙන්නේ තරුණ දරුවන් Horizon Worlds වලින් ඉවත්ව තබන්නට බවයි කියවෙන්නේ. වැඩි දුරටත් කියවෙන්නේ මෙම නව ප්‍රවනතාවන් විසින් කායික මෙන්ම මානසිකව දරුවන් තුල සිදුකරන්නට හැකි බලපෑම පිලිබඳව එහිදී අවධානයට ලක්ව ඇති බවයි. එක් හැදෑරුම් වාර්ථාවකට අනූව තරුන දැරියන්ගෙන් 32%ක් තුල තමන් පිලිබඳව අසතුටක් නිර්මණය කරන්නට Instagram භාවිතාව හේතුව ඇති බවටයි වාර්ථා වෙමින් ඇත්තේ.
Pubuud Siriwansa


 

Microsoft වෙතින් Video Super Resolution (VSR)

Microsoft නිවේදනය කරන්නේ තම browser වෙතට වඩාත් ඉහල video අත්දැකීමකට සහය වන දියුනු කිරීමක් එක්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. Video Super Resolution (VSR)  ලෙසට නම්ව එන මෙම අංගය සමග AI technologyය සමග low-quality videos සදහා upscaler බවක් මුසු කරන්නට තමන් සූදානම් බවර්ටයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තම Edgeදී සංක්‍රියවන videos වලින් තුනෙන් එකක්ම 480p හෝ පහල මට්ටමේ වන බවත් එසේ වන්නේ network bandwidth මෙන්ම  poor video quality නිසා විය හැකි බවත්ය. දැනට Canary Channel. වල අත්හදා බැලෙමින් තිබෙන මෙම අංගය වැඩි දියුනු කිරීම් සමග සාමානය භවිතාවට ඉදිරියේදී පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwnsa


 

2023-03-02

TikTok වෙතට වෙනස්කම් ‍රැසක්.

 TikTok වෙතට ගතවන කාලය මහත් ගැටළුකාරීව තිබේ. ලොවපුරා රජයන් රාශියක් නෙක ආකාරයේ බාදක ඔවුන් වෙතට පනවන්නට කටයුතු කරමින් සිටී. එම රජයන් විශේෂයෙන් government-owned devices සදහා security concerns. මත මෙම සීමා ගෙනෙන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ අතර  TikTok පවසන්නේ දරුවන් viral videos වෙතට දැඩි බැඳීම අවම කරන්නට තම නව අංගයන් සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින බවකි. ඉදිරි සති කිහිපය තුලදී පැමිනෙන්නට සැලසුම් වන මෙම අංගයන් සමග බාලවයන් කරුවන් සදහා 60-minute screen limit එකක් default මට්ටමින් පැමිනෙන අතර නැවහ ලබා දෙන්නට වන passcode එකක් හරහා මෙම කාලය දීර්ගකරගන්නට සිදුවීමත්, වයස 13ට අඩු දරුවන්ට parent / guardian අවසරය මත පමනක් ඉදිරියට යන්නට සිදුවිමත් එහිදී සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම Parents ලා සදහා Pairing section එකක් ඔස්සේ own screen time limits හැකියාවක්ද පැමිනෙන බවට පැහැදිලි කෙරෙනවා.එපමනක් නොව මෙම app එක විවෘත කරන්නට හැකි වාර ගනන සීමා කරන්නටත් දරුවන්ස් අදහා පැමිනෙන notifications පාලනයටත් අවස්ථාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

Windows 12 පැමිනීම 2024 දෙවන භාගයේ.

Microsoft ආයතනය නැවත සුපුරුදු තෙවසර මෙහෙයුම් පද්ධති නිකුතු රටාවකට පිවිස ඇති බවටයි පසුගිය දිනවලදී හදාරන්නන් පෙන්වා දෙමින් සිටියේ. ඒ අනූව Windows 12 පිලිබඳවද නිළ නොවන නෙක තොරතුරු පලවෙමින් තිබුනා. Intel වෙතින්ද නොනිළ නිකුතුවක මෙමනව මෙහෙයුම් පද්ධතිය පිලිබඳව තොරතුරු හෙලිවූ මුත් ඒ පිලිබඳව නිහඬ වීමක් දක්නට ලැබුනි.  Microsoft සමාගම මේ වන විටත්  Windows 11 වෙතට AI සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින අතර එහි අත්හදා බැලීම් සිදුවෙමින් තිබෙන බවටයි තොරතුරු හෙලි වන්නේ.Windows 12 වලදී Intel, AMD, Qualcomm වැනි සමාගම් සමග ලගින් කටයුතු කරමින් AI හැකියාව දෘඩාංග මට්ටමින්ම තම මෙහෙයුම් පද්ධතියටසංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින අතර සාම්ප්‍රධායික දියුනු කිරීම් ව්ලින් ඔබ්බට වන නව දිශාවන් රාශියකින් සමන්විතව Windows 12 පැමිනීමක් හදාරන්නන් බලාපොරොත්තුවෙමින් සිටිනවා. නිළ නොවන තොරතුරු වලට අනූව 2024 දෙවන භාගයේ නව මෙහෙයුම් පද්ධතියේ පැමිනීමක් මේ වන විට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...