2014-04-13

Windows 8.1 Update ස්ථාපනය සමහර පරිගණක සදහා තවමත් ගැටලු සහිතයි!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8.1 සදහා නව Update ගොනුවක් නිකුත්කරමින් පවසා සිටියේ මෙම නව යාවත්කාලීනය ලබා නොගන්නා පරිගනක සදහා ඉදිරි යාවත්කාලීනයන් ලබා ගන්නා නොහැකි වනු ඇති බවයි. සමහර භාවිතාකරන්නන් වෙතින් නැගුනු පැමිනිල්ලක් වූවේ එම නව යාවත්කාලීනය තම පරිගණක වෙතට ස්ථාපනයට උත්සාහ කිරීමේදී අසාර්ථක වූ බවයි. මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය මෙම ගැටලුව ඉලක්ක කරගනිමින්ම පිලිසකර යාවත්කාලීන දෙකක් නිකුත්කරන්නට කටයුතු කොට තිබෙනවා. තවමත් ගැටලුව පවතින පරිගණක සදහා ආයතනය ඉදිරියේදී වඩාත් සවිස්තරාත්මක සටහනක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවට නිවේදනය වී තිබෙනවා. නිල ලෙසට අනුමත නොවුනද පලපුරුදු භාවිතාකරන්නන් සදහා අනුගමනය කල හැකි පියවර කිහිපයකින් යුතු පියවරක් ඔස්සේ මෙම ගැටලුව නිරා කරනය කර ගත හැකි බවට පවසන හදාරන්නන් පිරිසක් පහත දැක්වෙන ක්‍රියාමාර්ගය දක්වා සිටිනවා.
  • Run CMD as administrator (Go to start screen, all apps, search CMD, right-click and select run as administrator)
  • Enter: dism /online /remove-package /packagename:Package_for_KB2919355~31bf3856ad364e35~amd64~~6.3.1.14
  • When step 2 has completed, enter: dism /online /cleanup-image /startcomponentcleanup
  • Retry the update!

2014-04-12

"Heartbleed" ගැටලුව හමුවේ සුරක්ෂිතයි සියලු ප්‍රධන ආයතන පවසයි!!

   මෑත ගෙවී ගිය කාලයතුලදී වෙබ් ආශ්‍රිතව කටයුතු කරන බොහේ දෙනෙකුගේ අවධානය යොමුවූ කාරනාවක් වූවේ "Heartbleed" ලෙසට නම් වූ නැතිනම් භාවිතාකරන්නන් හා සර්වරයන් අතර තොරතුරු හුවමාරුවේදී ඒවා වඩාත් සුරක්ෂිත කරනු පිනිස භාවිතාවූ OpenSSL cryptographic software  වල තිබූ යම් දුරවලතාවයක් ඔස්සේ පහර දෙන්නෙකුට එම සබදතා ඔස්සේ ගලායන තොරතුරු වලට අනවසර පිවිසීමක් කරන්නට හැකිවීම පිලිබද ගැටලුවයි. ප්‍රධාන පෙලේ වෙබ් ආශ්‍රිත සේවා ආයතම මේ වන විට නිවේදනය කර සිටින්නේ තම භාවිතාකරන්නන් ඉහතකී දුරවලතාවය ඔස්සේ අනතුරට පත්වීමේ අවකාශයන් මේ වන විට නොමැති බවයි. ඔවුන් පැහැදිලි කර සිටියේ එම දුර්වලතාවය ඔස්සේ තම් සේවාවන් අශ්‍රිතව අනතුරක් එල්ලවී නැති බවත් සිදුකරන ලද යාවත්කාලීනයන් නිසා ඉදිරියේදී එම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට පිවිසීමක් කරන්නට නොහැකි වනු ඇති බවත්ය.
                  මයික්‍රසොෆ්ට් ආයතනයද නිවේදනය කර සිටින්නේ තම online ආකාරයේ කිසිදු සේවාවක් මෙම හානිකරයේ ඉලක්කය බවට පත්ව  නැති බවත් තම වෙබ් ආශ්‍රිත සේවාවන්  වන Microsoft Account, Microsoft Azure, Office 365, Yammer හා Skype වැනි සියල්ලම තම පිරික්සුමට ලක්කොට ඇති බවත්ය. එසේම ඔවුන් වැඩි දුරටත් මතක කර දෙන්නේ භාවිතාකරනන් තම password කලකට වරක් අලුත්කිරීමත් වඩාත් සංකිර්න Password භාවිතයට පෙලබීමත් මෙන්ම එකම password ගිනුම් කිහිපයක් සදහා යොද ගැනීමෙන් වලකින ලෙසත්ය.

