අන්තර්ජාල අවකාශයේ තවත් ඓතිහාසික දිනයක් ලෙස ගතවගිය දිනය සනිටුහන්වූවේ නිහඩවමය.එනම් IPv6 ප්‍රොටකෝලය ස්ථාවරව ක්‍රියාත්මක කරනු ලැබුවේ ඊයේ සිට වීමය. 1983 දී පමන අන්තර්ජාලය මුලින්ම හදුන්වා දෙන විට ඒ හා සම්බන්දවිය හැකි ලිපින අවකාශය(අයි.පී. ඇඩ්‍රස්) බිලියන 4.3 පිලිබදව සිතන ලද්දේ කිසිදිනක අවසන් නොවන සංඛ්‍යාවක් වනු ඇති බවය. එහෙත් පලවන වාර්ථා පවසන්නේ ආසන්න ලෙස මේ වන විට බිලියන 2.5 වන භාවිතාකරන්නන් සමග දත්ත උපකරන බිලියන 11 පමන සම්බන්ද වෙමින් පවතින බවයි.වේගයෙන් තදබදයෙන් පිරී යන අන්තර්ජාල අවකාශයට
IPv6 ප්‍රොටකෝලය හදුන්වාදෙමින් නැවත එම අවකාශය ට්‍රිලියන 360 කට වඩා විසල් අවකාශයක්බවට පත්කිරීමේ ව්‍යාපෘතිය ඊයේ නිල වශයෙන් ආරම්භ කලේ එල බෙන බොහෝ කාලයකට එම ගැටලුව නැවත හමු නොවනු ඇති බවට මහත් බලා පොරොත්තුවෙනි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-06-07
වින්ඩෝස් 7 භාවිතය මිලියන 600 ඉක්මවයි.....
මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා මේ වන විට වින්ඩෝස් 7 සදහා බලපත්‍ර මිලියන 600 කට වඩා නිකුත්කර ඇති බව. ඔවුනගේ දත්ත වාර්ථාවලට අනූව තවමත් වින්ඩෝස් 7 සදහා වන අලවිය ඉහල මට්ටමක පවතින බවටයි පැවසෙන්නේ. මයික්‍රසොෆ්ට් ඉතිහාසයේ විශාලතම හදුන්වා දෙමින් පෙල ගැස්මක් ඉදිරි කාලය සදහා සූදානමින් වෙමින් පවතින බවත් ඒ අතර වින්ඩෝස් 8 , වින්ඩෝස් ෆෝන් , ඔෆ්ෆීස් 15 , බින් හා ස්කයිප් සදහා නව වෙනස්කම් ආදීලෙසට වන බවයි පවසා සිටින්නේ. සේම මෙම කාලයේ සිට එලබෙන වසරේ ජනවාරිදක්වා වන කාලය තුල වින්ඩෝස් 7 සමග පරිගණකයක් මිලදී ගන්නා අයෙකුට ආකාර්ශනීය මිල අඩු කිරීමක් සමග එල බෙන ජනවාරියේ සිට වින්8 වෙත තම මෙහෙයුම් පද්ධතිය වෙත මාරුවීමේ හැකියාව ලැබෙන බවටත් පැවසෙනවා.
හදුන්වාදී වසර 11ක කාලයක් ගතව ගියද වින්ඩෝස් එක්ස්.පී තවමත් ලොව පුරා පරිගණක වලින් 45% භාවිතාවෙමින් පවතින බවට වාර්ථා පවසනවා.ඒඅනූව වින්ඩෝස් 7 භාවිතය 40.5% බවටයි සටහන් වන්නේ.
2012-06-06
එලබෙන 9 වෙනිදා ගැන භීතිය ව්‍යාජයක්ද???
එලබෙන 9වෙනිදා පිලිබදව පවතින අවධානය එක් පිරිසකට අනූව නම් "බොරු භීතියකි". තවත් පිරිසකට අනුව නම් කල්පනා කාරීව මුහුනදිය යුතු අවස්ථාවකි. ෆේස්බුක් ආයතනය වෙතින් පලවන නිවේදනයකට අනූව මේ වන විටත් ඔවුනගේ වෙබ් අඩවිය වෙත එන පරිගණක අතරින් "ඩී.එන් එස් චේන්ජර්" නම් ට්‍රෝජන ආකාරයේ පහරදීමෙන් ආසාධිත තත්වයේ පරිගණක හදුනා ගෙන එවා ඉවත්කිරීමට අදාල උපදෙස් දීමේ සේවාවක් අරබා තිබේ.
