2025-03-11

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් නම්‍ය  ඉලේක්ට්‍රොනික  බවක් ලබමින් ඔබ මොබ ගලා යන්නේ ක්ෂනකයකින් පමනක් නොව වෙනස්ද වන්නේ මහත් ක්ෂනයකින් වීම අපේ අද ජීවිතය වටා හාත් පසින් නිරන්තරයෙන් දකින්නට හැකි වන්නක්.මේ බව අපේ සාම්ප්‍රධායික ජීවිත ආකෘති මහත් සේ අභියෝගයට ලක් කර තිබෙනවා. සමාජජාලා යුගය මේ වෙනසෙහි ප්‍රමුක ගාමකය බව දැන් වෙන කොට අප පැහැදිලිව හඳුනාගනිමින් සිටිනවා. බොහෝ විට මේ අස්ථාවර වන අනන්‍යතා ගැටළුවට අපගෙන් එන අවිඥානික විසඳුම වන්නේ බහුල භාවිතාවක් වෙමින් ඇති ටැටූ  ගසා ගැනීම පැහැදිලි කර ගන්නට පුලුවන්.
Pubudu Siriwansa


 

2025-03-10

SOCIAL NETWORK


 සමාජජාලා යුගය අපගේ කැමැත්ත ප්‍රථිව්‍යහගත කර ඇත. සරලවම එය තව දුරටත් ඔබගේ ඇස, කණ, මනස සංතර්පනය කර වීම වෙනුවට සැබෑ නොවන අනෙකුන්ගේ Likes, Comments, Shares වලට ඌනනය කර දමා ඇත. එක් අතකින් මෙය ප්‍රාග්ධන සමුච්ඡන යාත්‍රනයකි. තව අතකින් නිසරු අවකාශකට ඔබව  කැඳවාගෙන යාමකි. මම මෙසේ යෝජනාකරන්නට කැමැත්තෙමි. මොහොතකට සැලකිල්ලෙන් බලන්න "ඔබට" සැබෑවට කැමති වන්නටකිසිදු හේතුවක් නැති කොතරම් දෙකට කැමති වී, අගයා පමනක් නොව අත්දකින්නට පවා පෙලබී ඇතුවාද කියා.

Pubudu Siriwansa

SOCIAL NETWORK


 අපගේ විනෝදය අනෙකාගේ පාලනයට යටත් කරවීම සමාජ ජාලා යුගයේ ප්‍රමුක ලක්ෂණයවේ. Likes, Comments, Shares යනු ඔබේ විනෝදයේ පරිමිතය වී ඇති ආකාරය පුද්ගල අර්ථවල සිට රාජ්‍ය අර්ථ දක්වාම බහුලව හාත්පසම දැකිය හැක්කකි. හොදම උදාහරණය නම් පෙර ආකෘතිය යටතේ නම් කිසිසේත්ම ඔබ කැමති නොවන අපමනක් දේ වලට සමාජජාලා යුගයේ ඔබ කැමැති වී ඇති ආකාරය ඔබටම විස්මය ඇති කරවන්නකි.

Pubudu Siriwansa

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...