නව යාවත්කාලීනය සමග වින්ඩොස් 8 සමබර භාවිතාවකට....

  මයික්‍රසොෆ්ට් සමාගම වින් 8 හදුන්වාදීමේදී  තම ප්‍රධන මෙහෙයුම් පද්ධතිය සදහා ගැටලු දෙකක් නිර්මානය කරගත්තාය. එකක් දැඩි අසංවේදී ආකාරයට KeyBoard , Mouse භාවිතාකරන්නන් ගෙන් මෙහෙයුම් පද්ධතිය ඉවතට ගමන් කරවීම හා වින්8 සමග ඇප් එකක් ලෙසට පැමින තිබූ වින් 7 වලට සමාන මුහුනත කෙරෙහි භාවිතාකරන්නන්ගේ අවධානය නියමිත ලෙසට ලබා ගන්නට  ක්‍රියා නොකිරීමය. ස්පර්ශක තිර මූලික පැමිනෙමින් පවතින නව භාවිතාව ගැන අධිතක්සේරුවකට පැමිනීමේ වරද කෙමෙන් සමනය කර ගන්නට වින්ඩෝස් 8 සදහා නිකුත්වූ මෙගා ආකාරයේ යාවත්කාලීන සංස්කරනය වූ වින්ඩෝස් 8.1 වලදී ක්‍රියාකිරීම ඇරබූ එම සමාගම මෑතකදී නිකුත්වූ දෙවන යාවත්කාලීන ගොනුව වූ වින්ඩෝස් 8.1 Update 1 වලදී  KeyBoard , Mouse ප්‍රමුක භාවිතාව සමස්ථ  මෙහෙයුම් පද්ධතිය සදහාම වඩාත් හොඳින් විවෘත කර තිබිනි.
                        ඹොඩර්න් ඇප් සදහා වූ සම්පූර්න තිර අවකාශයට Mouse, Keyboard මිත්‍ර බව ගෙනෙමින් සුපුරුදු Taskbar ගෙනෙන්නට ඔවුන් ක්‍රියාකර  ඇති අතර තිරය ඉහලින් ලබා ගත හැකි බාරය ඔස්සේ Close හා Minmiize හකියාවන් නැවත ගෙනවිත් තිබේ. එසේම පැරනි ඩෙස්ක්ටොප් මුහුනතෙහි ටාස්ක්බාර් එක වෙතට මොඩර්න් ඇප් වල ලින්ක් ලබා ගැනීමේ හැකියාවත් සමග K & M භාවිතකරන්නෙකුට පහසුවෙන් Modern app එකක් ක්‍රියාකරවීමේ හැකියාවත් ගෙන විත් ඇත. එසේම මොඩර්න් ඇප් ස්ක්‍රීනය මත සිට පහසුවෙන් sleep , shout down , Restart වැනි  පහසුකම්ද ගෙනෙන්නට ඔවුන් ක්‍රියාකර සිටින අතර Modern screen වල සිට  all app තිරය වෙතට පිවිසීමේ හැකියාවද වඩාත් පහසු කිරීම කර ඇත.
                  සමස්තයක් ලෙසට වින්ඩෝස් 8 වෙතට පැමින ඇති නව යාවත්කාලීනය සමග මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8 මුල්ම නිකුතුවත් සමග සිදුවූ K & M භාවිතාකරන්නන්ගෙන් ඉවතට ගමන් කිරීම සමනය කරන්නට ක්‍රියාත්මකව ඇති බව විචාරනය වෙමින් ඇති අතර ස්පර්ශක තිර මූලික වැඩි වෙමින් ඇති අනාගත භාවිතාවට මෙන්ම තවමත් බහුල වශයෙන් ඇති keyboard , mouse භවිතාකරන්නන් සදහාද අපහසුවක් නොදැනෙන සමබර මට්ටමකට ගෙනෙන්නට කටයුතු කර ඇත.