දැනට ගූගල් වෙතින්ද මෙම සේවාව ලබා දෙමින් සිටින අතර සරලව මෙම අනතුර ගැන පවසන්නේ පරිගණකයේ සැකසුම් තුලින් කරන අනවසර වෙනසක් තුලින් භාවිතාකරන්නා බලාපොරොත්තුවන වෙබ් අඩවිය වෙනුවට හානිකර ව්‍යාජ අඩවි වෙත යොකිරීමේ අවස්ථාව පහර දෙන්නන් විසින් ලබා ගැනීම සදහා ඔවුනගේ සර්වරයන් වෙත යොමුකරවා ගෙන ඇති පරිගණක මෙම දිනයේ දී අන්තර්ජාල භාවිතයෙන් ගිලිහීමට ඉඩ ඇත්තේ දැනටමත් බලධාරීන් විසින් මෙම ව්‍යාජ සර්වරයන් අත්පත්කරගෙන ඇති මුත් එලබෙන දිනයේදී ඒඅවා අඩපන කිරීමට නියමිත බැවිනි. බලධාරියන් විසින් මෙම ව්‍යාජ සර්වරයන් වෙත එන්නන් අදාල සැබෑ වෙබ් අඩවි වෙත යොමුකරලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර එල බෙන 8 වෙනිදා දක්වා කාලය ලබා ගත්තේ ආසාධිත පරිගණක හදුනා ගනිමින් ඒවා නිවැරදිකරගැනීම සදහාය.
හදාරන්නන්ට අනූව මෙම පහරදීම හදුනාගන්නා අවස්ථාවන වන විට ආසාධිත පරිගණක මිලියන 4 හදුනා ගෙන තිබූ මුත් මේ වනවිට එම ප්‍රමානය 350000 පමන වෙනු ඇති බවට අනුමාන කරමින් සිටිනවා.
2012-06-05
ෆොටෝෂොප් සදහා සරල විකල්පයක්.....
ඡායාරූපයක් සංස්කරනය කරගන්නට වීම සාමාන්‍ය පරිගණක භාවිතාවක් තුල නිරන්තරයෙන් හමුවන අවශ්‍යතාවයකි. මේ සදහා ප්‍රධාන පෙලේ මෘදුකාංග භාවිතය අපහසු වන්නේ අධික මිලගනන් විය හැක. නිදහසේ භාවිතකල හැකි උසස් මට්ටමේ හැකියාවක් ඇති මෘදුකාංගයක් මේ සදහා යොදා ගැනීම සමහරුන් යොදා ගන්නා විකල්ප හානිකර ක්‍රම වලට වඩා හැම අතින්ම යහපත්ය. නිදහස් මෘදුකාංගයක් හා ෆොටෝෂොප් සදහා සරල විකල්පයක් ලෙසට පැසසුම් ලබා ඇති මෙම මෘදුකාංගය පිලිබද වැඩි දුර විස්තර මෙන්ම බාගත කරගැනීමේ සබදතාවයන් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකි වනු ඇත.
http://www.gimp.org/
http://www.gimp.org/
වයස 13 අඩු දරුවන් සදහා ෆේස්බුක් ගිනුමක්??????
ෆේස්බුක් ආයතනය පවසනවා වයස වසර 13 ට අඩු දරුවන් සදහා තම දෙමාපියන්ගේ අධීක්ෂනය යටතේ ෆේස්බුක් ගිනුමක් අරබා පවත්වාගෙන යා හැකි ආකාරයේ තාක්ශනික මෘදු මෙවලමක් මේ වන විට නිර්මානය වෙමින් පවතින බව. දැනට ලොව වඩාත්ම භාවිතාවක් ඇති ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රකාශකයෙකු පවසන්නේ මෙම නව හදුන්වාදීම තුල වයස 13ට අඩු දරුවෙකුට තම තම පියාගේ හෝ මවගේ ෆේස්බුක් ගිනුමට සම්බන්දව ඔහුගේ හෝ ඇයගේ පාලනය යටතේ මෙම ගිනුම පවත්වා ගෙන යාහැකි වනු ඇති බවයි.තවමත් අවසාන තීර්නයක් ගෙන නොමැති මෙම හදුන්වාදීම පිලිබදව තම අදහස් පලකරන එම ප්‍රකාශකයා පවසන්නේ අන්තර්ජාලය තුල වයස වැනි සාධකයක් මත පාලනය පවත්වා ගෙන යාම එතරම් සාර්ථක නොවන යතාර්තයක්තුල මෙම විසදුම ගැන සලකා බලන්නට නියමිත බවයි. 2011 වසරේදී පැවති අන්තර්ජාල බලවතුන්ගේ හමුවකදී ෆේස්බුක් නිර්මාතෘ පවසා සිටියේ තමන් වයස 13 ට අඩු දරුවන් තම ජාලය වෙත කැදවන්නට අදහසක් නොමැති බවයි.
නිරෝගී පරිගණකයට සහය මෘදුකාංගයක් (2).....
ඔබ පරිගණකය වෙත මෘදුකාංගයක් ස්ථාපනය කිරීම ඉතා සරල කාරනයක් ලෙසට සලකනවා විය යුතුයි. එහෙත් විද්වත් මතය වන්නේ මෙලෙස ස්ථාපනය කරන මෘදුකාංගයෙන් මෘදුකාංගයට ඔබ සිතනවාට වඩා බරපතල බවක් දත්ත උපකරනය තුල සිදුවනු ඇති බවයි. ඔවුන් පවසනවා මෘදුකාංගයක් පරිගණකය වෙත ස්ථාපනයට පෙර සිතා බැලිය යුතු කාරනා අතර එම මෘදුකාංගයේ සැබෑ අවශ්‍යතාවය , පරිගණකය වෙත ගැලපීම මෙන්ම එහින් නිෂ්පාදකයාගේ විස්වාසනීය බව සැලකිය යුතු බවයි. එසේම පසු තීර්නයක් මත යම් මෘදුකාංගයක් පරිගණකයෙන් ඉවත් කිරීමට තීර්නය කල විට ඉතා ක්‍රමානුකූලව එම කාර්ය ඉටුකිරීම පරිගණකයේ යහ පැවැත්මට ඉතා වැදගත් වන බවටත් ඔවුන් පවසනවා.
පහත දැක්වෙන පරිගණකයෙන් මෘදුකාංගයක් ඉවත්කීරීමේදී භාවිතාකල හැකි මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග එන "අන්ස්ටෝලර්" මෘදුකාංගයට වඩා වැඩි තේරීම් අවස්ථා ලබා දෙන එකක් ලෙසට මෙන්ම විවෘත මෘදුකාංග ගනයේ හා "පෝටර්බල්" (ස්ථාපනය නොකොට භාවිතාකල හැකි ) මෘදුකාංගයක් ලෙසටයි ඔවුන් පවසන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම මෘදුකාංගය ගැන වැඩි දුර විස්තර හා බාගත කරගැනීමේ අවස්ථාව ඔබටද ලබා ගත හැකියි.
http://www.geekuninstaller.com/
ඩිජිටල් බව කියන්නේ නම්‍ය ඇදුමක් වගේ.....
"පරිගණකය නමින් වන සම්මත උපකරනය තවදුරටත් හුදකලාව පැවතීම වේගයෙන් අතාර්කික වෙමින් තිබෙනු දක්නට පුලුවන්. දෛනික ජීවිතය වටා ඇති උපකර අතර මුසුවෙමින් සැගවෙමින් වඩ වඩාත් ප්‍රායෝගික ජීවිතය තුලට පැමිනීමට ගන්නා උත්සාහය ඩිජිටල් අවකාශයේ වඩ වඩාත් ප්‍රකට වෙමින් පවතින ප්‍රවනතාවයක්. නවීනතම රූපවාහිනී යන්ත්‍රයක් යනු පරිගණකයක් හා රූපවාහිනී යන්ත්‍රයක් අතර සලකුනු වන උපකරනයක් වීම මෙයට හොදම උදාහරනයක්. මෑතසිට වේගයෙන් වර්ධනය වන Xbox භාවිතාව සමග එන "කර්නෙක්ට්" තාක්ශනය සාම්ප්‍රදායික දත්ත උපකරන මෙහෙයුම් උපංක්‍රමවෙත හොද විකල්පයක් වෙමින් තිබෙනු දක්නට පුලුවන්.