2014-04-08

Windows 8 සදහා නිල සහය කාලය 2016 ජනවාරි 12 දක්වාය....

   දොලොස් වසරක සේවාව අවසන් කරමින් XP මෙහෙයුම් පද්ධතිය අද දිනයේ තම සේවා කාලය නිල ලෙස අවසන් කොට ඇත. එසේම මයික්‍රසොෆ්ට් ආයතනය win 8 සදහා නව අනු සංස්කරනයක් නිකුත්කර ඇත. අද දින සිට ක්‍රමයෙන් සාමන්‍ය update සමග පැමිනෙන්නට නියමිත මෙම සංස්කරනය win 8 හා win 8.1 සදහා ආයතනය විසින් නිර්දේශ කර සිටී. මෙම නිර්දේශයන් වඩාත් වැදගත් වනු ඇත්තේ දැනට මත් මයික්‍රසොෆ්ට් ආයතනය දැනටමත් නිවේදනය කර ඇති පරිදි win 8 සදහා සහය දැක්වීම 2016 ජනවාරි 12 වන විට අවසන් කරන්නට නියමිත ඇති නිසාය.එසේම මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටින්නේ win 8.1 සදහා සහය දැක්වෙන කාලයද 2018 ජනවාරි 9 අවසන් වීමට නියමිත බවකි.

"තොරතුරු ලෝකයේ නව ප්‍රවනතා" වැඩසටහන

  තොරතුරු විෂය යනු තව දුරටත් හුදු තාක්ශනික විෂයක්ම පමනක් නොවේ.එය ලොව පුරා විසිරුනු අධ්‍යාපනික මෙන්ම ව්‍යාපාරික ආයතනයන් සියගනනක මිනිසුන් දහස් ගනනකගේ බුද්ධිමය දායකත්වය සමග නිරන්තරයෙන් වැඩෙමින් පවතින අපූර්ව විෂයකි.මෙම අපූර්වත්වය තාක්ශනික අර්ථය ඔස්සේ පමනක් තවදුරටත් අර්ථ ගැන්විය නොහැකි වනු ඇත. සමාජිය , ආර්ථික මෙන්ම දෙශපාලනික වැනි නෙක අරුත් ඔස්සේද එය විමසිය යුතු බවට මේ වන විට පිලි ගැනෙමින් පවතින්නකි. මොහොතින් මොහොත වඩ වඩාත් අපූර්ව ආකාරයට මිනිස් ජීවිතයේ බොහොමයක් නිමේශයන් විනිවිද යමින් පවතින මෙම අපූර්ව විෂය මිනිස් වර්ගයාගේ නව සංස්කෘතික උදාවක් පිලිබදව ඉගිපලකරමින් සිටී.
             "තොරතුරු ලෝකයේ නව ප්‍රවනතා" වැඩසටහන යනු මෙකී අපූර්ව අත්දැකීම ඔබ සමග  බෙදා හදාගන්නට ගන්නා උත්සාහයකි. මිහිතින් මොහොත තොරතුරු ලෝකයේ නිමැවෙන නව ප්‍රගමනයන්ගේ සංධිස්තාන විමසමින් ඒවා වෙතට සුහඳ පිවිසුමකට ගන්නා උත්සාහයක් ලෙසට එය අර්ථ දැක්විය හැක. එම නෙක සිදුවීම් වල තාක්ශනික අර්ථපමනක් නොව ගෙනෙන්නට තැක්කරන සංස්කෘතික වටිනාකම් පිලිබදවද කථා බස් කරමින් තොරතුරු විෂයේ හෙට දවස දෙසට එල්ලකරන  නිරීක්ශන පහන් දහරාවක් වන්නටයි එම උත්සාහයේ අරමුන වන්නේ.
                    පෘතුවි තලය මතට කෙටිකාලීන සංචාරකයින් ලෙසට සැපැමින ඇති අප ඔබ මොබ ඇවිඳින විටදී හඳුනාගන්නා නෙක අපූර්වදෑ පිලිබදව සටහනක් තබා යාම වගකීමක් සේම යුතුකමකි. මූලද්‍රව්‍යකින් වරනගා ගන්නා සරල ද්විතීක ස්වභාවය මත නිර්මානය වන විසල් අවකාශයක ගොඩ නැගෙන තොරතුරු විෂය නම් හමුවීම මාලත් එවන් අපූර්ව අත්දැකීමකි.  එම විෂය තම යුග පසුකරන්නේ සාමාන්‍ය විෂයන් මෙන් වසර සියගනනින් නොව දශකයන්ටත් අඩු කාල පරාසයන් තුලදීය. එහි පැමිනීම අනෙකුත් විෂයන්ගේ ඉබි ගමනට විදුලි වේගයක් එක්කර ඇති අයුරු අපූරුය. එවන් අපූර්ව අත්දැකීමක් ජීවිතය තුල සගවා ගෙන ආපසු යන්නට වීම කල හැකි වරදකැයි මම සිතමි. ඒ නිසාම ගොඩ නගන මේ අපූර්ව අත්දෑකීමට එක් වන්නට යැයි ගෞරවයෙන් ආරාධනා කරමි.