ඩිජිටල් බව කියන්නේ නම්‍ය ඇදුමක් වගේ, සාම්ප්‍රදායික ඩෙස්ටොප් පරිගණකය එම ඇදුමේ ආකෘතියයි. මෙම තාක්ශනය මතවූ අපූරුබවින් විස්මිතව මෙම ආකෘතිය තවදුරටත් ප්‍රදර්ශන භාන්ඩයක්ව තබා ගැනීමට වඩා නිවසේ මුලුතැන් ගෙයි භාවිතාවන පිහිතලය මතට පවා පැමිනෙමින් වඩ වඩාත් ප්‍රායෝගික ජීවිත විනිවිද යමින් පැතිරීයාම නුදුරු අනාගතයේම දක්නට හැකි වනු ඇති බවටයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ....."
(නන්නාදුනන දේශකයාගේ සටහන්......)
මයික්‍රසොෆ්ට් වෙතින් "ස්මාර්ට් ග්ලාස්" මෘදුකාංගය....
මයික්‍රසොෆ්ට් ආයතනය මෙම සතිය ආරම්භයේදී පැවති හමුවකදී පවසාඅ සිටියේ තම නව "ස්මාර්ට් ග්ලාස්" මෘදුකාංගය විවිධ දත්ත උපකරන අතර තොරතුරු බෙදා හදා ගැනීමේදී හොද සහයක් පලකරනු ඇති බවයි. මෙම පුවත් හමුවේදී ආයතනය වැඩි දුරටත් පැවසුවේ තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බ්‍රවුසරය ඉදිරියේදී Xbox හා එක්වීම සිදුවනු ඇති බවයි. මෙම හමුවේ තේමාවක් ලෙසට කැපී පෙනෙමින් තිබු අදහස වූයේ එලබෙන යුගයේ ඩිජිටල් ජීවිතයේ විනෝදාස්වාදනය සදහා නිවසේ මුල් තැන Xbox වෙතට හිමි වන්නට නියමිත බවයි.
ස්මාර්ට් ග්ලාස් මෘදුකාංගය සමග ඔබගේ ටැබ් උපකරනයෙන් නරබමින් සිටින වීඩියෝවක ඉතිරිය කිසිදු වෙනසකින් තොරව Xbox වෙත හෝ වෙනත් උපකරනයක් වෙත පහසුවෙන් හු8වමාරුකරගත හැකිවන අතරම Xbox වෙතින් එම වීඩෝව නරබන අතරතුර එම වීඩියෝව පිලිබද සියලු තොරතුරු ටැබ් උපකරනයෙන් ලබා ගත හැකි වනු ඇති බවටයි පැවසුනේ. මීට අමතරව මෙම හමුවේදී මයික්‍රසොෆ්ට් ආයතනයේ ඉදිරි පරිගණක ක්‍රීඩා සැලසුම පිලි බදවද තොරතුරු ඉදිරිපත් වූවා.
2012-06-03
නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්.......
පරිගණකයේ වේගය හොදින් පවත්වාගෙන යාම අනවශ්‍ය දත්ත ගොනු ඉවත්කිරීම වැනි කාරනා වලදී නොමිලේම භාවිතාකල හැකි මෘදුකාංගයක සහය ලබ ගැනීම ඉතා වැදගත් විය හැක. ඒ අතරින්ද මෙම මෘදුකාංගය නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් වඩාත් උපරිම සේවයක් ලබා දීමට කටයුතුකිරීම සැලකිය යුතුකාරනාවකි.
මෙම වැඩසටහනේ නිර්මාතෲන් පවසන්නේ සාමාන්‍ය පෞද්ගලික භාවිතයට පමනක් නොව වෘතීය මට්ටමේ භාවිතකරන්නන් සදහද මෙම මෘදුකාංගය සෑහෙන මට්ටමක පවතින බවයි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය ඔබටද නොමිලේ ලබා ගත හැකි වනු ඇත.
http://www.anvisoft.com/product/cloudsystembooster.html
2012-06-02
ඊයේ ෆේස්බුක් අඩවියේ දක්නට ලැබූ අපහසුතා සයිබර් පහරදීමක්ද????