2014-04-07

XP නිල සමුගැනීමට සූදානම් වෙයි!!!!

  සමහර විටක යම් යම් හේතූන් නිසාම ඔබ වින්ඩෝස් XP වල යාවත්කාලීන ලැබීම මෙහෙයුම් පද්ධතියේ සැකසුම් ඔස්සේ අවහිර කර ඇති භාවිතාකරන්නෙකු වීමටද හැක. එහෙත් හදාරන්නන් යෝජනා කරන්නේ වින්ඩෝස් XP වලින් සමු ගන්නට කලය හොදටෝම පැමින ඇති බවකි. නමුත් වැඩි දුරටත් ඔබ විස්වාස කරනවා විය හැක්කේ හෙට දිනය පෙර කී භාවිතානොකිරීම ඔස්සේ අවැදගත්වීම ඔබට අදාල බව විය හැකියි. හදාරන්නන් නැවත වරක් ඔබව ප්‍රතික්ශේප කරන්නට පෙලබෙන්නේ සැලකිය යුතු භාවිතාවක් සමග වින්ඩෝස් XP සදහා වගකීම අදාල ආයතනය අත්හැර දැමීම නිසාම පහර දෙන්නන්ගේ වැඩි අවධානයක් තම හානිකරයන් සමග XP වෙතට යොමුවීම සිදුවනු ඇති බවය. හුදකලා පරිගණකයක් ඔස්සේ ඔබගේ XP භාවිතාව පවතින්නේනම් තරමක් දුරට සැහැල්ලුවක් ලබා ගත හැකි වුවද Pen Drive වැනි අමතර උපාංග ඔස්සේ හානිය පැමිනීමේ සම්භාවිතාව අමතක නොකලයුතු බවකි.
                                                වෘතීය මට්ටමේ හෝ මූල්‍ය භාවිතා මට්ටමේ භාවිතාකරන්නෙකු නම් ක්ශනිකව වඩාත් නවීන විවෘත හෝ මිලදී ගන්නා ආකාරයේ මෙහෙයුම් පද්ධතියකට පියවර නගන්නට කාලය පැමින ඇත. ඒ සදහා හේතූන් බොහෝය. සාමන්‍ය මට්ටමින් සැලකීමේදී  XP නිර්මානය වන්නේ දශකයකට ඉහත කාලයකදීය. මෙහෙයුම් පද්ධතිය හා භාවිතාකරන්නා හමුවන මුහුනත නැතිනම් වෝල්පේපරය පැරනි වීම විටක නොසැලකිය හැකි හේතූන් වූවද මේ වන විට එය ඇතුලතින්ම නව බාවිතාවන් සමග දැරිය නොහැකි තරම් පැරනි ගොඩ නැගීමක් වී ඇත. ආරක්ශිත අංග වලදී මෙන්ම ක්‍රියාකාරකම් අංග වලදීද මෙම දුරවලකම ඔනෑවටත් වඩා නිරාවරනය වෙමින් ඇත. හුදකලා භාවිතය ප්‍රථම ලෙස සැල කෙන ගොඩ නැගීමක් XP නිර්මානයේ පදනමම වී තිබේ.  ස්මාර්ට් දුරකථන දුලබ ,  ලැප් ටොප් පරිගණකය අධි මිලැති භාවිතාවක්ව තිබූ එම යුගයේ සිට එක අයෙකු අවමව දත්ත උපාංග දෙකක් වත් භාවිතාකරන භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තව දුරටත් තව දුරටත් උපකරනය මත නොව දුර බැහැර සර්වරයකට භාරවන දවස ඇරබුන සිදුවූ දත්ත උපකරනයේ සිට අවශ්‍යතාවය හා අවස්ථාව අනූව උපකරනයෙන් උපකරනය මාරුවන නමුත් අකංඩව තම අනන්‍යතාවය ‍රැකගත හැකි උපකරන භාවිතාවන ලෝකයයක අප සිටින්නෙමු. 
               කෙසේවත් සමුගත නොහැකි භාවිතාවක ඔබත් තවමත් XP සමග සිටින්නේ නම් මද හෝ අස්වැසිල්ලක් වෙනු වෙන් තවදුරටත් සහය දෙන ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය හා නිවැරදිව යාවත්කාලීන කරමින් නිරන්තරයෙන් අවධානයෙන් සිටීම මෙන්ම බ්‍රවුසර භාවිතාවේදීද ලබා ගත හැකි නවතම සංස්කරනයන් භවිතාකල හැකි බ්‍රවුසර මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීමත් ස්ථාපනය කරගෙන ඇති අමතර මෘදුකාංග හැකි උපරිමයෙන් අවම  මට්ටමක පවත්වාගෙන යාමත් හදාරන්නන්ගේ උපදෙස් ලෙසට දැක්වෙනවා.
             XP වල නිල සමු ගැනීමෙන් අනතුරුව එය නිදහස් මෘදුකාංගයක් වීම , භාවිතාකරන්නන් හට නිදහසේ භාවිතාකිරීම හැකිවීම ආදී විවිධ අදහස් උදහස් පලවෙමින් තිබුනද මේ වන විට පලව ඇති තොරතුරු හෙලි කරන්නේ එය නැවත ස්ථාපනයකින් පසුවද සංක්‍රීයකර ගැනීමට අවශ්‍යවීම ඇතුලු මෘදුකාංගයේ නිල අයිතිය මයික්‍රසොෆ්ට් ආයතනයෙන් ඉවත්වන්නට ඉඩක් නැති බවකි.

2014-04-05

Google වෙතින් wireless cell phone සේවාවක්!!!

  පලවන නවතම තොරතුරක් හෙලිකර සිටින්නේ Google ආයතනය විසින් තමන්ගේම wireless cell phone සේවාවක් කෙරෙහි අවධානය යොමුකරමින් සිටින බවකි. බොහෝ විට අලුත් අවකාශයන් වෙතට තම ව්‍යාපාරික ක්‍රියාකරීත්වයන් මුදා හරින්නට කැමැත්තක් දක්වන ආයතනයක් ලෙසට ගැනෙන මෙම  ආයතනය Android වෙතට දැක්වූ අවධානය මහත් ප්‍රසාදයක් ලබමින් වෙගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින්නකි. එසේම Google වෙතින් එන super-fast Google Fiber  අන්තර්ජාල සේවාව ක්‍රමයෙන් ‍තෝරා ගත් නගරයෙන් නගරයට මහත් ආකර්ශනීය බවක් සමග පැතිරෙමින් ඇත්තක් ලෙසට සැලකෙනවා. පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙම සේවාව දැනට එම ක්ශේත්‍රයේ ප්‍රමුකයන් වන AT&T, Sprint, T-Mobile, Verizon සේවාවන් සදහා හොඳ තරගයක් ලබා දෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. දැනට පැතිරෙන තොරතුරු වැඩි දුරටත් හෙලි කරන්නේ පදනම් මට්ටමේ සිට එම සේවාව ගොඩ නැගීම වෙනුවට මිලදී ගන්නා පවතින සේවාවන් අඩු මිල යටතේ නැවත අලවිකිරීම ඔවුනගේ උපංක්‍රමය විය හැකි බවකි. එය දැනට පවතින අනෙකුත් සේවාවන් සේම ඇමතුම් පහසුකමට අමතරව Text යැවීම මෙන්ම Internet භාවිතාවට සහයදීම සිදුකරනු ඇතිබවටත් නිවේදනය වනවා. සමහර විටක මෙම පිට්යවර ඔවුනගේ  Nexus-branded දුරකථන සදහා වැඩි අවධානයක් දිනා ගැනීම සදහාද  විය හැකි  බවටයි විචාරනය වන්නේ.

2014-04-03

Build 2014 හි Day 1 අවසන්වූයේ කැපී පෙනෙන සටහන් කිහිපයක්ම සමගිනි.

  මයික්‍රසොෆ්ට් ආයතනය තම අනන්‍යතාවයට නැවත සටහනක් ගෙනෙමින් Build 2014 පලමු දිනය අවසන් කරන්නට යෙදුනා. ආයතනයේ නව දැක්ම වූ උපාංග හා සේවාවන් ( tools and services) දෙසට මෙන්ම ක්ලවුඩ් හා මොබයිල්(mobile, cloud computing) දෙසට වන චලනය පිලිබදව කැපී පෙනෙන සටහන් කිහිපයක් තබන්නට මෙදින සමත්වනු ලැබුවා. ඒවා අතර "Universal Windows apps" හඳුන්වාදීම  එනම් Windows, Windows Phone හා  XBox One සඳහා එකම app මෘදුකාංගයක් නිර්මානය කිරීමේ අවස්ථාව app සංවර්ධකයින්ට ඉඩ ලබා දෙන Visual Studio 2013 නව යාවත්කාලීනයන් සමග පහදාදෙන්නට කටයුතු කිරීම , අඟල් 9ට අඩු Windows උපාංග වෙතට තම මෙහෙයුම් පද්ධතිය එවායේ OEM වෙතට නොමිලේ ලබා දෙන්නට(Phone 8.1 or Windows 8.1)  තීරනය කිරීම , windows 8 සමග පැන නැගුනු Start Memu අහිමි කිරීමේ ගැටලුව විසදමින් එය නැවත windows 8.1 Update 1 සමග නැවත පැමිනීම නිවේදනය වූවා.

2014-04-02

Build 2014 ඇරබේ. win. Phone 8.1 හා Win.8.1 update 1 නිවේදනය වේ!!!!