නන්නාදුනන පහර දෙන්නන්ගේ කන්ඩායමක් පවසන්නේ ඊයේ දිනයේදී ෆේස්බුක් භාවිතාකරන්නන් හට අත්විදින්නට වූ අපහාසුතාවයන් තමන්ගේ පහරදීමක ප්‍රතිපලයක් බවයි. මෙම අපහසුතාවයන් අතර බහුලවම සටහන් වන්නේ තම ගිනුමට ඇතුලුවීමට සිදුවූ අපහසුතාවයන් බවටයි වැඩිදෙනුකු පවස සිටින්නේ. එම වාර්ථාවට අනූව ගතවගිය මාර්තුමසයේ කිහිප විටකම යුරෝපීය භාවිතාකරන්නන් වෙත ෆේස්බුක් අඩවිය සමග කටයුතුකිරීමේ දී ඇතිවූ අපහසුතාවයන්ද පහරදීම් වල ප්‍රතිපල ලෙසටයි එම කන්ඩායම් පවසමින් සිටින්නේ.
මෙම නන්නාදුනන කන්ඩායම් වෙතින් පසුගිය වසරේ අගෝස්තු මාසයේ මෙන්ම නොවැම්බර් මාසයේ ෆේස්බුක් ආයතනය වෙත පහරදීම් පිලිබද අනතුරු අගවා සිටිය මුත් සැලකිය යුතු මට්ටමේ අතපෙවීමක් ෆේස්බුක් වෙත කරන්නට ඔවුන් අසමත්වූ බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ.
2012-06-01
වින්8 අවසන් පෙර සංස්කරනය නිකුත්වේ.....
මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා වින්ඩෝස්8 සදහා නිකුත්වන අවසාන පෙර සංස්කරනය මේ වන විට තම වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව. 32 බිට් හා 64 බිට් ලෙසට ලබා ගත හැකි මෙම සංස්කරනය දැනට නිකුත්ව තිබූ පාරිභෝගිකයන් සදහා වූ සංස්කරනයේ සිට දියුනු කිරීම් රාශියකින් යුක්ත බවටයි ඔවුන් පවසන්නේ. මෙම නව සංස්කරනය අත්හදා බැලීමට කැමති අයවලුන් වෙත ආයතනය පවසන්නේ තම ප්‍රධානය පරිගණකය වෙත නව සංස්කරනය ස්ථාපනය කිරීමේන් වැලකෙන ලෙසටයි.නව සංස්කරනය සමග ආපසු පැරනි මෙහෙයුම් පද්දතිය වෙත පසු තල ගැන්වීමේ ක්‍රමවේදයකින් තොර නිසා ගැටලු සහගත විය හැකි බවටයි උපදෙස් දෙමින් සිටින්නේ. දැනට වින් 8 පාරිභෝගික සංස්කරනය භාවිතාකරන් නන් සදහා නව සංස්කරනයට උස්තල ගැන්වීමක් කල හැකි මුත් ඒ සමග පෙර භාවිතාකරමින් තිබූ දත්ත ගොනු මැකී යා හැකි බවේ අනතුරු ඇගවීම ආයතනය පලකර සිටිනවා.
තවමත් අවසන් සංස්කරනයක් නිකුත්කිරිමේ නිශ්චිත වකවානුවක් පලනොකරන මුත් විචාරකයන් බලපොරොත්තු පලකරන්නේ මෙම වසර අවසනයට පෙර එය සිදුවනු ඇති බවටයි. ටැබ්ලට් ආකාරයේ පරිගණක උපකරන මූලිකව ඉලක්ක කොටගෙන නිමවා ඇති නව මෙහෙයුම් පද්ධතියේ මීට පෙර සංස්කරනය නිකුත්කර පලමු පැය 24 තුලදී බාගත කිරීම් මිලියන 1කට වඩා බාගත කිරීම් වාර්ථා වූ බවට සටහන් වන අතර ආයතනය පවසන්නේ මෙතෙක් මෙහෙයුම් පද්ධතියක් ලත් වැඩිම අත්හදා බැලීමේ සංස්කරනයක බාගතකිරීමේ සංස්ක්‍යාව එය වන බවයි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම නව සංස්කරන ඔබටද ලබා ගත හැකි වනු ඇත.
http://windows.microsoft.com/en-US/windows-8/iso
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...