   මේ වන විට පැවතෙමින් ඇති හමුවක් ඔස්සේ මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙසට Windows 8.1 වල update 1 නිවේදනය කර සිටිනවා.  එසේම බලාපොරොත්තුවූ පරිදි Windows phone 8.1 සංස්කරනයද නිවේදනය කර සිටිනවා. Windows 8.1 Update 1 වලදී පෙර සංස්කරන දෙකටම වඩ වඩාත් Keyboard , Mouse හිතැති අංග වලින් සමන්විතව එය පැමින ඇති බවටයි නිවේදනය වූවේ.  නව දෘඩාංග නිෂ්පාදකයින් දෙදෙනෙකු හදුන්වාදෙමින් ඇරබූ හදුන්වාදීමේදී notifications වලට පැමිනෙන නව  Action Center ස්ක්‍රීනයේ ඉහල සිට swiping කිරීමක් ඔස්සේ අවදිකර ගන්නා ආකාරයේ සිට පැහැදිලි කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම නව Action Center ඔස්සේ නව ඊමේල් පිලිබදව තොරතුරු මෙන්ම ෆේස්බුක් නව පලකිරීම් පිලිබදව තොරතුරු හෙලිකරන්නටද කටයුතු කරනු ලැබුවා. එසේම භාවිතාකරන්නාට කැමති පරිදි Start screen backgrounds වලට  own photos එකතුකරන ආකාරයද පැහැදිලි කරනු ලැබුවා.
             එසේම Windows phone 8.1 සමග පැමින ඇති වඩාත් ආකර්ශනීය අංගය වන  Cortana voice command digital assistant පිලිබදවද තොරතුරු පැහැදිලි කරනු ලැබුව අතර වඩාත් මෙහෙයුම් පද්ධතිය තුලට එබෙමින් බාවිතාකරන්නාට අවශ්‍ය තොරතුරු වඩාත් නම්‍ය ලෙසට ගෙනෙන්නට මෙන්ම වඩාත් බුද්ධිමට්ටමෙන් ඉහල සහයක් ලබ දෙන්නට සමත්වන අයුරු පෙන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවා. මීට අමතරව new calendar view මෙන්ම නව නව App ලිස්ට් වන ආකාරයද පෙනවා දෙන්නට කටයුතු කරනු ලැබුවා. එසේම නව දුරකථන මෙහෙයුම් පද්ධතිය සමග public Wi-Fi hotspot වලට සම්බන්ද වන නව ආකාරය ගැනත් wordflow virtual keyboard ඔස්සේ "Shape Writing" නම් ක්ශනික සටහන් තබන අයුරුත් පැමින ඇති Internet Explorer 11 පිලිබදව තොරතුරුත් හදුනවා දෙන්නට කටයුතු කරනු ලැබුවා. මෙම Windows phone සංස්කරනය දැනට භාවිතාවන දුරකථන වෙතට ඉදිරි මාස කිහිපය තුලදීත් නව දුරකථන අප්‍රේල් අවසානයේ හෝ මැයි ආරම්භයේත් පැමිනෙන්නට නියමිත බවටයි නිවේදනය වූවේ.

2014-04-01

XP සමුගන්නට සතියකි. භවිතාව(Pcs) 27,69% කි.

  වසර 12ක සේවයකින් පසුව Windows XP මෙහෙයුම් පද්ධතිය නිල ලෙසට සමුගැනීමට ඉතිරිව ඇත්තේ තව සතියක කාල සීමාවකි. මෙම නිකුතුවෙන් අනතුරුව මේ වන විට Microsoft ආයතනය මෙහෙයුම් පද්ධති තුනක් පමන නිකුත්කරන්නට කටයුතු කල අතර Vista මෙහෙයුම් පද්ධතිය අසාර්ථක වූ මුත් ඉන් අනතුරුව පැමිනි වින්ඩෝස් 7 මෙන්ම මෑතම නිකුතුව වන වින්ඩෝස් 8 කෙමෙන් භාවිතයට පිවිසෙමින් තිබෙයි. ඒ අතර වාරයේ Windows XP භාවිතයෙන් භවිතාකරන්නන් ඉවත්කර ගැනීම සදහා එම ආයතනය නෙක ආකාරයේ ක්‍රමවේද හදුන්වාදුන් මුත් ආසන්නම වාර්ථාවක් පවසන්නේ තවමත් ලොව පුරා Pcs වලින් 27.69%ක්ම windows XP භාවිතාවෙමින් ඇති බවකි.  Net Applications ආයතනය වෙබ් අඩවි වෙත පැමිනීම් දස දහස් ගනනක් ඇසුරින් කරන ලද මෙම ගනනයන් පවසන්නේ තවමත් ලොව දෙවන වැඩිම භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතිය බවට වින් XP සිටින බවයි. එම වාර්ථා පවසන්නේ මේ වන විට ලොව වැඩිම භාවිතාවක් (Pcs අතරින්) ලබන මෙහෙයුම් පද්ධතිය වන්නේ  වින්ඩෝස් 7 වන අතර එය සංක්‍යාත්මකව 48.77% ලෙසට වන බවයි.
                   XP භාවිතාවේ අනතුරුදායක බව පැහැදිලි කරමින් මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ හානිකරයන් ලියන්නන්ගෙ වැඩි අවධානයක් ලබා ගන්නට මෙම දිනයෙන් පසුව ඇති ඉඩ සැලකීමේදී කලපනාකාරීවීම වැදගත් බවයි. සමහර විටක දැනටමත් මයික්‍රසොෆ්ට් නිල යාවත්කාලීනයන් ගෙන් තොරව භාවිතාකරන්නෙකුට වුවද එම නව ප්‍රවනතාවය සමග වැඩි අනතුරුදායකබවක් වන බවටයි හදාරන්නන්ගේ මතයද වන්නේ. 

දස වස සමරන Gmail සේවාව

  ඒ 2004 වර්ෂයේ අප්‍රේල් පලමු වෙනිදා වුවාය. ඒ වන විට නොමිලේ භාවිතාකල හැකි ඊමේල සේවාවන් දෙකක් විය. එනම් Yahoo හා Hotmail සේවාවන් දෙකයි. Google ආයතනය 1GB අවකාශයක් සමග හඳුන්වා දුන් Gmail සේවාව බොහෝ දෙනාගෙ අවධානය දිනා ගන්නට සමත්විය. හදාරන්නන් පසුකාලීනව මෙම  නව පැමිනීම විග්‍රහ කරන්නට යාමේදී එය ගෙන ආ වෙනස හඳුන්වන්නට "conversations" යන වදන යොදා ගැනීමේන්ම එය ඇතිකල වෙනස පිලිබදව යම් අදහසක් අපට ලබා ගන්නට හැකි වනු ඇත. දස වසක් ඇවෑමෙන් අද සලකන විට Gmail යනු ලොව ඊමේල් සේවාවන් අතරින් වැඩිම භාවිතාවක් ලබා ගත් සේවාව බවට පත්ව ඇත.
       Paul Buchheit විසින් තම පුද්ගලික ව්‍යාපෘතියක ලෙසට අරබන ලද මෙය පසුව Gmail team විසින් JavaScript මූලිකව ගොඩ නගන්නට මූලිකව කටයුතු කල බවට වාර්ථා වන අතර පසුව එවකට භාවිතාවෙ නොතිබුනු නවාංග රාශියක් HTML වැනි දියුනු කිරීම් සමග ගෙනෙන්නට කටයුතු කරන ලදී. ඉතා කුඩා ‍තෝරා ගත් අත්හදා බලන්නන් කන්ඩායමක් සමග ඇරබි එහි භාවිතාව කෙටි කලකින් කොතරම් ජනංප්‍රිය වීද යත් එහි Gmail invite codes නැතිනම් එම සේවාවට එක්වන ලෙසට ආයතනයෙන් නිකුත්කල ඇරයුම් පත් e Bay වැනි තැන් වල අලවියට තැබීම වැනි සිදුවීම් පවා සිදුවිය. අවසානයේ 2007 වසරේදී මෙම සේවාව සාමන්‍ය භාවිතාවට විවෘත වූ අතර වර්තමානය වන විට "Sponsored Links" වැනි දේ සදහා ඔවුන් ඊමේල වෙතට අනවසර එබී බැලීම් කරන බවට වන චෝදනා වැනි කාරනා සමගද ලොව වැඩිම භාවිතාවක් ලබන ඊමේල් සේවාව ලෙසට කැපී පෙනෙන සේවාවාක් සිටින අතරම ඔවුනගේ නව සංස්කරනයන් සමග අනෙකුත් ආශ්‍රිත සේවාවන් සමග ඒකා බද්ධ කරමින් ඊමේල් භාවිතාව වෙතට වඩාත් නම්‍ය ස්වරූපයක් ගෙන දෙමින් සිටී

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...